ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි මහා පරිමාණයේ පොල් තෙල් නිෂ්පාදනාගාරයක මේවසර මුලදී සිදුවූ ගින්නක්  සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇතැයි වාර්තාවේ. 
සැලසුම් සහගතව එම කම්හල ගිනිතබා පෞද්ගලික රක්ෂණ සමාගමකින් රුපියල් ලක්ෂ 7500කට වැඩි මුදලක් ලබාගෙන ඇතිබවට ලැබී ඇති පැමිණිල්ලක් මත එම විශේෂ විමර්ශනය ආරම්භකර ඇතැයි පැවසේ.
 
මෙම කර්මාන්ත ශාලාව සුදු පොල්තෙල් නිෂ්පාදනය කර විදේශ රටවල් ගණනාවකටම ආනයනය කර මෙරටට විදෙස් විනිමය ගෙනා ආ මෙරට ප්‍රකට ව්‍යාපාරික ආයතනයකි.
 
අලුයම් කාලයේ මෙම ගින්න හටගත් අවස්ථාවේදී ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, ගම්පහ පොලීසිය මෙන්ම යුද හමුදා වේයන්ගොඩ කඳවුරේ නිලධාරීහු ගින්න නිවා දැමීමට කටයුතු කර තිබිණ.
 
ඒ සම්බන්ධයෙන් පළවී තිබු මාධ්‍ය වාර්තාවල සඳහන් වුයේ, එම ගින්නෙන් කම්හලේ ප්‍රධාන බොයිලේරුව ඇතුළු යන්ත්‍රෝපකරණ මුළුමණින්ම දැවී ගොස් තිබු බවයි.
 
ගින්න සිදුවන අවස්ථාවේදී අපනයනය කිරීම පිණිස විශාල ප්‍රමාණයක සුදු පොල්තෙල් සකස් කර තිබී ඇති අතර ගින්නෙන් රුපියල් කෝටි ගණනක හානියක් සිදුව තිබු බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
 
ගින්න මැඩපැවැත්වීමට ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීම් රථ සහ ජල බවුසර් 10 ක් යෙදවූ බව ගම්පහ පුරපති එරංග සේනානායක පවසා සිටි බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
 
 
ඇතුලේ ගේමක් දැයි සැකයක් !
 
 
කෙසේවුවද මෙම ගින්න සිදුවන අවස්ථාවේ සැකකටයුතු දෙතුන් දෙනෙකු ලොකු බෝතල් අතැතිව සිටින ආකාරය CCTV දර්ශනවල පැහැදිලිව දක්නට ලැබුනද එම දර්ශන මැකී ගොස් තිබීම සැකකටයුතු බව අදාල පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි වාර්තාවේ.
 
එසේම, මෙම ගින්න සැකකටයුතු බවට රජයේ රස පරීක්ෂකවරයා මුලදී ලබාදුන් වාර්තාව සම්බන්ධයෙන් අවධානයක් යොමුකර නැතැයි ද එය බරපතල සැකයට හේතුවක් බවද එම පැමිණිල්ලේ සඳහන්වන බව පැවසේ.
 
මෙම සැකකටයුතු කරුණු යට ගසා අදාල රක්ෂණ මුදල ලබාගැනීමට පොලිසියේ ඉහල නිලධාරීන් කිහිප දෙනෙකු මෙන්ම, අදාල රක්ෂණ සමාගමේ නිලධාරින්ද කටයුතු කර ඇති අදාළ පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි ද වාර්තාවේ.
 
එම කම්හලේ හිමිකරු අදාල දිස්ත්‍රීක්කයේ දේශපාලන ප්‍රබලයකුගේ සමීපතම ආධාරකරුවකු බවත්, පසුගිය මහ මැතිවරණයේදී එම දේශපාලනඥයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කර ඇති බවත් අදාල පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව වාර්තාවේ.
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්