ජාතික හෙළ උරුමයෙන් පසුගියදා ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක
ඇතුළු කණ්ඩායම '43 සේනාංකය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යයි.
 
'ඉලක්කමක් නොවේ පරම්පරාවක්' යන තේමාවෙන් යුතු එම දේශපාලන ව්‍යාපාරයේ පදනම ලෙස යොදාගෙන ඇත්තේ 1943 නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ 'නිදහසේ දරුවන්' ය.
 
පසුගිය මහ මැතිවරණයෙන් පසු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව නිහඬව සිටි පක්ෂ - විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් රාශියක් හා සංවිධාන රාශියක් මෙම දේශපාලන ව්‍යාපෘතිය සඳහා ඒකරාශිකර ගැනීමට පාඨලී චම්පික මේවනවිට සමත්ව ඇත.
 
ප්‍රකට දේශපාලන ක්‍රියාකාරියකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක ඇතුළු දේශපාලන ක්‍රියාධරයින් රාශියක් මෙම අලුත් වැඩසටහන සමග ඒකරාශී වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
 
43
 
බ්‍රිතාන්‍ය ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා වූ ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර (C.W.W. කන්නන්ගර)විසින් 1943 දී නිදහස් අධ්‍යාපන පනත සම්මත කරමින්, පළමු වසරේ සිට විශ්වවිද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද සියලු දරුවන්ට හිමිකර දීමට පුරෝගාමී විය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්