සීනි ආනයනය සම්බන්ධව ආණ්ඩුවෙන් අයුතු සහනයක් ලබා රජයට විශාල පාඩුවක් සිදු කළ
බවට කතාබහට ලක්වූ රාජපක්ෂවරුන්ට හිතවත් සමාගමට පොල් තෙල් ආනයනයේදී තවත් බදු වංචාවකට ආණ්ඩුව විසින් ඉඩ ලබා දී ඇතැයි වාර්තා වී තිබේ.
වෙළඳපොළට පිසින තෙල් සපයීමද කරනු ලබන මෙම සමාගමට මෙම ආනයන බදු වාසිය ලබා දී ඇත්තේ පසුගිය දෙසැම්බර් 15 දින සිට මාස 06ක කාලසීමාවක් සඳහා මුදල් ඇමතිවරයා විසින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද 2206/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගිනි.
පසුගිය ජූනි 26 වැනි දින මාසයේ මුදල් අමතිවරයා විසින් අත්සන් කරන ලද 2181/23 අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව අදූෂිත පොල් තෙල් සඳහා බදු ප්‍රමාණය සඳහන් වූයේ කි.ග්රෑ. 01කට රු. 150ක් ලෙසය.
ඉන්පසුව ජූලි 10වැනි දින නිකුත් වූ තවත් අති විශේෂ ගැසට් නිවේදනයකින් මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළේ පොල් තෙල් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝග්රෑමයකට රු. 25ක් අත්හරිනු ලැබිය යුතු බවය.
ඉන්පසුව ජූලි 10වැනි දින නිකුත් වූ තවත් අති විශේෂ ගැසට් නිවේදනයකින් මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළේ පොල් තෙල් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝග්රෑමයකට රු. 25ක් අත්හරිනු ලැබිය යුතු බවය.
එය ජූලි 11වැනි දින සිට මාස 06ක කාලයකට වලංගුව පැවතිය යුතු බව එහි සඳහන් විය.
මෙසේ තිබියෙදී මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් දෙසැම්බර් 14වැනි දින අත්සන් තබන ලද අති විශේෂ ගැසට් පත්‍රය කියා සිටින්නේ ආනයනික පොල් තෙල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බදු කි.ග්රෑ. 01කට රු. 125ක් වන බවය.
ජූලි 10වැනි දින නිකුත් කරන ලද ගැසට්ටුව අනුව රු 25ක් ඉවත් කරනු ලැබීම වලංගුව තිබියෙදීම කි.ග්රෑ. 01කට රු. 125ක් පැනවීම යනු මේ වන විට පොල් තෙල් කිලෝග්රෑමයකට අදාළව ක්‍රියාත්මක වන්නේ රු 100ක බද්දක් බවය.
මේ අනුව ජුනි 26වැනි දින වන විට ආනයනික පොල් තෙල් කි.ග්රෑ. 01කට පැවති රු. 150ක බදු මුදල රු. 50කින් අඩු වී තිබීම විශේෂයකි.
කෙසේ වුවද මෙම වාසිය මහා පරිමාණ ආනයන සමාගම්වලට ලැබෙද්දී පොල් තෙල් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයට ලැබී නැත.
පසුගිය ජූනි 25 වන විට පොල්තෙල් ලීටරයකට රු. 380ක් ගෙවූ පාරිභෝගිකයාට දෙසැම්බර් 17 වන විට ලීටරයකට ගෙවීමට සිදු වී ඇති මුදල රු. 480කි.
''පසුගිය ජූනි 25 වන විට පොල්තෙල් ලීටරයකට රු. 380ක් ගෙවූ පාරිභෝගිකයාට දෙසැම්බර් 17 වන විට ලීටරයකට ගෙවීමට සිදු වී ඇති මුදල රු. 480කි.''
(lankatruth.com)