කිරි දරුවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යෑමේ චෝදනා යටතේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද විශ්වකීර්ති දේශමාන්‍ය නාමධාරී සැකකරුවකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර
තිබේ.
 
 පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ, රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් හා ඇප කොන්දේසිවලට යටත්ව සැකකරු මුදාහැරීමට මොරටුව අධිකරණය දෙසැම්බර් 23 බදාදා නියෝග කළ බවයි.
 
ලබන වසරේ ජනවාරි 4 වැනි දින සැකකරු යළි මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
 
 පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන දෙසැම්බර් 22 අඟහරුවාදා පැවැති  මාධ්‍ය හමුවකදී සදහන් කර තිබුනේ අතවරයට ලක්වීමෙන් සහ “විවිධ හේතු මත” ගැබ් ගත් කාන්තාවන්ගෙන් බිහිවන දරුවන් ලබාගෙන හතලිස් හත් හැවිරිදි සැකකරු “යම් කිසි ආකාරයක ව්‍යාපාරයක” නිරත වී ඇති බවයි.
 
 පොලිස් අත්අඩංගුවට පත් සැකකරු 'CSC නේෂන් ලංකා' නම් ආයතනයක  ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම, අධ්‍යක්ෂකවරයාද වන මංජුල ලසන්ත උක්වත්ත බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
 
 
 ''පොලිස් අත්අඩංගුවට පත් සැකකරු 'CSC නේෂන් ලංකා' නම් ආයතනයක  ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම, අධ්‍යක්ෂකවරයාද වන මංජුල ලසන්ත උක්වත්ත බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.''
 
 
 
මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ සී.පී. ද සිල්වා මාවතේ සහ දහම් මාවතේ ස්ථාන දෙකක ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන ගිය සැකකරු එම ස්ථාන දෙකේදී ගැබිනි මව්වරුන් සමග ගිවිසුම් අත්සන් කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
 
 "මේ ස්ථාන දෙකේදී මෙම මව්වරුන් එක්තරා ගිවිසුමකට ඇතුලත් කරලා ගැබිනි මව්වරුන් එම දරුවන් මේ තැනැත්තා විසින් ලබාගෙන යම් මුදලකට විකිනීමේ ජාවාරමක් තමයි සිදු කරමින් තිබුනේ. "
 
 දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තිය යටතේ මිනිස් ජාවාරම වරදක් බව පෙන්වා දෙන නීතිඥ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී තව දුරටත් අවධාරණය කර තිබුනේ, ඉපදීමට පෙර කළලයක් ලෙස සිටින අයෙක් ලැබුනායින් පසු මුදලකට විකිනීමට උත්සාහ කිරීමත් මිනිස් ජාවාරමේ කොටසක් වන බවයි.
 
 
 
'' දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තිය යටතේ මිනිස් ජාවාරම වරදක් බව පෙන්වා දෙන නීතිඥ පොලිස් මාධ්‍ය image 8d012225a8ප්‍රකාශකවරයා එහිදී තව දුරටත් අවධාරණය කර තිබුනේ, ඉපදීමට පෙර කළලයක් ලෙස සිටින අයෙක් ලැබුනායින් පසු මුදලකට විකිනීමට උත්සාහ කිරීමත් මිනිස් ජාවාරමේ කොටසක් වන බවයි.''
 
දීර්ඝ පරීක්ෂණයක ප්‍රතිපලයක්
 
 
ජාවාරම්කරුට දරුවන් මුදලට විකිනීමට පොරොන්දුව සිටි ගැබිනි කාන්තාවන් 12 දෙනකු  පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ඇතුලු කණ්ඩායමක් විසින් සිදු කළ දීර්ඝ පරීක්ෂණයක ප්‍රතිළුලයක් ලෙස සොයා ගැනීමට හැකි වු බව පවසන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ තව දුරටත් සදහන් කර තිබුනේ එයින් කාන්තාවන්  පස් දෙනෙකුගේ දරුවන් ඒ වන විටත් තුන්වන පාර්ශවයකට විකුණා තිබු බවයි.
 
 "ඒ වගේම තවත් දරුවන් තිදෙනෙක් සමග එම මව්වරුන් හිටියා. ඊට අමතරව තවත් දොලොස් දෙනෙක් ගැබිනි මාතාවන් හැටියට මේ ස්ථානයේ ඔහු ආරක්ෂාව  සලසමින් ලබා දී තිබුනා."
 
 අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත විමර්ශන සිදුකර සැකකරු දෙසැම්බර් 21 රාත්‍රියේදී මාතලේ උකුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන පවසන්නේ.
 
 ශ්‍රී ලංකාවේ නීතිය අනුව දරුවකු වෙනත් අයෙකුට ලබා දීමේ නීත්‍යානුකුල ක්‍රමවේදයත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥවරයා  මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.
 
 "අපේ රටේ නීතිය අනුව යම් දරුවෙක් තව කෙනෙකුට ලබා දෙනවා නම් එය දිසා අධිකරණයක් හරහා කුලවද්දා ගැනීමේ ආඥා පනතේ තියන ප්‍රතිපාදන අනුව සිදු කරන්න ඕනේ."
 
 
සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය:
 
 

 114913733 screenshot 20201014 165300

 
අනිසි ගැබ් ගැනීම්වලට මුහුණ දෙන කාන්තාවන් රඳවාගෙන, ඔවුන්ගේ දරුවන් බිහි වූ පසු හදා වඩා ගැනීම සඳහා වෙනත් අයට ලබා දෙන 'CSC නේෂන් ලංකා'  නැමැති  ආයතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ පුළුල් ප්‍රචාරයක් ලබා දීමට පසුගිය සමයේ මංජුල ලසන්ත උක්වත්ත නැමැති සැකකරු කටයුතු කර තිබුනි.
 
 එම ආයතනය  මුලදට දරුවන් අලෙවි කරන 'බේබි ෆාම්' එකක් ලෙස  ඇතැමුන් කරන චෝදනා මංජුල උක්වත්ත බැහැර කර තිබුනේ තමන් කරන්නේ "පුණ්‍ය ක්‍රියාවක්" ලෙස පවසමිනි.
 
 "අසරණ වූ ගර්භණී කාන්තාවන්ට පිහිට වන" ආයතනයක් ලෙස ෆේස්බුක් හි මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම් ද පසුගිය සමයේ සමාජමාධ්‍ය තුළ නිරන්තරයෙන් දක්නට ලැබුනි.
 
 
 
නීතිය කුමක්ද?
 
 
කුලවද්දා ගැනීමේ පනත යනුවෙන්ද හැඳින්වෙන 1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනත ප්‍රකාර දරුවකු දරුකමට හදා ගැනීමේදී සපුරාලිය යුතු අවශ්‍යතා මෙලෙසය:
 
 
# දරුකමට හදා ගැනීමට බලාපොරොත්තු වන දරුවා වයස අවුරුදු 14 ට අඩු විය යුතුය.
 
 
# වයස අවුරුදු දහයට වැඩි දරුවකු දරුකමට හදා ගැනීමට ගැනීමේදී, අධිකරණය දරුවාගේ කැමැත්ත විමසනු ඇත.
 
 
# දරුකමට හදා ගැනීමට ඉල්ලුම් කරන පාර්ශවය, එනම් යුවල හෝ තනි ‍පුද්ගලයා අවුරුදු 25 සම්පුර්ණ කර තිබිය යුතුය.
 
 
# දරුකමට හදා ගැනීමට ගන්නා පාර්ශවය සහ දරුවා අතර වයස පරතරය අවුරුදු 21 ට වැඩි විය යුතුය. 
 
නමුත් අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් කෙලින්ම පැවත එන්නෙක් වන විට හෝ ඉල්ලුම්කරුගේ පුර්ණ හෝ අර්ධ සහෝදරයකු හෝ සහෝදරියක් වන විට හෝ ඔවුන්ගෙන් පැවත එන්නෙක් වන විට හෝ ඉල්ලුම්කාර පාර්ශවයේ සැමියාගේ හෝ බිරිඳගේ වෙනත් විවාහයක දරුවකු වන විට ඔවුන් අතර තිබිය යුතු අවුරුදු 21 වයස් පරතරය අත්‍යවශ්‍ය නොවේ.
 
 
# ගැහැණු දරුවකු දරුකමට හදා ගැනීමේදී ඉල්ලුම් කරන පාර්ශවය තනි පිරිමි පුද්ගලයෙකු නම්, ඔහුට ඒ සඳහා අධිකරණයෙන් අවසර නොලැබේ. 
 
කෙසේ වෙතත්, විශේෂ ඥාති සම්බන්ධතා මත අවසර ලබා දීමට අධිකරණයට අභිමතයක් තිබේ.
 
 
# යුවලක් විසින් ඉල්ලුම් කරන විටෙක, දරුවා හදා ගැනීමට දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය වේ. 
 
නමුත්, ඔවුන් දික්කසාද වී සිටී නම් හෝ එක් පාර්ශවයක් සොයාගත නොහැකි නම් හෝ කලත්‍රයා මානසික ආබාධයකින් පසුවෙයි නම්, දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය නොවේ.
 
 
# දරුවකු කුලවැද්දීමට ගන්නා අවස්ථාවක දී, ඔහුගේ/ ඇයගේ ස්වාභාවික දෙමවුපියන්ගේ කැමැත්ත ලබාගැනීම අනිවාර්ය වේ. 
 
දරුවාගේ දෙමව්පියන් විවාහක නම් දෙමාපිය දෙදෙනාගේම කැමැත්තද, අවිවාහජ දරුවකු නම් (පියකු නම් කොට නැති විට) මවගේ කැමැත්ත ද අවශ්‍ය වන අතර, භාරකරුවකු යටතේ දරුවා සිටින විටෙකදී, එම භාරකරුගේ කැමැත්ත ද අවශ්‍ය වේ.
 
නමුත් මෙසේ කැමැත්ත ලබාගත යුතු පුද්ගලයා දරුවා අත හැර ගොස් සිටී නම් හෝ දරුවා නඩත්තු කිරීම පැහැර හැර ඇත්නම් හෝ සිහි විකල් වූවකු නම්, ඔහුගේ/ ඇයගේ කැමැත්ත විමසීමක් අවශ්‍ය නොවන අතර දිසා අධිකරණයට දරුවා පිළිබඳ තීරණයක් ගත හැකි වේ. 
 
දිසා අධිකරණය දරුවන්ගේ ඉහළම භාරකරු වශයෙන් සැළකීම මීට හේතුවයි.
 
 
# දරුවකු හදා ගැනීමට ගැනීම සම්බන්ධයෙන් දරුවාගේ ස්වභාවික දෙමව්පියන් හෝ භාරකරු වෙත මුදලක් හෝ ත්‍යාගයක් ගනුදෙනුවක ආකාරයෙන් ලබා දීම දීම හෝ දීමට පොරොන්දු විය නොහැක.
 
 
# දරුවා හදාගැනීමට ගැනීමෙන් පසුව දරුවාට නමක් යෝජනා කිරිමට කුලවද්දා ගත් දෙමාපියන්ට හැකි අතර, කුලවද්දා ගත් පියාගේ පෙළපත් නාමය දරුවාට ලබා දිය හැකිය.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්