ඩෙන්මාර්ක බලධාරීන් විසින් මිලියන ගණනක් මුගටින් මරල සමූහ වශයෙන් භූමදානය කිරීම නිසා භූගත ජලය අපවිත්‍ර වීමේ තර්ජනයක් මතුවීම ගැන ලංකාවේ වගේම විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේත් අවධානයට

ලක්වෙලා.
 
ඩෙන්මාර්කය මිලියන 15 ක් මුගටින් එක්වරම මරා දැම්මේ 200ක් විතර පිරිසකට මුගටින්ගෙන් කොරෝනා වෛරසයේ ප්‍රභේදයක් ආසාදනය වීම නිසා.
 
කෝවිඩ්19 රෝගය වැළඳිලා මිය යන සිය ඥාතීන් ආදාහනය කරන්න එපා කියල ලංකාවේ මුස්ලිම් ජනතාව කරන ඉල්ලීමට විරෝධය පළ කරන බොහෝ දෙනා කොරෝනා රෝගීන් භූමදානය කිරීමෙන් අනතුරක් වෙනවා කියල පෙන්නන්න මේ සිදුවීමත් උපුටා දක්වනවා.
 
කිහිප දෙනෙක්ම මටත් ඒ ගැන පුවත් එවල තිබුණ.
 
ඩෙන්මාර්කයේ බලධාරීන් එකවර මරා දමපු මිලියන 15 කට අධික මුගටින් සමහර තැන්වල සමූහ වශයෙන් වල දැම්මේ තට්ටු කිහිපයක් විදියට.
 
සමහර මුගටින් අඩි හයත්, අටත් පමණ ගැඹුරු වලක වලදැම්ම. එත් සමහර වලක ගැඹුර මීටරයක් (අඩි තුනක්) විතර ඇති.
 
 
  116193597 hi064806693 1 
 
බටහිර ඩෙන්මාර්කයේ හමුදා කඳවුරු බහුලව තියෙන ප්‍රදේශයක එහෙම වල දාපු මුගටින්, වලෙන් ගොඩට මතුවෙලා තියෙන්නේ ඒ මළ සිරුරු දිරා යාමේ දී සිරුරුවලින් පිටවුණ නයිට්‍රජන් සහ පොස්පරස් වායූන් පස තල්ලු කරගෙන උඩට ඒම නිසා. 
 
ඒ පළාතේ තියෙන්නේ වැලි අධික පසක්.
 
ඒ විදියට මුගටි සිරුරු උඩට මතුවුණ ස්ථාන දෙකක් දැඩි මතභේදයට ලක්වෙලා. 
 
එක ස්ථානයක් පිහිටල තියෙන්නේ ජනතාව නිතර ස්නානය කරන විලක් ළඟම.
 
අනෙක ජල මූලාශ්‍රයකට ඉතා සමීපව පිහිටි තැනක්.
 
මේ තත්වය නිසා මහාචාර්ය මෙත්තිකා විතානගේ පෙන්වා දීල තිබුණ ආකාරයටම “භූගත ජලයට අපද්‍රව්‍ය එකතුවීමේ අවදානම” ගැන ඩෙන්මාර්කයේ බරපතල ආන්දෝලනයක් මතුවුනා.
 
 
35672418 8948653 image a 26 1605365229283
 
''කොහොම වුණත් මුගටින්ගේ මළ සිරුරුවලින් භූගත ජලයට කොරෝනා වෛරසය එකතුවෙන්න පුලුවන්ද කියන එක ගැන ඩෙන්මාර්කයේ නම් මෙතෙක් කිසිම පරීක්ෂණයක් පවත්වපු බවක් වාර්තා වෙලා නැහැ. ඒ ගැන බලධාරීන් දැඩි අවධානය පළ කළ බවකුත් දැනගන්න නැහැ.''
 
 
කොහොම වුණත් මුගටින්ගේ මළ සිරුරුවලින් භූගත ජලයට කොරෝනා වෛරසය එකතුවෙන්න පුලුවන්ද කියන එක ගැන ඩෙන්මාර්කයේ නම් මෙතෙක් කිසිම පරීක්ෂණයක් පවත්වපු බවක් වාර්තා වෙලා නැහැ. 
 
ඒ ගැන බලධාරීන් දැඩි අවධානය පළ කළ බවකුත් දැනගන්න නැහැ.
 
එහෙම වලෙන් එලියට පැමිණ තිබුණ මුගටි මළ සිරුරු නිසා “භූගත ජලයට අපද්‍රව්‍ය එකතුවීමේ අවදානම” සලකා බැලූ ඩෙන්මාර්ක ආණ්ඩුව, මිහිදන් කළ මුගටි මිලියන 15 න් මිලියන 4ක් විතර ගොඩට ගෙන ආදාහනය කරන්න තීරණය කරලා.
 
ඒක කරන්න නියමිත ලබන අවුරුද්දේ - 2021- මැයි මාසයේ.
 
එහෙම කරන්නේ මළ සිරුරුවලින් ගලන අපද්‍රව්‍ය (ඕජස්) නිසා ජලය අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා මිසක් මුගටි මළ සිරුවලින් ජලයට කොරෝනාවෛරසය පැතිරීම වැළැක්වීමට බවක් ඩෙන්මාර්ක බලධාරීන් කියල නැහැ.
 
 
MzLmBPTLPnWCCux 800x450 noPad
 
''එහෙම කරන්නේ මළ සිරුරුවලින් ගලන අපද්‍රව්‍ය (ඕජස්) නිසා ජලය අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා මිසක් මුගටි මළ සිරුවලින් ජලයට කොරෝනාවෛරසය පැතිරීම වැළැක්වීමට බවක් ඩෙන්මාර්ක බලධාරීන් කියල නැහැ.''
 
ඩෙන්මාර්කයේ පොලිස් ප්‍රකාශක Thomas Kristensen ජාතික ගුවන් විදුලියට කියල තිබුන විදියට මුගටින්ගෙන් කොරෝනාවෛරසරය මිනිසුන්ට ආසාදනය වුණේ මුගටින් ප්‍රශ්වාස කළ වාතය මාර්ගයෙන්.
 
ඒ නිසා disinfect කරලා වල දාපු, දිරා යන මුගටි සිරුරුවලින් මිනිසුන්ට කෝවිඩ්19 බෝවීමේ අවදානම ඉතාමත් අඩු බව පොලිස් ප්‍රකාශකවරයා කියනව.
 
කොහොම වුනත්, මරා දමපු මුගටින්ගේ ලොම්වල “බැක්ටීරියා කුඩා ප්‍රමාණයක් තවමත් තියෙන්න පුළුවන්,” බවත් Thomas Kristensen කියල තිබුණ. “මැරිච්ච සතුන්ට ලංවෙන එක කවදාවත් සෞඛ්‍ය සම්පන්න නෑ.”
 
පසුගියදා මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්ය මෙත්තිකා විතානගේ කිවුවේ, “ඒගොල්ලන් වහාම භූමදානය කරනු ලැබූ වෛරස් සහිත මුගටින් මිලියන 15 ම ආපහු ගොඩ අරගෙන ආදාහනයට ලක් කළා,” කියල.
 
 
 methika1
මිලියන 15 ක් නෙමෙයි, මිලියන 4ක් මුගටින්ගේ සිරුරු ආදාහනය කරන්න නියමිත තව මාස පහකින්.
 
ඩෙන්මාර්ක බලධාරීන් කියන්නේ, මුගටින්ගේ මළ සිරුරුවල තවදුරටත් කොරෝනාවෛරසය නොමැති බව තහවුරුවීම සඳහා ප්‍රමාණවත් කාලයක් ගතවුණාට පස්සේ, ලබන අවුරුද්දේ මැයි මාසයේ මළ සිරුරු මිලියන 4ක් ගොඩ අරගෙන පුළුස්සා දමනව කියල.
 
ඒ සඳහා ඩෙන්මාර්ක ආණ්ඩුව මේ වනවිට පාර්ලිමේන්තුවේ අනුමැතියත් ලබාගෙන තියෙනව.
 
 
(BBC මාධ්‍යවේදී සරෝජ් පතිරණ ගේ FB පිටුවෙන් ...)
 
(ඡායාරූප: අන්තර්ජාලයෙන්)
 
 
(මූලාශ්‍ර: 
 
 
බ්ලූම්බර්ග් 
 
ගාඩියන් -
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්