ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි
ඇතැමුන් සමාජගත කර ඇති චෝදනාව පදනම් විරහිත සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් යැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය පවසයි.
 
 ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකා විදුලිබල පනතට අනුව විදුලි ජනන සැලසුම් අනුමත කිරීම සහ අනුමත විදුලි ජනන සැලසුමේ එන විදුලි බලාගාර සදහා මිල ගණන් කැඳවීමේ අනුමැතිය සහ මිලදී ගැනීමේ ගිවිසුමට අනුමැතිය ලබා දීම කොමිෂන් සභාවට පැවරී ඇති බවයි.
 
 "ඒ අනුව කොමිෂන් සභාව විසින් අඩු වියදම් බලාගාර ඉදිකිරීම සදහා ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය පූර්ණ සහාය හා අනුමැතිය ද ලබා දී තිබේ."
 
 "කොමිෂන් සභාව විසින් අඩු වියදම් බලාගාර ඉදිකිරීම සදහා ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය පූර්ණ සහාය හා අනුමැතිය ද ලබා දී තිබේ."
 
සේවක සංගමය විසින් එම නිවේදනය නිකුත් කර ඇත්තේ මහජනතාවට සපයනු ලබන විදුලිය, ඉන්ධන හා ජලය ඇතුළු සේවා නියාමනයෙන් පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලද කොමිසම අහෝසි කිරීමට ජනාධිපතිවරයා සැලැසුම් කිරීමත් සමගය.
 

SR Attigala PBජනාධිපති ලේකම් ආචාර්ය පුංචි බණ්ඩාර ජයසුන්දර විසින් භාණ්ඩාගාර ලේකම් සජිත් රුචිර ආටිගල වෙත මේ මස මුලදී දැනුම් දී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම වසා දැමීමට පියවර ගන්නා ලෙසයි.

 
එයින් සතියක් ඇවෑමෙන් මහාචාර්ය කිත්සිරි ලියනගේ, මහාචාර්ය කපිල පෙරේරා, චන්ද්‍රා ඒකනායක ආචාර්ය නිශාන් ද මැල් සහ සඳුන් ගමගේ යන කොමසාරිස් වරු කොමිසමෙන් ඉල්ලා අස්වූහ.
 
2002 දී සම්මත කරගන්නා ලද පනතක් මගින් පිහිටුවන ලද කොමිසමට කොමසාරිස් වරුන් පත් කරනු ලබන්නේ පස් අවුරුද්දකට වතාවකි.
 
ඉදිරියේදී සම්මත කරගැනීමට නියමිත අලුත් පනතක් මගින් මහජන උපයෝගිතා කොමිසමේ රාජකාරි විදුලි බල මණ්ඩලයට සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පවරනු ඇති බව ජනාධිපති ලේකම් විසින් භාණ්ඩාගාර ලේකම්ට යවන ලද ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
 
වැඩි මිලට විදුලිය විකිණීමට දරන ලද වෑයම් පරාජය කිරීමට සමත් වූ මහජන උපයෝගිතා කොමිසම අහෝසි කර දැමීමෙන් ජනතාව පීඩාවට පත් වීමට ඇති අවදානම ගැන එම ආයතනයේ වෘත්තීය සමිති අනතුරු අඟවයි.
 
''වැඩි මිලට විදුලිය විකිණීමට දරන ලද වෑයම් පරාජය කිරීමට සමත් වූ මහජන උපයෝගිතා කොමිසම අහෝසි කර දැමීමෙන් ජනතාව පීඩාවට පත් වීමට ඇති අවදානම ගැන එම ආයතනයේ වෘත්තීය සමිති අනතුරු අඟවයි.''
 
දිගුකාලීන අඩු වියදම් විදුලි ජනන සැළසුම් යටතේ 2016-2020 කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙගාවෝට් තුන් සීයක (300MW) ප්‍රධාන විදුලි බලාගාර 3ක් සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇති අතර එම කාලය තුළ අනුමැතිය සඳහා යොමුකරන ලද දීර්ඝ කාලීන විදුලි බලාගාර පිළිබඳ විස්තර සහ ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව ගෙන ඇති පියවරත් එම නිවේදනය මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය පෙන්වා දී තිබේ.
 
 
01. මෙගාවෝට් තුන් සීයක (300MW) පළමු ද්‍රවිකෘත ස්වභාවික වායූ (LNG) බලාගාරය
 
මෙම බලාගාරය ඉදිකිරීම සදහා මිල ගණන් කැඳවීමේ අනුමැතිය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් 2016.නොවැම්බර් 15  දින ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලා ඇති අතර දින දෙකක් තුළ එනම් නොවැම්බර් 17  වන දින ඒ සදහා වන අනුමැතිය කොමිෂන් සභාව විසින් ලබා දී ඇත.
 
 එහෙත් මිල ගණන් කැඳවීමේ කටයුතු සඳහා වසර හතරක්  ප්‍රමාද කිරීමෙන් අනතුරුව 2020 ඔක්තෝබර් 09  වන දින මිලදී ගැනීමේ ගිවිසුමට අනුමැතිය සදහා මෙම කොමිසමට යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය පවසන්නේ.
 
 "ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2020.11.25 වන දින එනම් 2020.10.09 දිනෙන් පසුව එළඹෙන පළමු කොමිෂන් සභා රැස්වීමේදීම (දින 47ක් ඇතුළත) ඊට අනුමැතිය ලබා දී ඇත."
 
 
02. මෙගාවෝට් තුන් සීයක (300MW) දෙවන ද්‍රවිකෘත ස්වභාවික වායූ (LNG) බලාගාරය
 
දිගුකාලීන විදුලි ජනන සැලැස්ම යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කරන ලද මෙම බලාගාරය ඉදිකිරීම සදහා මිල ගණන් කැඳවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය 2017 ජුනි 29  වන දින තීරණය ලබා ගෙන තිබුණ ද වසර තුනකට අධික කාලයක් ප්‍රමාද කිරීමෙන් අනතුරුව 2020 සැප්තැම්බර් 18  වන දින මෙම බලාගාරය සදහා මිල ගණන් කැඳවීමට කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇත.
 
 ඒ අනුව කොමිෂන් සභාව විසින් මාසයක කාලයක් තුළ එනම් 2020 ඔක්තෝබර් 22  වන දින ඒ සදහා වන අනුමැතිය ලබා දී ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලය විසින් දෙසැම්බර් 17 දක්වා  මිල ගණන් කැඳවා නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය පෙන්වා දෙයි.
 
එම සංගමය අවධාරණය කරන්නේ ඉහත අවස්ථා දෙකෙහිදීම අදාළ අනුමැතීන් ලබා දී ඇත්තේ කොමිෂන් සභාව විසින් රටට හා ජනතාවට වඩා හිතකර වන පරිදි යෝජනා කරන ලද අවශ්‍ය සංශෝධන ලංකා විදුලිබල මණ්ඩලය පිළිගැනීමෙන් අනතුරුව බවයි.
 
එම සංගමය අවධාරණය කරන්නේ ඉහත අවස්ථා දෙකෙහිදීම අදාළ අනුමැතීන් ලබා දී ඇත්තේ කොමිෂන් සභාව විසින් රටට හා ජනතාවට වඩා හිතකර වන පරිදි යෝජනා කරන ලද අවශ්‍ය සංශෝධන ලංකා විදුලිබල මණ්ඩලය පිළිගැනීමෙන් අනතුරුව බවයි.
 
 
03. මෙගාවෝට් තුන් සීයක 300MW ක නොරොච්චෝලේ ගල් අගුරු බලාගාර දිගුව
 
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය  සිය ප්‍රවෘත්ති නිවේදනය මගින් තව දුරටත් පෙන්වා දෙන්නේ කොමිෂන් සභාව අනුමැතිය දුන් 2018-2037 දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අනුව 2022/12/31 දිනයට 300MW ක ගල් අගුරු බලාගාරයක් සාදා නිමකිරීමට නම් ඊට අදාළව කොමිෂන් සභාවේ අනුමැතිය 2018 වසර මැද භාගය වනවිටවත් ලබා ගත යුතු බවයි.
 
 නමුත්, වසර දෙකහමාරක් ප්‍රමාද කොට, නිසි ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටියට පටහැනිව තරඟකාරී නොවන අයුරින් එක් පාර්ශවයක් සඳහා මෙම බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය ලබාදීමට 2020 සැප්තැම්බර් 4  දින ඊට අදාළ අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි එම සංගමය පවසන්නේ.
 
 "එහෙත් මිළදී ගැනීම් සම්බන්ධයෙන්; මිළදීගැනීම් සම්බන්ධ රීති සහ එම පනතේ වගන්තිවලට අනුකූලව කටයුතු කරන ලෙස සහ විදුලිබල පනතට අනුව පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන මෙන් කොමිෂන් සභාව විසින් 2020.10.15 දිනැති ලිපිය මගින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත දන්වා යැවූ අතර ඒ අනුව ඊට අදාළව පිළිතුරු පිලියක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2020.10.27 දින කොමිෂන් සභාවට යොමු කර ඇත. "
 
නමුත්  මේ වනවිට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට කොමිෂන් සභා සාමාජිකයන් පත් කර නොමැති හෙයින් එම පිළිතුරු ලිපියට අදාළව අවශ්‍ය පියවර ගැනීම සදහා එය කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය පෙන්වා දෙයි.
 
 එම සංගමයේ සභාපති විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය මගින් තව දුරටත් පෙන්වා දෙන්නේ, විදුලි බලාගාර සැලැසුම් සහ එම බලාගාරවලට මිල කැඳවීම් සදහා අනුමැතිය ලබාදීමෙන් නොනැවති එම සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව කොමිෂන් සභාව අධීක්ෂණය ද කර ඇති බවයි.
 
 "2016 වර්ෂයේ සිට විදුලි බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයක් ඇති බව අමාත්‍ය මණ්ඩලයටත්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයටත් ලිඛිතව කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇත."
 
 එම දැනුම් දීම් මත විදුලිබල අමාත්‍යංශ ලේකම්වරයා විසින් 2017 ජුනි 15 වන දින ලංකා විදුලිබල මණ්ඩයට ඉදිරිපත් කර  ඇති ඇති ලිපිය මගින් විදුලි බලාගාර ඉදිකිරීම ප්‍රමාදයට හේතුව බලාගාර අනුමත කිරීමේ ප්‍රමාදයක් නොව බලාගාර සදහා මිල කැඳවීම් සහ එම බලාගාර ඉදිකිරීම් ප්‍රමාදයක් බව සනාථ කර ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය පෙන්වා දෙයි.
 
''විදුලිබල අමාත්‍යංශ ලේකම්වරයා විසින් 2017 ජුනි 15 වන දින ලංකා විදුලිබල මණ්ඩයට ඉදිරිපත් කර  ඇති ඇති ලිපිය මගින් විදුලි බලාගාර ඉදිකිරීම ප්‍රමාදයට හේතුව බලාගාර අනුමත කිරීමේ ප්‍රමාදයක් නොව බලාගාර සදහා මිල කැඳවීම් සහ එම බලාගාර ඉදිකිරීම් ප්‍රමාදයක් බව සනාථ කර ඇත.''
 
එමෙන්ම ජනතාව වෙත බර පැටවෙන, අධික මිල ගණන් යටතේ මිලදී ගැනීමට පසුගිය කාල සීමාව තුළ කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලූ එහෙත් අනුමැතිය නොදුන් හදිසි විදුලි බලාගාර බලාගාර පිළිබඳව සහ අනවශ්‍ය හදිසි මිළදී ගැනීම් සඳහා අනුමැතිය ලබා නොදීම හේතුවෙන් කොමිෂන් සභාව විසින් ජනතාවට ඉතුරු කර දී ඇති මුදල් පිළිබඳ තොරතුරු ද ඉදිරියේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්