ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූ තැනැත්තන්ගේ කාර්යාලයේ සභාපති ලෙස විශ්‍රාමලත් විනිසුරු උපාලි අබේරත්න පත් කිරීම ඔහුගේ පසුබිම හා හැසිරීම සළකා බලන විට, බොහෝ විඳදරාගත් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට

 
එරෙහි සෘජු අපහාසයක් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවක් බව සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි. 
 
විනිසුරු උපාලි අබේරත්න අතුරුදහන්වූවන්ගේ පවුල්වලට එරෙහිව සක්‍රීය ලෙස ඔහු සභාපතිත්වය දැරූ පළිගැනීම් විමර්ශන කොමිසමෙහි දී හැසිරුණූ බව ඇය සිය ලිපියෙහි තවදුරටත් දක්වයි.
 
ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බෂලේ වෙත ලිපියක් යවමිනි. 
 
ශ්‍රි ලංකාන්ඩුව සමඟ සාකච්ජා කොට ඔහු වෙනුවට යෝග්‍ය පුද්ගලයකු මෙම තනතුරට පත් කිරීමට පියවර ගන්නා ලෙසද ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටී.
 
තමා බලහත්කාරයෙන් අතුරුදහන් කරවන ලද දේශපාලන කාටූන් ශිල්පියෙකු හා මාධ්‍යවේදියෙකු වන ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ බව හදුන්වා දෙමින් සන්ධ්‍යා එක්නැළිගොඩ මෙම ලිපිය මහ කොමසාරිස්වරිය වෙත යවා ඇත්තේ පසුගිය සතියෙහිය.
 
 
ශ්‍රි ලංකාන්ඩුව සමඟ සාකච්ජා කොට ඔහු වෙනුවට යෝග්‍ය පුද්ගලයකු මෙම තනතුරට පත් කිරීමට පියවර ගන්නා ලෙසද ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටී.
 
 

Prageth 2020.12.23           මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ 2010 ජනවාරි 24 වන දින අතුරුදහන් කරනු ලැබිය.

 
මගේ සැමියා වූ ප්‍රගීත් එක්නැළිගොඩ 2010 ජනවාරි 24 වන දින අතුරුදහන් විය.
 
 2010 සිට මම එම බලහත්කාර අතුරුදහන්වීමට එරෙහිව යුක්තිය ඉල්ලා අරගල කර ඇත්තෙමි. ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල පොදු අරගලයේ කොටස්කාරියක ලෙස ද මම පෙනී සිටිමි.
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව  යටතේ ඇති කැපවීම් වලට අනුකූලව සහ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රහය දක්වන ඒකාබද්ධ යෝජනාවට අනුව, පසුගිය ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍ය ආයතනයක් ලෙස අතුරුදහන්වවූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවීම ශ්‍රී ලංකාව පුරාම බලහත්කාරයෙන් අතුරුදහන්කරවන ලද අයගේ පවුල්, වින්දිතයින් සහ මානව හිමිකම් ආරක්ෂකයින් විසින් දියත් කරන ලද උද්ඝෝෂනයේ සන්ධිස්ථානයකි.
 
2018 දී ආරම්භයේදී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති සහ කොමසාරිස්වරුන් සහ කොමසාරිස්වරියන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කවුන්සිලයේ නිර්දේශ මතය.
 
වත්මන් සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ හිටපු සභාපතිවරයා වේ.
 
 UN05095pmd
                          විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න
 
 ජනාධිපති රාජපක්ෂ මහතා තේරී පත්වූ විගසම පිහිටුවන ලද මෙම කොමිසම, බලහත්කාරයෙන් අතුරුදහන් වීම ඇතුළු අපරාධ චෝදනාවලට ලක්වූවන්ට, කොමිසම ඉදිරියේ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවකාශය ලබා දී ඇත. 
 
එමගින් එම කොමිසම, විනිදිතයින් සහ සාක්ෂිකරුවන් බිය ගන්වමින් පැවැත්වෙමින් තිබූ නඩු විභාග අඩපණ කළේය. 
 
එකී කොමිෂන් සභාවේ සභාපති ධුරය දැරූ විනිසුරු අබේරත්න, මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා, ලේබල් කිරීම් සහ වින්දිතයින් සහ සාක්ෂිකරුවන් බිය ගැන්වීම සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දුන්නේය.
 
මෙම බිය ගැන්වීම් සහ ලේබල් කිරීම් මා විසින් ඎජුවම අත්විඳ ඇත. 
 
මගේ ස්වාමිපුරුෂයා වන ප්‍රගීත් එක්නැළිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් දැනට කොළඹ මහාධිකරණය හමුවේ  ගොනු කර ඇති HC(TAB)725/19 දරණ නඩුවේ, විත්තිකරුවන් කිහිප දෙනෙකු විනිසුරු අබේරත්නගේ නායකත්වයෙන් යුතු එකී කොමිසම හමූයේ පැමිණිළී ඉදිරිපත් කර ඇත.
 
එම නඩුවෙහි ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන විශ්‍රාමික මේජර් රන්බන්ඩා මෙම කාරණය අධිකරණය හමුවේ තිබියදීත්, වෙනත් ස්ථානයක ඒ ගැන සාක්ෂි ලබා දීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් තිබියදීත්, එකී කොමිසම ඉදිරියේ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා දැනටමත් කැඳවන ලදී.
 
 
 
එම නඩුවෙහි ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන විශ්‍රාමික මේජර් රන්බන්ඩා මෙම කාරණය අධිකරණය හමුවේ තිබියදීත්, වෙනත් ස්ථානයක ඒ ගැන සාක්ෂි ලබා දීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් තිබියදීත්, එකී කොමිසම ඉදිරියේ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා දැනටමත් කැඳවන ලදී.
 
 
 
ඔහුගේ ක්‍රියාකාරී මැදිහත්වීමත් සමඟ, කොමිසම විසින් මෙම නඩුවේ විමර්ශකයින් සහ සාක්ෂිකරුවන් පීඩාවට පත්කිරීමට, බිය ගැන්වීමට හා තර්ජනය කිරීමට පියවර ගත් අතර, අගතියට පත් පාර්ශ්වයට සිය උවමනාවන් රැකගැනීම සඳහා මහාධිකරණය ඉදිරියේ කරුණූ දැක්වීමට අවස්ථාව ප්‍රතික්ෂේප කළේය. 
 
මගේ නඩුව පමණක් සුවිශේෂි නොවේ. කොමිෂන් සභාව පත් කිරීමෙන් පසු අතුරුදහන් වූවන්ගේ තවත් පවුල් කිහිපයක්ම එම ඉරණමට පත්ව සිටිති.
 
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට අලුතින් පත් කරන ලද සභාපතිවරයා, ඔහුගේ හැසිරීම අනුව, පසුගිය මාස කිහිපය තුළ, බලහත්කාරයෙන් අතුරුදහන් වූ බවට චෝදනා ලැබූවන් සමඟ අතුරුදහන් වූවන්ගේ පවුල්වලට අධිකරණය හරහා නීතිමය සහනයක් ලබා ගැනීම සඳහා ව්‍යවස්ථානුකූලව සහතික කර ඇති අයිතිවාසිකම් බිඳදැමීමට හා තර්ජනය කිරීමට ක්‍රියාකාරීව සම්බන්ධ වූ පුද්ගලයෙකි.
 
 
 
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට අලුතින් පත් කරන ලද සභාපතිවරයා, ඔහුගේ හැසිරීම අනුව, පසුගිය මාස කිහිපය තුළ, බලහත්කාරයෙන් අතුරුදහන් වූ බවට චෝදනා ලැබූවන් සමඟ අතුරුදහන් වූවන්ගේ පවුල්වලට අධිකරණය හරහා නීතිමය සහනයක් ලබා ගැනීම සඳහා ව්‍යවස්ථානුකූලව සහතික කර ඇති අයිතිවාසිකම් බිඳදැමීමට හා තර්ජනය කිරීමට ක්‍රියාකාරීව සම්බන්ධ වූ පුද්ගලයෙකි.
 
 
 
එවැනි පුද්ගලයෙකු අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය හරහා අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යුක්තිය, සත්‍යය සහ සහනය ලබා දීමට කැමති වනු ඇත්ද? එ සදහා හැකියාවක් ඇත්තෙකුද?‍
 
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමට උපකාරී වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ සාමාජික රටවලට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහා පත්වීම් ලබා දෙන ආකාරය ගැන මෙම රජය සමඟ පලදායී මැදිහත් ලෙස මැදිහත්වීමේ හැකියාව ඇති බව මම තරයේ විශ්වාස කරමි. 
 
විශේෂයෙන්ම ආයතනය අභ්‍යන්තරයෙන් විනාශ කිරීම අරමුණු කරගත් විනිසුරු අබේරත්න වැනි පත්වීම් සම්බන්ධයෙන් ඊට මැදිහත්විය හැක.
 
ඊට අමතරව අතුරුදහන්වූවන්ගේ භාර්යාවන් සහ මව්වරුන් විසින් සපයන ලද සියලු සාක්ෂි සහ රහස්‍ය තොරතුරු වල ආරක්ෂාව ගැන මම සැබවින්ම කණස්සල්ලට පත් වෙමි. 
 
විනිසුරු අබේරත්න පත් කිරීමෙන් පසු ඔවුන්ගේ ආරක්ෂාව අනතුරක හෙළා ඇතැයි මට හැඟේ. 
 
එබැවින්, අතුරුදහන් වූවන්ගේ පවුලක සාමාජිකාවක ලෙස, විනිසුරු අබේරත්න පත් කිරීම අවලංගු කර ඔහු වෙනුවට සුදුසු අපේක්ෂකයෙකු පත් කිරීම පිනිස ශ්‍රී ලංකා රජය සමඟ මේ කාරණය කෙලින්ම සාකච්ජා කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.
 

Sandya Eknaligoda wife of disappeared journalist Prageeth Eknaligoda with with their two sons Sathyajith Sanjaya and Harith Danajaya, Sri Lanka, 10 January 2011Prageeth Eknaligoda is a journalist who disappeared in January 2010 just before the Sri Lanka presidential election. He was known to be a government critic, and was also involved in the election campaign of the opposition candidate.

අතුරුදහන් වූවන්ගේ පවුලක සාමාජිකාවක ලෙස, මගේ ස්වාමිපුරුෂයා, සහකරු සහ මගේ දරුවන්ගේ පියා නොමැතිව මම අසීමිත ලෙස දුක් විඳ ඇත්තෙමි. මා යුක්තිය උදෙසා කථා කිරීම නැවැත්වීමට සහ යුක්තිය සහ සත්‍යය සඳහා වන අපගේ අරගලය තලා දැමීමට කටයුතු කරන පිරිස් අතින් මට අසංඛ්‍ය වූ පරිහානි, නින්දා, තර්ජන සහ අපහාස ද එල්ල වී ඇත.
 
මා විඳි සහ නොකඩවාම මුහුණ දෙන දුක් කන්දරාව දිවයින පුරා අතුරුදහන් වූවන්ගේ පවුල්වල අත්දැකීමම වේ. එමෙන්ම අප ගර්හාවට ලක් කළ ආකාරයම වේ.
 
උපාලි අබේරත්න පත් කිරීම, ඔහුගේ පසුබිම හා හැසිරීම සමඟ සළකා බැලූ විට, මේසා දුක් කන්දරාවක් විඳ දරාගත් පවුල්වලට සහ විශේෂයෙන්ම පසුගිය වසර පහක කාලය තුළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සමඟ තොරතුරු හුවමාරු කර ගත්  අයට එරෙහි සෘජු අපහාසයක් සහ ප්‍රචණ්ඩත්වයකි.
 
ඔබට ස්තූතියි,
ඔබේම විශ්වාසි,
සන්ධ්‍යා එක්නැළිගොඩ
 
මෙය නිල පරිවර්ථනයක් නොවේ.  මුල් ඉංග්‍රිසි ලිපිය පහතින් කියවන්න 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්