මංගල කෙතරම් ගෝත්‍රවාදයට විරුද්ධද යත් ඔහු කවදාවත් ජාතිය හෝ ආගම දේශපාලනයට යොදාගන්නේ නැති බවත්,
ඒ වෙනුවට ඔහු යොදාගන්නේ කුලය බවත් ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය පවසයි. 
 
ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශකයකු ලෙස කටයුතු කළ ආචාර්ය කර්ණසුරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සමග පසුගියදා එම පක්ෂයෙන් ඉවත්වී '43 සේනානකය' නමින් අලුත් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. 
 
මංගල කුලවාදියකු බව සඳහන් කරමින් ඔහු හිටිහැටියේ සිය මුහුණු පොතේ සටහනක් පළකර ඇත්තේ, 'සැබෑ දේශප්‍රේමියෝ' සමාජ ජාලයේ මංගල සමරවීර විසින් පසුගියදා මාතර දී කල ප්‍රකාශයකට ප්‍රතිචාරයක් ලෙසින් යැයි සමාජ මාධ්‍ය සටහන් වල දැක්වේ.
 
''විපක්ෂයේ සිටින සමහරුන් සර් ෆේල් නිසා ස' ගේ සපත්තු දෙකම දාගෙන සර් ටත් වඩා තනි සිංහල ආණ්ඩුවක් වෙනුවෙන් දැන් ඉඳලම දත් මදිනවා.'' යයි හිටපු අමාත්‍ය මංගල සමරවීර පසුගිය ඉරිදා (20 ) මාතර පැවති 'මාතර සමාජයේ' කතිකාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
 
'විපක්ෂයේ සිටින සමහරුන් සර් ෆේල් නිසා ස' ගේ සපත්තු දෙකම දාගෙන සර්ටත් වඩා තනි සිංහල ආණ්ඩුවක් වෙනුවෙන් දැන් ඉඳලම දත් මදිනවා.'' - මංගල 
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලන කාලයෙන් පසු 'ස ෆේල්' යයි ඇතැමුන් ප්‍රකාශ කලත්, සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ මතවාදයේ ෆේල් වීමක් බව 'මාතර සමාජයේ' දී පැවසු මංගල සමරවීර, රට යළි ගොඩනැගීමට විකල්ප මතවාදයක අවශ්‍යතාවය අවධාරණය කර සිටියේය. 
 
opwe 

gdrtth

 
 
සබැඳි පුවත් :
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්