එළඹෙන නීතීඥ සංගමයේ මැතිවරණය වෙනුවෙන් දෙසැම්බර් 18 වන දින යුද හමුදා මූලස්ථානයේ පැවති මැතිවරණ රැස්වීමකින් අනතුරුව, ශ්‍රී ලංකා හමුදාවේ විනිසුරු අද්වකාත් සහ ඔහුගේ කාර්යාලයේ සෙසු නිලධාරීන්
නිරෝධායනයට ලක් කර තිබේ. 
 
ශ්‍රී ලංකා හමුදාවේ නීති නිලධාරීන් දෙසැම්බර් 18 වන දින යුද හමුදා මූලස්ථානයේදී අනිවාර්ය රැස්වීමක් සඳහා කැඳවා තිබිණ.
 
යුද හමුදාපති විසින්ම විටින් විට මතක් කරනු ලබන කොළඹ සහ බස්නාහිර පළාත පුරා රැස්වීම් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කර ඇති අතර අත්‍යවශ්‍ය නොවන රැස්වීම් අධෛර්යමත් කරනු ලැබුවද, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි මෙම රැස්වීම සංවිධානය කරන ලදැයි කියැවේ. 
 
'පරිපාලන පරීක්‍ෂණයක්' පවතින බවත් ඔවුන්ගේ පැමිණීම අවශ්‍ය බවත් කොළඹින් පිටත නිලධාරීන්ට දැනුම් දී තිබී ඇත.
 
කැඳවනු ලැබූ නිලධාරීන් පුදුමයට පත්ව ඇත්තේ, ඇත්ත වශයෙන්ම පරිපාලන පරීක්‍ෂණයක්‌ නොමැති නමුත් නීතිඥ සංගමයේ මැතිවරණය සඳහා ඉදිරිපත් වන එක්‌ අපේක්ෂකයෙකු වෙනුවෙන් මැතිවරණ රැස්වීමක්‌ පැවැත්වීම ය. 
 
මෙම රැස්වීම අමතනු ලැබුවේ අදාළ ජනාධිපති නීතිඥවරයා සහ නීතිඥ සංගමයේ තවත් හිටපු නිලධාරියෙකි.
 
 තමා ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳීමට කටයුතු සම්පාදනය කර තිබුන නමුත් නීතිඥ සංගමයේ මැතිවරණයට තරඟ කිරීමට ඔහුට බලකෙරුණු බැවින් එම කටයුතු ක්‍රියාත්මක කළ නොහැකි බව ජනාධිපති නීතිඥ වරයා රැස්ව සිටි පිරිසට පවසා ඇත.
 
රැස්වීමෙන් පසු හමුදාවේ අනුග්‍රහයෙන් කොක්ටේල් සාදයක් පවත්වා තිබේ.
 
 බොහෝ නිලධාරීන් තමන් කැඳවා ඇති ආකාරය ගැන පුදුමයට පත්ව තිබු අතර විශේෂිත අපේක්ෂකයෙකුට සහය දැක්වීමට බල කිරීම මෙතෙක් හමුදාව තුල නොවූවක් බව ඔවුන් පවසති.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්