කොවිඩ් වැළඳී මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ භූමදානය සම්බන්ධයෙන්
නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට රජයේ අනුමැතිය හිමිව ඇත.
 
 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත ලිපියක් යොමුකරමින් එබව දැනුම්දී තිබේ. ඒ අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අදාළ ප්‍රතිචාරයක් ලෙසය.
 
ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, මීගමුව යන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල වෙතත්, කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහල වෙතත් මළ සිරුරු රඳවා තැබිය හැකි සිසිල් කළ කන්ටේනර් 05ක් ලබාදෙන ලෙස ලිපියෙන් ඉල්ලා තිබේ.
 
මෙවන් පසුබිමක කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මළ සිරුරු සිසිල් කළ හැකි කන්ටේනර් සපයා තිබූ අතර ඒවායේ මළ සිරුරු තැන්පත් කිරීම ඊයේ (21) සිදුවනු දක්නට ලැබුණි.
 
රජය මෙවැනි අතරමැදි තීන්දුවකට එළඹ ඇත්තේ ඉදිරි මාස කිහිපයතුල පැවැත්වීමට සැලසුම් කරමින් සිටින පළාත් සභා මැතිවරණයේදී මුස්ලිම්වරුන්ගේ සහය ලබාගැනීමේ අරමුනින් යුතුව බවත්, මෙවැනි හෝ අතරමැදි තීන්දුවක් ගැනීමට බැසිල් රාජපක්ෂගේ පුර්ණ සහය පළවූ බවත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58