යුද අපරාධ ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට
තවත් කල් නොදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට ගෙන යාමට එක් වන ලෙස දෙමළ ජාතික සන්ධානයට ආරාධනයක් ලැබී තිබේ.
 
ශ්‍රී ලංකාවේ ආණ්ඩුවද හවුල්වී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී (UNHRC) 2015 සම්මත කරගන්නා ලද 30/1 නමින් ප්‍රකට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා වන යෝජනාවේ දැක්වෙන පොරොන්දු ඉටුකිරීමේ වගකීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඉකුත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ඉවත්විය.
 
එවන් තත්වයක් පවතිද්දී යුක්තිය ඉටු කිරීම සඳහා ආණ්ඩුවට තවත් කල් දීම සුළු ජාතීන් තව තවත් පීඩාවට හෙලීමක් වනු ඇති බවට වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වශයෙන් තේරී පත්වී සිටින උතුරේ හිටපු මහ ඇමතිවරයා බිය පළකර සිටී.
 
“තවත් කාල අවකාශයක් ලබා දීමෙන් වත්මන් තත්වය වෙනස් කළ හැකි වනු ඇතැයි ඔබ නිගමනය කරන්නේ කෙසේදැ?” යි සී වී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා වෙත ලියා ඇති ලිපියක දැක්වේ.
 
Vigneshwaran''තවත් වැඩි කාලයක් ලබාදීම ආණ්ඩුව විසින් යොදා ගනු ඇත්තේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් මුළුමනින්ම සුන්නද්දුලි කර දැමීමටයි. එය දැනුත් සිදුවෙමින් පවතී.”
-දෙමළ ජනතා ජාතික පෙරමුණේ (TMTK) නායක විග්නේස්වරන්
 
“තවත් වැඩි කාලයක් ලබාදීම ආණ්ඩුව විසින් යොදා ගනු ඇත්තේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් මුළුමනින්ම සුන්නද්දුලි කර දැමීමටයි. එය දැනුත් සිදුවෙමින් පවතී.”
 
දෙමළ ජනතා ජාතික පෙරමුණේ (TMTK) නායක විග්නේස්වරන් එම ලිපිය ලියා ඇත්තේ ජිනීවා නුවර මුළුදෙන ඊළඟ ජගත් මානව හිමිකම් සැසිවාරයට යෝජනාවක් ඉදිරිපත් කිරීමේ දී සලකා බැලීම සඳහා මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය ප්‍රමුඛ සාමාජික රටවල් අමතා ලියන ලද ලිපියක කෙටුම්පතක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.  
 
එම කෙටුම්පත අනුව TNA මන්ත්‍රී සුමන්දිරන් විසින් නිර්දේශ කර ඇති එකම නිශ්චිත ක්‍රියා මාර්ගය වන්නේ “පසුගිය අවුරුදු කීපය තුල පැහැදිලි ලෙසම අසාර්ථක වූ වර්ගයේ තවත් යෝජනාවක් නැවත ගෙන ඒම” බව TMTK නායකයා පවසයි.
 
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව “සිවිල් තානාන්තර වලට හමුදාව දිගටම යොදවමින්, දෙමළ ජනතාවට අයත් ඉඩම් කොල්ල කමින්, පුරාවිද්‍යා කළමනාකරණයේ මුවාවෙන් නැගෙනහිර ශ්‍රී ලංකාවේ ඉඩම් වෙන්කිරීම අධීක්ෂණය සඳහා බෞද්ධාගමිකයන් පත් කරමින්, පීඩිත පවුල්, මානව හිමිකම් ක්‍රියාධාරීන් සහ මාධ්‍යවේදීන් බිය වැද්දීම සහ සෝදිසි කිරීම තවත් වැඩි කරමින් මුස්ලිම් ප්‍රජාවේ භූමදාන අයිතියට සීමා පනවමින්,” ඉන්නා බව සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ කෙටුම්පතේ ඉතා නිවැරදි ලෙස දැක්වෙන බව විග්නේස්වරන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
 
“මේ හැමදේම සිදුවෙමින් පවතින බව ඔබ කියා සිටින්නේ නම්, ශ්‍රී ලංකාවට තවත් කාලයක් ලබා දීමට ඉදිරිපත් වන්නේ අහවල් දේකටදැ?” යි හිටපු මහ ඇමැතිවරයා වරයා ප්‍රශ්න කරයි.
 
“මේ හැමදේම සිදුවෙමින් පවතින බව ඔබ කියා සිටින්නේ නම්, ශ්‍රී ලංකාවට තවත් කාලයක් ලබා දීමට ඉදිරිපත් වන්නේ අහවල් දේකටදැ?” යි හිටපු මහ ඇමැතිවරයා වරයා ප්‍රශ්න කරයි.
 
“ප්‍රමාදය තවත් දිග්ගැසෙත්ම, සිංහල බෞද්ධ අධිකාරවාදයේ ග්‍රහණය සහ ශ්‍රී ලංකාවේ සකල සුලුජාතියක්ම යටපත් කිරීම වඩාත් දැඩි වීම සම්බන්ධයෙන් වින්දිත ප්‍රජාව තුල ඇති සුජාත කනස්සල්ල සැලකිල්ලට ගන්නා”  බව සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ කෙටුම්පතේ දක්වෙතැ’යි පවසන හිටපු මහ ඇමැතිවරයා, එය දැන, දැනත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට කල් දීමට කෙරෙන යෝජනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව දැඩි ලෙස කියා සිටී.
 
තමන්ගේ යෝජනාව වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන යෝජනාවට එරෙහි වීම නොව එය ශක්තිමත් කිරීමට පියවර ගැනීම බව අවධාරණය කරන සී වී විග්නේශ්වරන්, ශ්‍රී ලංකා රජය කිසිදු අධිකරණයක් හමුවට ගෙනයාමට දෙමළ පාර්ශවය මේතාක් පියවර ගෙන නැති බවද පෙන්වා දෙයි.  
 

UN HRC

 
''තමන්ගේ යෝජනාව වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන යෝජනාවට එරෙහි වීම නොව එය ශක්තිමත් කිරීමට පියවර ගැනීම බව අවධාරණය කරන සී වී විග්නේශ්වරන්, ශ්‍රී ලංකා රජය කිසිදු අධිකරණයක් හමුවට ගෙනයාමට දෙමළ පාර්ශවය මේතාක් පියවර ගෙන නැති බවද පෙන්වා දෙයි. '' 
 
“වර්තමාන සන්දර්භය යටතේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හෝ එක්සත් ජාතීන් විසින් ස්ථාපිත කරන ලද විශේෂ විනිශ්චය සභාවකට යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් හෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටින ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට යෝජනා කළ හැකිය,” යි විග්නේශ්වරන් මන්ත්‍රීවරයා සුමන්දිරන් මන්ත්‍රීවරයාට ලියා ඇති ලිපියෙන් යෝජනා කර තිබේ.
 
“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටින අතරේම මානව හිමිකම් කෙලෙසීම සහ ඉඩම් කොල්ලය විමර්ශනය හා අධීක්ෂණය සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත් කරන මෙන්ද, වගවීමේ සහ යුද අපරාධ සම්බන්ධ කාර්ය දාමය ක්‍රියාවේ යෙදවීම සඳහා ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයක් ස්ථාපිත කරන මෙන්ද මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටීමද අප විසින් කළ යුතුව ඇත.”
 
උතුරු පළාත් සභාව මෙන්ම දෙමළ ජාතික සන්ධාන පාලනය යටතේ පැවති පළාත් පාලන ආයතන කිහිපයක්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙනයාමට ඒකමතික යෝජනා සම්මත කරගෙන තිබෙන බව සිහිපත් කරන සී වී විග්නේශ්වරන්, එම යෝජනාවම සියලුම දෙමළ පක්ෂ පාහේ ඉකුත් මාර්තුවේදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස් වරියට ඉදිරිපත් කළ බව සිය ලිපියේ දක්වා සිටී.
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මීළඟ 46 වැනි සැසිවාරය 2021 පෙබරවාරි 22 සිට මාර්තු 19 දා දක්වා ජිනීවා නුවර මුළු දීමට නියමිතය.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්