මේ වසරේ නත්තල් සැමරුම් සැලසුම් සහමුළින්ම අත්හැර දැමීමට අප බොහෝ දෙනෙකුට සිදුව ඇත.
නත්තල හුදෙකලාව ගතකිරීමට සිදුවීම ඇතැමුන්ගේ දොම්නසට හේතුවෙයි.
 
කොරෝනා වසංගතය මැද නත්තල ගෙවෙන්නේ කෙසේද? මේ සම්බන්ධයෙන් බීබීසියේ ජෝන් හැරිසන් (John Harrison) කීපදෙනකුගේ අදහස් විමසීමක නිරතවිය. 
 
ඔවුන් අතරට විශේෂඥයන් කීපදෙනෙක්, මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන ශුභාසාධක ආයතනයක් සහ හැමදාමත් සිය කැමැත්තෙන් ම හුදෙකලාව නත්තල ගතකරන තැනැත්තියක් ඇතුළත් විය.
 
මෙවර තම අභිමතය පරිදි නත්තලට සැරසෙන්නන්ට ඔවුන්ගෙන් ලැබෙන නත්තල් පණිවුඩය කුමක්දැයි බලමු.
 
 
1. කේන්ති ගැනීමේ වරදක් නැහැ
 
යම් කිසිවකු සිය සැලසුම් කඩාවැටීම සම්බන්ධයෙන් සැබැවින්ම දොම්නස් වන්නේ නම්, එය බරපතල කාරණයක් නොවනු ඇත.
 
"අපි දැන් ඉන්නේ සුවිශේෂී වාතාවරණයක් තුළ. මිනිස්සු කෝපයට, බලාපොරොත්තු සුං වූ සහ කණගාටුවට පත්වීම ඇත්තෙන්ම සාධාරණයි," මාධ්‍යවේදිනියක වන හෙලන් රසල් (Helen Russel) පවසන්නීය. ඇය 'How to be Sad' ග්‍රන්ථයේ කතුවරියයි.
 
"කණගාටුවට ඉඩක් දී එය ඉවසා ගැනීමේ දැනුම අපට තියෙනව," හෙලන් රසල් පවසයි.
 
"අශුභවාදී සිතිවිලි මැඩපැවැත්වීම දුෂ්කරයි. අශුභවාදී අදහස් ඊළඟට මතුවන්නේ තවත් දැඩි එදිරිවාදී මුහුණුවරකින්," හෙලන් රසල් පෙන්වා දෙන්නීය.
 
වෙනසක් දැකීමට බොහෝදෙනා අසමත් වෙන අතර, කිසිවකු තමන් සුරක්ෂිත තත්වයක නොමැති බවට ඇතිවෙන හැඟීම සම්බන්ධයෙන් කණස්සල්ලට පත් නොවිය යුතු බවත් ඇය සඳහන් කරයි.
 
 116227956 ce228337 763a 4269 8906 252ac438fefe
 මෙවර නත්තල වෙනුවෙන් බොහෝ කලාත්මක වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ පළවීමට නියමිතව ඇත. මෙය රුසියානු නිර්මාණයකි. (GETTY IMAGES)
 
 
 
2. අපේක්ෂාවන්හි වෙනසක් කරන්න:
 
"පවුලේ සියළුදෙනාත් එකතුවෙන ලොකු නත්තල් සාද සමයක් ගැන ඔබ බලාපොරොත්තු තබන්න ඇති!  අලංකාර නත්තලක්! නමුත් අවාසනාවකට ඒ බලාපොරොත්තුව ඉටුවෙන්නේ නැහැ," මාර්තා මිල්ස් පෙන්වා දෙන්නීය.
 
මාර්තා හැම නත්තලක්ම හුදෙකලාව ගතකරන්නියකි. 
 
ඇය නත්තල සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන්නේ නුරුස්නා පිළිවෙතකි. එහෙත් දැන් එම දිනය එළඹෙන තෙක් ඇයට ඉවසුමක් නැත.
 
මෙවර නත්තල ගත කිරීම අතින් උපකාරීවෙන උපදෙස් මාලාවක් ඇය සිය 'ට්විටර්' ගිණුමෙහි මෙසේ පළකර ඇත.
 
"මෙම නත්තලේ දී ඔබ හිටි අඩියේම හුදෙකලාවීමකට මුහුණ දෙන්නේනම්, මගේ ළඟ උපදෙස් මාලාවක් තියෙනව. මම නම් නත්තල හුදෙකලාව කම්මැලිකමෙන් ගෙවාදමන්න හරිම කැමතියි.
 
ආහාරපාන; කවුරුහරි කෙනෙක් ඔබට සීමා පනවන්නේ නැත්නම්, ඔබව අධීක්ෂණය කරන්නේ නැත්නම්, ඇත්තෙන්ම ඔබ කෑමට ගන්න කැමැති මොනවද? ඇඳ ඇතිරිලිවල මුද්‍රණය කරලා තියෙන ඌරන් හැර. කේක් විතරද? නූඩ්ල්ස් ටිකක්? ඉතින් ඒවා කන්න! මම ක්‍රැකර් විස්කෝතු සහ කේජු කනවා."
 
මෙවර නත්තල වෙනදාට වඩා වෙනස් බව තේරුම්ගැනීම ප්‍රධාන කරුණක් බවත් මාර්තා පෙන්වා දෙන්නීය. 
 
එබැවින් ඇය පවසන පරිදි නත්තල් දවස ගෙවන ආකාරයේ වෙනසක් සිදුකර ගත යුතුව ඇත. 
 
මෙවර නත්තල ස්වයං-තෘප්තියටම කැපවෙන "පරිහාණීය" දවසක් සහ තමා විසින් තමා බලාගන්නා දිනයක් හැටියට තමා සලකන බව මාර්තා පවසයි.
 
"නිවසේ ආහාරපාන ටිකක් ඇද්දැයි සහතික කරගන්න. 
 
ඔබට ටිකදෙනෙක් වීඩියෝ මාර්ගයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. 
 
නැත්නම්, 'ටෙක්ස්ට්' පණිවුඩයක් යවන්න. 
 
ඒවගේ කොයි ආකාරයක හෝ සැලැස්මක් නත්තල් දවසේ පිළියෙළ කරගන්න!," එය මාර්තාගේ 'ට්විටර්' පෝස්ටු අතර දැක්වෙන තවත් උපදේශයකි.
 
මෙම නත්තලේ දී ඉටුකළ නොහැකි චාරිත්‍ර සහ උත්සව අවස්ථා වේ නම්, ඒවා අවලංගු නොකොට නතරකිරීමක් පමණක් සිදුකිරීම සඳහා සිතා බැලිය හැකිය.
 
"ඒවා ලබන අවුරුද්ද තෙක් කල්තබන්න!" 'මයින්ඩ්' (Mind) මානසික සෞඛ්‍ය පිළිබඳ ශුභසාධක ආයතනය පවසයි.
 
 116227957 90c4ab2b d932 4dfa 9a88 cac2cc4cc499
වසංගතය මැද නිවසේ කොටුවී වීඩියෝ තාක්ෂණය මගින් නත්තල් ප්‍රසංගයක් නරඹන දරුවන් පිරිසක්. (GETTY IMAGES)
 
 
3. සැලසුමක් හදාගන්න:
 
"කරන්නට යන්නේ කුමක්ද යන්න නොදැන නත්තල් දවසේ පිබිදෙන්න එපා!" මාර්තාගේ උපදේශය එයයි.
 
"දවස සැලසුම් කරගැනීමෙන් ලොකු කාල පරාස බෙදාගැනීමට අවකාශ ලැබෙයි. 
 
එබැවින්, පාතරාසයට බුදින්නේ මොනවාදැයි සැලසුම් කරගන්න. 
 
කියැවීමට එහෙමත් නැත්නම්, ටිකක් ඇවිදීමට කාලය වෙන්කරන්න. 
 
තවත් දෙයක්, හැන්දෑවට චිත්‍රපටයක් බලන්නත් පුළුවන්!. 
 
ඒවගේම නෑයෙකුට ටෙලිෆෝන් කෝල් එකක් දෙන්නත් පුළුවන්."
 
නිවස තුළ තත්වය ප්‍රියජනක අතට ගැනීමට එක්තරා කාලයක් වෙන්කර ගැනීම වැදගත් බව 'මයින්ඩ්' සුභසාධක ආයතනයත් නිර්දේශ කරයි.
 
"එය නත්තල් සැරසිලි හෝ අමතර පින්තූර සවිකරනු ලැබීමක් වෙන්න පුළුවන්!," එය නිවස පිරිසිදුකර ගැනීම වගේ සරල ක්‍රියාවකි. 
 
එසේම නත්තලෙන් පසුව සිදුකිරීම සඳහා හොඳ සැලැස්මකුත් හදාගන්න!
 
"එළඹෙන අලුත් වසර සඳහා යමක් තිබීම සැබෑ වෙනසක් වේවි!."
 
 116227958 692ed824 1042 4be3 8bb5 f1f2ab89842f
ආරක්‍ෂිත උපදෙස් පිළිපදිමින් නත්තලට පෙර සාප්පු ගිහින් ( GETTY IMAGES)
 
 
4. සතුට ගෙනෙන දෙයක් කරන්න:
 
නත්තල් දවසේ සිදුකළ යුත්තේ සිතට සතුට ගෙන එන දේවල්ය.
 
"උදේ පාන්දර ව්‍යායාමය සඳහා ඇවිදීමක් (a morning jog) වීඩියෝ ක්‍රීඩාවක් හෝ ප්‍රහේලිකාවක් පිරවීමත් ගැළපෙන්න පුළුවන්," මානසික සෞඛ්‍ය ශුභසාධක ආයතනය පවසයි.
 
"හොඳ පොතකුත් අරගෙන උණුවතුර 'බාත් එකක්'ගැනීම එහෙමත් නැත්නම්, කැමැතිම රෑ ඇඳුමක් (pyjamas) ඇඳගෙන වැතිර ඉන්නත් පුළුවන්."
 
තවත් කෙනෙකුට වෙනත් දෙයක් කිරීමටත් අවස්ථාවන් ඇත. 
 
සංචාරයේ නිරතවීම පීඩාවක් නොවන එසේත් නැත්නම්, සෙස්සන් සමඟ බද්ධ වියහැකි තැනැත්තන්ට ඔවුන්ට සතුට ගෙනෙන වෙනත් දෙයක් කෙරෙහි අවධානය යොමුකළ හැකිය.
 
 උදාහරණයක් ලෙස තමා සඳහාම ත්‍යාගයක් මිලට ගැනීම කළ හැකිය. 
 
එහෙමත් නැත්නම්, තමාට නිතර අවශ්‍යකරන දෙයක් ගැනීම. එම භාණ්ඩය ත්‍යාගදීමේ දී පාවිච්චිකරන කඩදාසිවලින් ඔතන්න. පස්සේ ඔබම එය ලිහල බලන්න!"
 
"ඔබ සතුටට පත්වෙන ඕනෑම දෙයක් කරන්න. ප්‍රනීත නත්තල් සුවඳ රැඳුන ඉටිපහන් තියෙනවද කියල මම කල්තබාම සොයල බලනවා," මාර්තා පවසන්නීය.
 
 116227960 99d224cb 6e53 4551 a329 8b07843c5741
"තමන් තමන්ටම තෑග්ගක් ඔතල තියල පසුව ලිහා බලන්න" (GETTY IMAGES)
 
 
5. වෙනත් අයට කතාකරන්න:
 
කතාකරමින් කල්ගත කිරීමට කැමැති යාළුවො නෑදෑයෝ ඉන්නවානම්, ටෙලිෆෝන් කෝල් එකකින් නැත්නම් වීඩියෝ කෝල් එකකින් ඔවුන් ඇමතීම නත්තල් දවසට ඔබින තවත් ක්‍රියාවකි.
 
 එකට සම්බන්ධවෙලා චිත්‍රපටයක් බැලීම හෝ ප්‍රශ්න විචාරක වැඩසටහනක් ගෙනියාමටත් එවැනි අවස්ථා උපයෝගී කරගත හැක.
 
බ්‍රිතාන්‍ය ජාතික ප්‍රහසන ශිල්පිනියක වන සාරා මිලිකන් (Sarah Millican) හැම අවුරුද්දකම සිය 'ට්විටර්' ගිණුම ඔස්සේ "නත්තල් දවසේ සාදකතා" වැඩසටහනක් මෙහෙයවන්නීය. 
 
එම වැඩසටහන මගින් බොහෝදෙනෙක් සතුටුවෙන බව 'මයින්ඩ්' ආයතනය පවසයි.
 
තවත් උපදේශයක් වන්නේ තමා හුදෙකලාව ඇති බවට හැඟීමක් හෝ මානසිකව කඩාවැටී සිටින්නේනම්, නිවසින් පිටතට පැමිණ ටිකදුරක් ඇවිදීම සුදුසු පියවරක් වන බවය.
 
"ජීවත්වෙන තට්ටු නිවසින් පිටට ඇවිත් ඒ අවට ඇවිදීම පවා ඔබේ මනසට මෙන්ම ඔබේ මනෝභාවය හොඳ අතට හැරීමට හේතුවෙනවා," ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යා අංශයේ මහාචාර්ය සොෆී ස්කොට් (Professor Sophie Scott) සඳහන්කර ඇත.
 
එම අදහස සමඟ මාර්තා එකඟවෙයි.
 
"පාරෙදි හමුවෙන අයට සහ බල්ලන් කැටුව යන අයට 'ශුභ නත්තලක්!' කියා පැවසීම පවා සහනයක් වේවි," ඇය පෙන්වා දෙන්නීය.
 
 
6. ආස දෙයක රස බලන්න:
 
'කළුකුම්' මස්වලට කැමති අයට ලඟම වෙළෙඳසැලට ගොස් ඒවා මිලට ගැනීමට තවත් කාලය ඉතිරිව ඇත. 
 
ආසා කරන්නේනම් ගෙනත් බුදින්න! කළුකුම් මසට ආස නැත්නම් වෙනත් දෙයක් තෝරාගන්න. 
 
කෙනෙකු විසින් අනුභව කළයුත්තේ මොනවාද? නොකළ යුත්තේ මොනවාද? යන්න සම්බන්ධයෙන් නීතිරීති බල නොපැවැත්වෙයි. 
 
එබැවින් නත්තල සඳහා කැමති ආහාරපාන සූදානම් කර ගන්න!.
 
"ඔබ රසවිඳින ආහාරපාන සූදානම්කර ගැනීමට සැලසුම් කරන්න," මයින්ඩ් ආයතනය පවසයි.
 
"එය විශේෂ පාතරාසයක් හෝ ප්‍රනීත මෘදු පානයක් වෙන්න පුළුවන්. ඒවගේම එය සාම්ප්‍රදායික නත්තල් ආහාර නොගැනීමට හොඳ හේතුවක් කරගන්නත් යොදාගන්න පුළුවන්."
 
"ඔබ දිවා ආහාරයට මනාප සලාදයක් නම්, එහෙමත් නැත්නම්, පාතරාසයට රටකජු වෙඬරුනම් ඒවා බුදින්න," එම අදහස්වලට මාර්තා සිය අදහසත් එක්කළාය.
 
"මේ නත්තල්දා ඔබගේ ජීවිතයට එළඹුන නරකම දවස නම් රාත්‍රී ඇඳට ගිහින් පහුවදා පිබිදෙනවිට නත්තල ඉවරවෙලා තියේවි," ට්විටර් පෝස්ටුවක් මගින් මාර්තා පවසන්නීය.
 
 116231442 34c34538 68c7 4810 8dc8 eccf6a191fd2
නිවසේ සිට නත්තල ප්‍රීතිවෙන්නන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ සංගීත වැඩසටහනක් ( ROCK CHOIR)
 
 
7. කොහෙත්ම සමරන්න එපා:
 
මෙවර නත්තල වෙනුවෙන් කොහෙත්ම උත්සවයක් නොගැනීමට කෙනෙකු තීරණය කර සිටීමට ඉඩකඩ ඇත. 
 
එසේනම්, මෙදිනත් අවුරුද්දේ වෙනත් දවසක් ලෙස සලකමින් ගතකළ හැකිය.
 
"හුදෙකලාව උත්සව ගැනීමට උත්සාහ කිරීමට වඩා එසේ සිටීම සැහැල්ලුවක්. කෙනෙක් එසේ කල්පනාකිරීම සහමුලින්ම තේරුම්ගන්න පුළුවන්," 'මයින්ඩ්' මානසික සෞඛ්‍ය සහන ආයතනය සඳහන් කරයි.
 
නත්තල මග හැරීමට තීරණය කළොත්, සිය සැලැස්ම ඔබ ඇසුරුකරන සෙසු පුද්ගලයන්ට දැනගැනීමට සලස්වන ලෙසත් එම ආයතනය පවසයි. 
 
නත්තල් දවසේ ඔවුන් සමඟ කතාබස් කිරීමට ලැබීම සතුටක් නමුත් ඒ දවසත් වෙනත් දවසක් ලෙස සලකමින් 'නත්තල' ගැන සඳහන් කිරීමෙන් වැළකී තමාට උදව්විය හැකි බව ඔවුන්ට පවසන ලෙස 'මයින්ඩ්' ආයතනය උපදෙස් දෙයි.
 
නත්තල වෙනුවෙන් තෑගිබෝග හුවමාරුකර ගැනීමේ සැලැස්මක් ඇත්නම් එය කල්තබාම සිදුකිරීම පහසුවකි.
 
"ගොඩාක් උදවිය තමන් ප්‍රීතිවීමට අදහස් කරන්නේ නැත යන සිතිවිලි අතර හිරවෙනවා. ඒකෙ වරදක් නැහැ! නත්තල තියෙන්නේ එක දවසයි කියන එක තේරුම්ගැනීම වැදගත්. ඒ දවසත් ඉක්මනින් ගෙවිල යනවා," මාර්තා පවසයි.
 
"නත්තලට තියෙන්නේ පැය විසිහතරයි. එදා දවසත් ඔබ ඔබගේ ජීවිතකාලය දුටු නරකම දවස නම්, ඇඳට ගිහින් පහුවදාට ඇහැරෙන කොට ඒ දවසත් ගිහින් තියේවි!"
 
(BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්