මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 40,282 දක්වා ඉහළ ගොස් ඇත. 
 
ඒ ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22 කින් නව කොරෝනා ආසාදිතයින් 551 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිමත් සමගය.
 
ඉන් 541 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු 10 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇත.
 
ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 300 කි.
 
ඊට අමතරව,
 
*ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 52ක්
 
*කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 37 ක්
 
*නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 28ක් 
 
*රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 27ක් 
 
*මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 16 ක්
 
*ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 12
 
*මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 13ක් වශයෙන් ආසාදිතයින් හඳුනා ගෙන ඇත.
 
ඉතිරි ආසාදිතයින් හඳුනා ගෙන ඇත්තේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. 
 
ඒවා මෙසේය.
 
total take
 
මේ වන විට මෙරට සුවය ලබා ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 32,051ක් වන අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් ගණන 8,045 කි.
 
මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය ආශ්‍රිතව ව්‍යාප්තිය ඇරඹි කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 36,599 කි. 
 
 
බන්ධනාගාර කොවිඩ් පොකුරේ නවතම තත්ත්වය
 
බන්ධනාගාර ආශ්‍රයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 3615කි.
 
ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 121 දෙනෙකු අයත් ය.
 
බන්ධනාගාර කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින්ගෙන් 3000කට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබාඇති බව බන්ධනාගර දෙපාර්තමේන්තුව පවසයි.
 
ඒ අනුව සමස්ත ආසාදිතයින්ගෙන් 2962ක් මේ වනවිට සුවය ලබා ඇති අතර රැඳවියන් 2850 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 112 දෙනෙකු ඒ අතරට අයත්ය.
 
වෛරසය ව්‍යාප්ත වූ බන්ධනාගාර අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මැගසින් බන්ධනාගාරයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 827ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.
 
 
කොළඹ නගරසීමාවේ ආසාදිතයන්ගේ සැලකියයුතු අඩුවීමක්
 

Colombo Covid

 
කොළඹ නගර සීමාව තුළ වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසයි.
 
ඊට හේතුව වී ඇත්තේ රෝගීන් හඳුනාගත් වහාම ප්‍රජාව තුළින් ඔවුන් ඉවත්කර ගැනීමට හැකියාව ලැබීම බවද ඔහු පෙන්වා දෙයි.
 
"මේ වනවිට කොළඹ නගරය තුළින් දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව තුනෙන් එකකට පමණ අඩුවෙලා තියෙනවා. මීට පෙර ආසාදිතයින් 350ක් 360ක් වගේ අපිට දිනපතා වාර්තා වුණා. එය මේ වනවිට 90ත් 110ත් අතර ප්‍රමාණයකට පැමිණ තිබෙනවා. 
 
මෙයට ප්‍රධානම හේතුව ආසාදිතයින් සොයා අප සිදුකරණ PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ. ඒ තුළින්  අපිට රෝගීන් හමු වූ වහාම ඔවුන්ව ප්‍රජාව තුළින් ඉවත් කරගැනීමට හැකියාව ලැබෙනවා. 
 
එමෙන්ම හුදකලා කර තිබෙන හල්ගහවත්ත, මරදාන සහ වෑකන්ද කියන ප්‍රදේශවලිනුත් මේ වනවිට සීමිත ආසාදිතයින් සංඛ්‍යාවක් තමයි වාර්තා වෙන්නේ. ඒ නිසා ඉක්මණින් හුදකලා තත්ත්වයන් ඉවත් කරන්නට හැකියාව ලැබේවි."

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්