ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
එම සන්ධානයෙන් ඉවත්ව වෙනම කටයුතු කිරීම සඳහා අභ්‍යන්තර සාකච්ඡාවක නිරත වෙමින් සිටින බව ‘දිවයින ඉරිදා' පුවත්පත අනාවරණය කරයි.
එම පක්ෂයේ ඉහළ නායකයන් මේ වන විට මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී සාකච්ඡා කර ඇති අතර එහිදී ආණ්ඩුව තම කණ්ඩායමට දක්වන නොසැලකිල්ල ට යම් රැඩිකල් ප්‍රතිචාරයක් දැක්විය යුතු බවට බහුතරයකගේ කැමැත්තෙන් එකඟතාවකට පැමිණ ඇතැයි එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු අවසන් නොවීම ඉහත තීරණය ගැනීම ප්‍රමාද කිරීමට හේතුවක් වී ඇති බවත් එම කොමිසමේ අවසන් විමර්ශන වාර්තාව අනුව ඉදිරි තීරණ ගැනීමට නියමිත බවත් 'දිවයින' පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව සමගි ජන බලවේගය සමඟ එක්වී පුළුල් සන්ධානයකින් යුතුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමේ සුදානමක් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.