අපනයනය කිරීම සඳහා කසළ තේවලට විෂ රසායනික ද්‍රව්‍ය කලවම් කරමින් සිටියදී
පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගත් තේ තොගයක් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ බලපෑම මත නිදහස් කර ඇතැයි වාර්තා වේ.
 
මෙවැනි වංචනික ක්‍රියාවක් සිදු වුවහොත් අදාළ කර්මාන්ත ශාලාව මාස 04ක් වසා තබා අදාළ තේ තොගය විනාශ කිරීම ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සිදු කළ යුතුව තිබුණද කර්මාන්තශාලාව විවෘත කිරීමට අවසර ලබාදී තිබේ. 
 
'දිනමිණ' පුවත්පත වාර්තා කර ඇති පරිදි මෙලෙස විවෘත කිරීමට අවසර ලබාදී ඇත්තේ ගම්පොල, වේලම්බඩ නිල්දලුකන්ද තේ කර්මාන්ත ශාලාවයි.
 
 
කසළ තේ කිලෝ එක් ලක්ෂ තිස් හත් දහසකට කර්මාන්ත ශාලාව තුළම විෂ රසායනික ද්‍රව්‍ය කලවම් කරමින් මහා පරිමාණයෙන් තේ නිපදවමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මේ කර්මාන්ත ශාලාව හා තේ තොගය මීට මාස දෙකකට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.
 
සෝඩියම් කිලෝ 235ක් පෙරස් කිලෝ 19ක් සීනි පැණි බෝතල් 138ක් සහ හඳුනා නොගත් දුඹුරු කුඩු කිලෝ 05ක් සමඟ මෙතෙක් ඉතිහාසයේ හඳුනා ගත් විශාලම කසළ තේ තොගය නැවත තේ කර්මාන්ත ශාලාවටම ලබා දෙමින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය 1957 අංක 51 දරන තේ පාලන ද උල්ලංඝනය කර තිබේ.
 

(lankaviews.com)

261220 dINAMINA

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්