කුප්‍රකට ජාවාරම්කාර සමාගමක් සමග එක්වී සිනී ජාවාරමෙන් රජයට රුපියල් කෝටි ගණනක් අලාබයක් සිදුකළ බවට පසුගිය දිනවල දී චෝදනා ලද නුෂාඩ් පෙරේරා වහාම ක්‍රියාත්මකවන පරිදි සතොස සභාපති ධුරයෙන්
ඉවත් කිරීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් කටයුතු කර ඇත.
 
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස්මතය.
 
ඒ අනුව සතොස වැඩබලන සභාපති ලෙස වෙළඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන පත්කර ඇත.
 
 ලක් සතොස ආයතනයේ සභාපති ලෙස ද කටයුතු කරන නුෂාඩ් පෙරේරාට එම තනතුරින්ද ඉල්ලා අස්වන ලෙස වෙළඳ අමාත්‍යංශය විසින් දැනුම් දීමක් කර තිබේ.
 
නුෂාඩ් පෙරේරා මෙන්ම අදාල ජාවාරම්කරුවන් ජනාධිපතිවරයාගේ නම විකුණමින් වෙළඳ අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් බිය ගන්වමින් සිය ව්‍යාපාරික ජාවාරම් කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන ගොස් ඇත.
 
 අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා ජනාධිපතිවරයා හමුවී ඒ සම්බන්යෙන් කරුණු දක්වමින් සිය කනස්සල්ල පළකර තිබිණ.
 
ඒ අනුව සීනි ජාවාරමට සම්බන්ධ ජාවාරම්කාරයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් සොයා බලා තමා වෙත වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි අංශවලට උපදෙස් දී ඇතැයි ද වාර්තාවේ.
 
ගජමිතුරු චෞර වළල්ලකට රට මංකොල්ල කෑමට ඉඩ දී ඇතැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගියදා මාධ්‍ය හමුවක දී අනාවරණය කර සිටියේ මෙසේය.
 
 
 

සබැඳි පුවත් :
 
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්