කොත්තමල්ලි ලෙස හඟවමින් කෘෂි අපද්‍රව්‍ය කන්ටේනර 28ක් මෙරටට යුක්‍රේනයෙන් ගෙන්වීම

පිටුපස බලවත් ඥාති පුත්‍රයෙක් සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි lankatruth.com අනාවරණය කර තිබේ.

‘බාසල් සම්මුතිය’ අනුව එක් රටක සිට තවත් රටකට මෙසේ කෘෂි අපද්‍රව්‍ය ප්‍රවාහනය සම්පූර්ණයෙන් තහනම් වේ. විශේෂයෙන් සංවර්ධිත රටක සිට සංවර්ධනය වෙමින් පවතින රටකට මෙවැනි අපද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට බාසල් සම්මුතිය කටයුතු කරයි. 

ශ්‍රී ලංකාවද බාසල් සම්මුතියට ඇතුළත් රටකි.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර බාසල් මූලස්ථානය වෙත පැමිණිලි කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර  උපදෙස් දී ඇත.

යූක්‍රේනයේ ඇග්‍රොනිකා වෙළෙඳ සමාගමෙන් මෙම කොත්තමල්ලි තොග ඇණවුම් කර තිබුණේ පිටකොටුව ප්‍රදේශයේ ආනයන ව්‍යාපාරිකයන් 8 දෙනෙකි.

මේ මාසයේ, 10 වැනි දින බහාලුම් 08 ක් ද ,‍ 21 දින තවත් බහාලුම් 20 ක් ද යූක්‍රේනයේ සිට කොළඹ වරායට පැමිණ තිබේ. 

බහාලුම් 24 ක් කොළඹ වරායේත් , තවත් 04 රේගු බහාලුම් පරීක්ෂා කිරීමේ අංගනයේත් මේ වනවිට ගබඩා කර ඇත.

මෙම කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය මෙසේ ආනයනය කිරීම 1999 අංක 35 දරන ශාක ආරක්ෂක පනත යටතේ ද නීතිවිරෝධී බවත්, මේ පිළිබඳව පැවැත්වෙන රේගු විමර්ශන වලින් පසුව මෙම බහාලුම් 28 යළිත් යූක්‍රේනය වෙත ප්‍රති අපනයනය කිරීමට නියමිත බවත් 'ලංකාදීප' පුවත්පත වාර්තා කරයි.

Waste lanka 2

Waste lanka 1

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්