එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ශ්‍රමිකයන්ට ණය පහසුකමක් ලබා දීමට රජය ගත් තීන්දුව
පුද්ගලික බැංකු විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා පුද්ගලික අංශයේ සේවකයන්ට එම අවස්ථාව ගිලිහී තිබියදී රාජ්‍ය බැංකුත් ඔවුන් නොසලකා හැර ඇති ආකාරය දිවයිනේ පුද්ගලික අංශයේ මුල් පෙලේ වෘත්තීය සමිතියක් විසින් හෙළි කර තිබේ.
 
රට තුල පැන නැගී ඇති කෝවිඩ් 19 වසංගතයේ බලපැම නිසා අපහසුතාවයට පත්ව ඇති රාජ්‍ය හා පුද්ගලික අංශය ඇතුළු  විවිධ ශ්‍රමිකයන්ට ළඟ එන උත්සව සමය  සඳහා උත්සව ණය පහසුකමක් ලබා දීමට ජනාධිපතිවරයා ගත්  තීරණය අගය කරමින් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර වෙත යොමු කළ ලිපියක් මගින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ඉල්ලා ඇත්තේ එම පහසුකම පෞද්ගලික බැංකු හරහාත් කම්කරුවන්ට ලබා දෙන ලෙසයි.
 
"කෙසේ වෙතත් පුද්ගලික ආයතනවල සේවය කරන සේවකයන්ගේ බහුතරයක් ගිණුම් පවතින්නේ පුද්ගලික බැංකු වල නිසාත්, එම සේවකයන් ගේ වැටුප් බැර කෙරෙන්නේ එම බැංකුවල නිසාත්, මෙම උත්සව ණය පහසුකම් ලබා දීම රාජ්‍ය බැංකු වලට පමණක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් දීම නිසා පුද්ගලික අංශයේ සේවකයන්ට මෙම උත්සව ණය පහසුකම් ලබා ගැනීමට බහුතරයකට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත."
 
එබැවින් මෙම අවස්ථාව පුද්ගලික අංශයේ සේවකයන්ට ලබා ගැනීමට හැකි වන පරිදි පුද්ගලික බැකු මගින් ද උත්සව ණය පහසුකම් ලබා දීමට විධි විධාන යොදන මෙන් පුද්ගලික අංශය නියෝජනය කරන වෘත්තීය සමිතියක ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායක ඇන්ටන් මාකස් රජයෙන් ඉල්ලා සිටී.
 
Anton Marcus''එබැවින් මෙම අවස්ථාව පුද්ගලික අංශයේ සේවකයන්ට ලබා ගැනීමට හැකි වන පරිදි පුද්ගලික බැකු මගින් ද උත්සව ණය පහසුකම් ලබා දීමට විධි විධාන යොදන මෙන් පුද්ගලික අංශය නියෝජනය කරන වෘත්තීය සමිතියක ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායක ඇන්ටන් මාකස්  රජයෙන් ඉල්ලා සිටී.''
 
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරුන් වෙතත් පිටපත් යොමු කරමින් වෘත්තීය සමිති නායකයා ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර ට යැවූ ලිපිය මගින් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, රාජ්‍ය අංශයේ බැංකු දෙකක් වන ජා ඇල පිහිටි ලංකා බැංකුව සහ මහජන බැංකුව ශාඛා එම ප්‍රදේශයේ ඒකල පිහිටි එස්කුවෙල් ශ්‍රී ලංකා ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කරණ මහජන  බැංකු ශාඛාවේ ගිණුම් හිමි සේවකයන් ණය පහසුකම් ඉල්ලා සිටි අවස්ථාවේ ඔවුන් පදිංචි ප්‍රදේශයන් හි මහජන බැංකු ශාඛා වලින් ඉල්ලන ලෙස දන්වා ඇති බව සිය සංගමයට වාර්තා කර ඇති බවයි.
 
 
රාජ්‍ය බැංකුත් නොසලකා හරී
 
"එලෙසම ජාඇල ලංකා බැංකු ශාඛාවේ ගිණුම් හිමි එස්කුවෙල් ශ්‍රී ලංකා ආයතනයේ සේවය කරන සේවකයන්ට ද පවසා ඇත්තේ ගිණුම් හිමියන්ට ණය ලබා දීමට නොහැකි බවත්, එම ණය මුදල සමාගමට ලබා දීමට හැකි බවත්, සමාගම විසින් සේවකයන්ට ණය මුදල් ලබා දී එම සේවකයන්ගෙන් ණය මුදල් අය කර ලබා දෙන බවට සමාගමෙන් සහතිකයක් ඉල්ලා ඇති බව අපට වාර්තා  කර ඇත."
 
 මෙම සමාගම එම ණය මුදල්වල වගකීම භාර ගැනීම ප්‍රතික්‍ෂෙප කර ඇති බැවින් එහි සේවකයන්ට මෙම ණය මුදල් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය රජයට පෙන්වා දී තිබේ.
 
 වෘත්තිය සමිති නායකයා තව දුරටත් පෙන්වා දෙන පරිදි නිට්ටඹුවේ පිහිටි සුමිත්‍රා හසලක ප්‍රයිවට් ලිමිටඞ් ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවකයන් ද ණය පහසුකම් ලබා ගැනීම සඳහා සමාගමේ කළමණාකාරිත්වයට අයදුම්පත් ලබා දි ඇති අතර එම ප්‍රදේශයේ පිහිටි ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත අදාල අයදුම් පත් සමාගමේ කළමණාකාරිත්වය විසින් ඉදිරිපත් කර ඇත.
 
 එහි කළමණාකරුවන් ද දන්වා ඇත්තේ එම සේවකයන්ගේ ණය මුදල් පියවිම පිළිබඳව සමාගම සහතික වෙන්නේ නම් පමණක් ණය පහසුකම් ලබා දීමට හැකි බවයි.
 
 ඉහත කී සමාගම් සියල්ලේම සේවයන්ගේ වැටුප අදාල බැංකු ශාඛා ගිණුම් වලට බැර කරණ බැවින් එම ණය මුදල් පියවා ගැනීමට එම බැකුවලට හැකියාව තිබියදීත් එම ණය මුදල් පියවා ගැනීමට සහතික ඉල්ලීම කිසිසේත් පිළිගත නොහැකි තත්වයක් බවයි ඇන්ටන් මාර්කස් පවසන්නේ.
 
මෙම හේතුව නිසා පුද්ගලික අංශයේ සේවකයන්ට උත්සව ණය පහසුකම අහිමි කිරීම අසාධාරණ මෙන්ම ඔවුන්ට කරණ වෙනස් කම් දැක්වීමක් බවට වෘත්තිය සමිති නායකයා ජනාධිපති ලේකම්ට පෙන්වා දී තිබේ.
 
මෙම හේතුව නිසා පුද්ගලික අංශයේ සේවකයන්ට උත්සව ණය පහසුකම අහිමි කිරීම අසාධාරණ මෙන්ම ඔවුන්ට කරණ වෙනස් කම් දැක්වීමක් බවට වෘත්තිය සමිති නායකයා ජනාධිපති ලේකම්ට පෙන්වා දී තිබේ.
 
මෙම තත්වය සම්බන්ධයෙන් සොයා බලා එම සේවක සේවිකාවන්ට අදාල ණය මුදල් ලබා ගැනීමට පහසුකම් සළසන ලෙස මහජන බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැකුව සහ ලංකා බැංකුවේ ශාඛා කළමණාකාර නිලධාරීන්ට  උපදෙස් දෙන ලෙස වෘත්තිය සමිති නායකයා ජනාධිපති ලේකම්ගෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්