කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු ඔවුන්ගේ මාතෘ භුමියේ භුමදානය නොකොට
ආදාහනය කිරීමට ලක් රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුලින් මතුවන නොසතුට පුළුල් වෙමින් පවතී.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු වලට අවහිර නොකරන තිරණයක් ගෙන තිබෙන අතර අන්තවාදී මතයකින් බැහැර, බුද්ධිමත්ව කටයුතු කරන වගකීමක් රටට ඇති බව මේ ආණ්ඩුවෙන්  ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කොට තිබේ.
 
"අවස්ථාවාදී දේශපාලන විරෝධතා දුරු කළ යුතුය. යහපත් සමාජ දෘෂ්ටිවාදයක් පතුරවන ව්‍යායාමයකට හැරවිය යුතුය," යි හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ පවසයි.
 
ඔහු ඒ බව සදහන් කර ඇත්තේ "සියලු ආගමික - ජාතික සිරිත් විරිත්වලට ගරුකරමු" මැයෙන් දෙසැම්බර් 16 වැනි බදාදා ලංකාදීප පුවත්පතට ලියු ලිපියක් මගිනි.
 

Milinda M Lankadeepa

ඉස්ලාම් භක්තිකයන්  කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත් වුවහොත් ඔවුන්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කරන විධිවිධාන ගැන බලවත් විවාදයක් පවතින බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා අවධාරණය කරන්නේ අනෝන්‍ය අවබෝධයක් ඇති, සමාජ සංස්කෘතින්ට ගරු කරන උසස් සමාජයක් වශයෙන් මධ්‍යස්ථ විසදුමකට එළැඹීම සුදුසු බවයි.
 
අසල්වැසියාගේ මරණය සංහිදියාව ඇති කරන පියවරක් බවට හරවා ගැනීමට යෝජනා කරන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ, වයිරසයෙන් ඇති වී ඇති අනතුර සලකා සිරුර ආදාහනය කිරීමට තීරණය කිරීම ඉස්ලාම් ආගමිකයන්ගේ විශ්වාසයන්ට අභියෝග කිරීමක් ලෙසිනි.
 
අසල්වැසියාගේ මරණය සංහිදියාව ඇති කරන පියවරක් බවට හරවා ගැනීමට යෝජනා කරන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ, වයිරසයෙන් ඇති වී ඇති අනතුර සලකා සිරුර ආදාහනය කිරීමට තීරණය කිරීම ඉස්ලාම් ආගමිකයන්ගේ විශ්වාසයන්ට අභියෝග කිරීමක් ලෙසිනි.
 
 
අනාගතයේ දී විපත්තිදායක ප්‍රතිපල උදා කරනු ඇත:
 
එය අනාගතයේ දී විපත්තිදායක ප්‍රතිපල උදා කරනු ඇති බවටත් හිටපු අමාත්‍යවරයා සිය ලිපිය මගින් අනතුරු ඇඟවීමක්ද කර තිබේ.
 
"බලය අබිමුවෙහි අසරණ වන නමුත් ඉවසීම කෙළවර විය හැකි තැනක් තිබේ. වෛරය ඇති විය හැකිය. "
 
කොරෝනාබාධිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු භුමදානය කිරීම සදහා ලෝකයේ අනෙක් රටවල ඉඩ දී ඇති බව පෙන්වා දෙන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ තව දුරටත් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ආගමිකයන්ට කර තිබෙන අවහිරය ප්‍රශ්නයකට තුඩු දිය හැකි බවයි.
 
මුස්ලිම් සිරුරු පිළිස්සීමේ ර‍ජයේ පිළිවෙත සහ ජනාධිපතිවරයා මාලදිවයිනේ සුසාන භූමි සෙවීම ගැන අධිකරණ අමාත්‍ය අලි සබ්රි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබුණි. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්