ආයතනය විසින් යෙදවු මැරයන්ගේ තර්ජන පවා නොතකමින් අඛණ්ඩ විරෝධතාවයක්
දියත් කළ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ජාත්‍යන්තර මෝස්තරකාර සමාගමක සේවක සේවිකාවන් වර්ෂාවසානයේ ඔවුනට හිමි බෝනස් මුදලෙන් හරි අඩක් දිනා ගැනීමට සමත්ව තිබේ.
 
 කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නෙක්ස්ට් ඇඟලුම් ආයතනයේ පාලනාධිකාරිය හා සේවකයන්  දෙසැම්බර් 22 අඟහරුවාදා පැවැත්වු සාකච්ඡාවකින් පසු සියයට පනහක් බෝනස් මුදලක් සේවකයන්ට ලබා දීමට නෙක්ස්ට් පාලනාධිකාරිය එකග වී ඇති බවයි කාන්තාවන් අති බහුතරයක් රැකියාවේ නියුතු ආයෝජන ප්‍රවර්ධන කළාපයේ කම්කරු ගැටලු සම්බන්ධයෙන් මැදිහත්වන 'ඩාබිඳු සාමූහිකයේ' වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි පවසන්නේ.
 
Next Workers
තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතාවක යෙදුන 'නෙක්ස්ට්' සේවක සේවිකාවන්
 
කොරෝනා වසංගතයෙන් ආර්ථිකයට වැඩිම පීඩාවක් එල්ල වූ වර්ෂයක අවසානයේ තමන්ට හිමි බෝනස් මුදල් ඉල්ලා සේවකයන්ට සිදුකළ අඛන්ඩ වර්ජනය කඩාකප්පල් කිරීම සදහා මැරයන් යෙදූ බවට ජාත්‍යන්තර ඇඟලුම් ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන 'නෙක්ස්ට්' ආයතනයට පසුගියදා චෝදනා ද එල්ල වී තිබුනි.
 
 තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අඛණ්ඩ විරෝධතාවක් පවත්වාගෙන යන කටුනායක නිදහස් වෙළඳ කලාපයේ නෙක්ස්ට් සේවක සේවිකාවන්ට එරෙහිව මැරයන්ට අමතරව පොලිස් බලමුළු කැඳවා තිබූ බව එම ආයතනයේ සේවක සේවිකාවෝ පසුගියදා මාධ්‍යවේදීන් හා පවසා තිබුනි.
 
 ඊයේ පැවැති සාකච්ඡාවෙන් පසු දෙසැම්බර් 23 සිට දෙසැම්බර් 30 දක්වා ආයතනය වසා දමා 'නෙක්ස්ට්' සේවක සේවිකාවන්ට නත්තල් නිවාඩුව ලබා දීමට තිරණය කර ඇති පාලනාධිකාරිය ජනවාරි 8 වැනි දින කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නැවත සාකච්ඡාවකට දින වෙන් කරගෙන තිබේ.
 
 එදිනට සේවකයන්ගේ ඉතිරි සියයට පනහක බෝනස් මුදල ලබා දීම සම්බන්ධයෙන් තීරණයකට එළ‌ඹෙනු ඇති බවට 'ඩාබිඳු සාමූහිකයේ' වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි  විශ්වාසය පළ කරන්නීය.
 
Chamila Thushari Aithiya
ඩාබිඳු සාමූහිකයේ' වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි
 
ඇය වැඩි දුරටත් පෙන්වා දෙන පරිදි සේවකයන් 2000ක් පමණ සේවයේ නිරතව සිටින කටුනායක 'නෙක්ස්ට්' ආයතනයේ සේවකයන් 600 ක් පමණ දෙවැනි කොරෝනා වසංගත රැල්ල හමුවේ රෝගාතුර වී තිබේ.
 
 ඒ හේතුවෙන් සේවකයන් පිරිසකට ස්වයං නිරෝධායනයට ලක් වීමටත්, තවත් පිරිසකට නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වීමටත් සිදු වු බව පෙන්වා දෙන චමිලා තුෂාරි අවධාරණය කරන්නේ එම කාලය තුලදී සේවකයන්ගේ දීමනා සහ වැටුප් කප්පාදු කිරීමක් සිදු වු බවයි.
 
 එවැනි තත්වයක් යටතේ ඇතැම් සේවකයන්ට දෙසැම්බර් මාසයේදී සියයට පනහේ බෝනස් මුදල ලෙස හිමිව ඇත්තේ ඉතා සුළු මුදලක් බවත් ඇය පෙන්වා දෙයි.
 
 ඇය තව දුරටත් මාධ්‍යවේදීන් හා පවසා ඇත්තේ, ප්‍රසාද දීමනා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසු ගිය දින කිහිපය තුලම සේවකයන් විරෝධතාවය දියත් කළ කටුනායක 'චීප් වේ ලංකා'  (Cheap way Lanka) ඇගලුම් ආයතනය සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා නොදි,  ආයතනය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවයි.
 
ප්‍රසාද දීමනා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසු ගිය දින කිහිපය තුලම සේවකයන් විරෝධතාවය දියත් කළ කටුනායක 'චීප් වේ ලංකා'  (Cheap way Lanka) ඇගලුම් ආයතනය සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා නොදි,  ආයතනය දින නියමයක් නොමැතිව වසා දමා ඇත.
 
 
සබැඳි පුවත් :
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්