පලාත් මට්ටමින් මුළු දිවයින ම ආවරණය කරමින් ආරම්භ කර ඇති "ගම සමග පිළිසඳර" වැඩසටහන තාවකාලිකව නවත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති කාර්ය සාධක ප්‍රධානි බැසිල් රාජපක්ෂට
දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
 
ජනාධිපතිවරයා එවැනි දැනුම්දීමක් කර ඇත්තේ, මෙම ව්‍යාපෘතිය පැහැදිලිවම බැසිල් රාජපක්ෂගේ ප්‍රතිරූපය නංවාලීම සඳහාත්, ඔහුගේ ගෝලබාලයින්ට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ජයග්‍රහණය කරවීම සඳහාත් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් බවට ආණ්ඩුවේ ප්‍රබලයින් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට කළ දැනුම්දීමකින් පසුව බව පැවසේ. 
 
මෙය බැසිල් රාජපක්ෂට පක්ෂපාතී නොවන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කොන්කරමින් සිදුකරන්නක් බැවින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ විරෝධය එල්ලවී ඇතැයි ද එම මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාට පෙන්වාදී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග තවදුරටත් පවසයි.
 
 2021 අය වැය ගම මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා "ගම සමග පිළිසඳර" වැඩ සටහන බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය 14 දා මාතරින් ආරම්භවිය.
 
එය ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ අලුත් ව්‍යාපෘතිය බැසිල් රාජපක්ෂගේ 2024 ජනාධිපතිවරණය ඉලක්කකර ගනිමින් සිදුකරන්නක් බවට ය.
 
මෙම වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සටහනක් පළකර තිබිණ. rajith keerthi tennakoon
 
 
 ''රුහුණු විශ්වවිද්‍යාලයේ තාගෝර් ශාලාවෙන් අද බැසිල් රාජපක්ෂ 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන
වගයි.'' - හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකොන්
 
''අපි නවත්වන්නේ නැහැ.''
 
 
බැසිල් රාජපක්ෂ විසින් මෙසේ ආරම්භ කල "ගම සමග පිළිසඳර" වැඩසටහන තාවකාලිකව අත්හිටුවන්නැයි ජනාධිපතිවරයා දැනුම් දී ඇද්දැයි මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන බැසිල් රාජපක්ෂගේ ප්‍රධානතම ආධාර කරුවකුගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුයේ එවැන්නක් ගැන මෙතෙක් කිසිවක් නොදන්නා බවයි.
 
'' ඇයි ජනාධිපතිතුමා එහෙම නියෝගයක් දෙන්නේ.? මේක ජනාධිපතිතුමා ගොඩදාන වැඩක් නේ. දැන් අපේ මිනිස්සුන්ගේ 'මොරාල් එක' දවසින් දවස පල්ලම් බහිමින් යන වෙලාවක්. 69 ලක්ෂයේ බලාපොරොත්තු දවසින් දවස  බිඳ වැටෙන වෙලාවක්. 
 
බැසිල් ලොක්කා මේ හදන්නේ අයෙත් ගමෙන් ගමට ගිහිල්ල ඒ තත්වය යම්තරමකින් හරි පැච් කර ගන්න. 
 
කොහොමටත් බැසිල් මහත්තය යම් වැඩක් ආරම්භ කරන්නේ අතරමග නවත්වන්න නෙමෙයි. දැන් අපි රජයේ නිලධාරීන් සමග ගමේ මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්න හඳුනගෙන පළාත් මට්ටමින් වැඩ ආරම්භ කලා . දිස්ත්‍රීක් මට්ටමිනුත් පටන්ගන්නවා. මාස කිහිපයක් තුල ප්‍රදේශය සභා මට්ටමට ම යනවා. එක එක්කෙනා කේලම් කීවට මේ වැඩේ නවත්වන්නේ නැහැ. එපා කිව්වත් කරනවා'' ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. 
 
 
සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්