බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා 'ඔන්ලයින්' (online ) ඉගැන්වීමට ගුරුවරුන්ට බලපෑම් කර ඇතැයි පවසන 'ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව', මේ ආකාරයෙන් බලපෑම් කරමින් අධීක්ෂණය කිරීමට කටයුතු
කරන්නේ නම් සියලූ ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් කිරීමට කටයුතු කරන බව දැනුම් දී සිටියි.
එම සංවිධානයේ කැඳවුම්කරු ජොසප් ස්ටාලින් ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රී ලාල් නෝනිස්ගේ අත්සනින් යුතුව දෙසැම්බර් මස 18 දිනැතිව බස්නාහිර පළාතේ සියලූම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරු වෙත නිකුත් කරන ලද ලිපියක සඳහන් වන්නේ, බස්නාහිර පළාතේ පාසල්වල online ඉගැන්වීම් අධීක්ෂණයට කටයුතු කරන ලෙසයි.
පාසල් මට්ටමින් දුරස්ථව සිදු කරන online ඉගැන්වීම් අධීක්ෂණය කිරීම සඳහා කලාප මට්ටමින් විෂය අධ්යක්ෂවරු සහ ගුරු උපදේශකවරු යෙදවීමට කටයුතු කරන ලෙස උක්ත ලිපිය මගින් නියෝග කර ඇත.
ඒ සඳහා online ඉගැන්වීම් සිදු කරන link හා අනෙකුත් තොරතුරු ලබාදීමට සියලූ පාසල් දැනුවත් කරන ලෙසත්, online ඉගැන්වීම් කටයුතු අධීක්ෂණය සඳහා සම්බන්ධවීමට විෂය අධ්යක්ෂවරු, නිලධාරීන් හා ගුරු උපදේශකවරු යොමු කරන ලෙසත් නියෝග කර ඇත. එසේම එම ඉගැන්වීම් නියාමනය සඳහා ආකෘති 3 ක් අදාළ ලිපිය සමග යොමු කර ඇත.
පාසල් ගුරුවරු ස්වේච්ඡවෙන් තම වියදමින් ඬේටා සහ අවශ්‍ය උපාංග භාවිතා කරමින් කෝවිඞ් 19 තත්වය තුළ අඩපන වූ අධ්‍යාපන කටයුතු සැපිරීමට කටයුතු කරමින් සිටිති.
එසේ ගුරුවරු විසින් තම වියදමින් ස්වේච්ඡුාවෙන් සිදු කරන ඉගැන්වීම් අධීක්ෂණය කිරීමට නියෝග කරමින් online ඉගැන්වීම් සඳහා අනියම් ආකාරයෙන් බලපෑම් කිරීම සම්බන්ධයෙන් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයාට දැඩි විරෝධය පළකර සිටී.
''මේ වන විටත් අසාර්ථක ක්‍රියාවලියක් වී ඇති online අධ්‍යාපනය තුළ දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරු පීඩාවට පත්ව ඇති අතර, විවිධ සමාජ ප්‍රශ්න ගණනාවකට ද දරුවන් ගොදුරු වී ඇතැයි 'ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව' පවසයි.''
මේ වන විටත් අසාර්ථක ක්‍රියාවලියක් වී ඇති online අධ්‍යාපනය තුළ දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරු පීඩාවට පත්ව ඇති අතර, විවිධ සමාජ ප්‍රශ්න ගණනාවකට ද දරුවන් ගොදුරු වී ඇතැයි 'ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව' පවසයි.
ගුරුවරුන්ට සහ දරුවන්ට ඬේටා සඳහා වියදම් දැරීමට සිදුවීම, දරුවන් දුරකතන උපාංග ඔස්සේ වෙනත් විවිධ ක්‍රියාවන්ට යොමුවීම, දරුවන් තුළ අක්ෂි රෝග ඇතිවෙමින් පැවතීම වැනි ප්‍රශ්න ගණනාවක් මේ වන විට online අධ්‍යාපනය ඔස්සේ නිර්මාණය වී ඇත.
මේ තත්වය තුළ ගුරුවරුන්ට online ඉගැන්වීම් සඳහාව ඬේඩා පහසුකම් හෝ ඒ සඳහා මුදල් හෝ අවශ්‍ය උපාංග හෝ ලබා නොදෙමින් ගුරුවරු ස්වේච්ඡුාවෙන් කරන කටයුතු සඳහා මේ ආකාරයෙන් බලපෑම් කරමින් අධීක්ෂණය කිරීමට කටයුතු කරන්නේ නම් සියලූ ගුරුවරු online ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් කිරීමට කටයුතු කරන බව 'ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව' අවධාරණය කර සිටියි.
සබැඳි පුවත් :