වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන් වන සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හා ලංකා සතොස ආයතනයන් වල නව සභාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන
විසින් අද දින වෙළෙඳ අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
 
මොවුන් දෙදෙනා අලුතින් පත් කර ඇත්තේ එම රාජ්‍ය ආයතන දෙකෙහි ම සභාපති ලෙස කටයුතු කළ නුෂාඞ් පෙරේරා වෙනුවටය.
 
මෙම ආයතනයන් වලින් අපේක්ෂිත ප්‍රගතිය ලබා ගැනීමට හිටපු සභාපතිවරයා අසමත් වීම හේතුවෙන් මෙම නව පත්වීම් සිදු කරන ලද බවත්, ඒ අනුව සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (CWE) නව සභාපතිවරයා වශයෙන් නීතීඥ වෙනුර ගුණවර්ධන ද ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් ද පත් කරනු ලැබූ බව වෙළඳ අමාත්‍යංශ මාධ්‍ය ඒකකය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.
 
 

WhatsApp Image 2020 12 28 at 6.21.30 PM 1

හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන නීතීඥ වෙනුර ගුණවර්ධන  කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය කළමණාකරණය පිළිබඳ විශේෂ උපාධිධාරියකුද වේ.
 
එමෙන්ම ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබුවේ රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇත.
 
ඒ අනුව නව සභාපතිවරුන් දෙදෙනා හට ආයතන දෙකෙහි උන්නතිය උදෙසා පැවරුණු ඉලක්කයන් හා වගකීම් නිසි පරිදි ඉටු කිරීමටත් ඒ අනුව කිසිදු පාඩුවක් නොලබමින් ජනතාව වෙනුවෙන් සිය සේවාව නිසි ලෙස ක්‍රියාත්මක කිරීමටත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මෙහිදී උපදෙස් ලබා දෙන ලද බව වෙළඳ අමාත්‍යංශ මාධ්‍ය ඒකකය විසින් නිකුත්කර ඇති නිවේදනයේ සඳහන් වේ.
 
 
පළමු අනාවරණය 'ද ලීඩර්' වෙතින් ....
 
 
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට හා ලක් සතොස ආයතනයට ලබන සඳුදා සිට අලුත් සභාපතිවරුන් දෙදෙනෙකු පත්කිරීමට නියමිත බව පළමුවරට අනාවරණය කරනු ලැබුවේ theleader.lk පුවත් වෙබ් අඩවියයි. ඒ පෙරේදා (දෙසැ . 26 ) දිනයේ 'සතොසට හා ලක් සතොසට අලුත් සභාපතිවරු දෙදෙනෙක්!' යන ශීර්ෂයෙන් යුතුවය.
 
 
සතොස ආයතනයේ සභාපති ලෙස බන්ධනාගාර මුලස්ථානයේ අතිරේක කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කළ නීතිඥ වෙනුර ගුණවර්ධන ද, ලක් සතොස සභාපති ලෙස සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් ආනන්ද පීරිස් ද පත්කිරීමට නියමිත බව අපගේ පුවත් වාර්තාව මගින් අනාවරණය කරනු ලැබිය. 
 
  

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්