පසුගිය කාලය පුරා මෙරට ජනයාගේ මානව හිමිකම් සුරැකීමේ ලා
ආදර්ශමත් සේවයක නියුතු වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි වත්මන් කොමසාරිසුවරුන් සහ කොමසාරිස්වරියන් ඉවත් කොට ජනාධිපති රාජපක්ෂ විසින් තමන්ට ගැති දේශපාලනඥයකු එහි සභාපති වශයෙන් පත්කර තිබේ.
 
නව සභාපතිවරයා වන ආචාර්ය ජගත් බාලසූරිය රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු වන අතර දීර්ඝ කාලයක් පුරා රාජපක්ෂවාදී දේශපාලනයක යෙදෙන අයෙකි.
 
පාර්ලිමේන්තු මංත්‍රී මුජිබර් රහමන්ට අනුව ජගත් බාලසූරිය කෑගල්ලේ දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ සංවිධායක වශයෙන්ද කටයුතු කරයි.
 
ඔහු රාජපක්ෂ පාලනයන් යටතේ, ආන්ඩුකාරවරයකු සහ ඇමැතිවරයකු ලෙස ක්‍රියා කර තිබේ.
 
වත්මන් ආන්ඩුවේ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා වන ඔහුගේ පුත් තාරක බාලසූරිය සිය අමාත්‍යාශයේ වැඩ බාරගනිමින් කියා සිටියේ මානව හිමිකම් දියුණු කිරීම අවශ්‍ය වන්නේ බටහිර රටවල අවශ්‍යතාව මත නොවන බවත්, ලෝකයේ බලවත් රටවල් මානව හිමිකම්, මාධ්‍ය නිදහස වැනි දෑ පාවිච්චි කරමින් දුප්පත් රටවල අභ්‍යන්තරයට ඇඟිලි ගසන බවය.
 
''වත්මන් ආන්ඩුවේ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා වන ඔහුගේ පුත් තාරක බාලසූරිය සිය අමාත්‍යාශයේ වැඩ බාරගනිමින් කියා සිටියේ මානව හිමිකම් දියුණු කිරීම අවශ්‍ය වන්නේ බටහිර රටවල අවශ්‍යතාව මත නොවන බවත්, ලෝකයේ බලවත් රටවල් මානව හිමිකම්, මාධ්‍ය නිදහස වැනි දෑ පාවිච්චි කරමින් දුප්පත් රටවල අභ්‍යන්තරයට ඇඟිලි ගසන බවය.''
 
ජගත් බාලසූරිය ගේ බිරිද කුමාරි බාලසූරියද ආණ්ඩුකාරවරියක ලෙස 2006- 2-15 දක්වා සේවය කළ අතර දැන් සිය පුතා වන තාරක බාලසූරියගේ පුද්ගලික ලේකම්වරිය ලෙස සේවය කරයි.
 
මෙයට පෙර රදීකා කුමාර්ස්වාමි, දීපිකා උඩගම වැනි මානව හිමිකම් ක්ෂේත්‍රයේ නම් රැන්දු විශිෂ්ඨයින් විසින් දරන ලද මෙම තනතුර දේශපාලනඥයකුට ලබාදීම මගින් රාජපක්ෂ දේශපාලනයේ නිරුවත යළිත් හෙළි වී ඇතැයි, මානව හිමිකම් ක්‍රියාකාරීහු පවසති. 
 
තවද එමගින් පෙන්නමු කරන්නේ ඉදිරි කාලයෙහි මෙරට මානව හිමිකම්වලට අත්වීමට නියමිත ඉරණම බවද ඔව්හු සදහන් කරති.
 
(Sri Lanka Brief)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්