අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි සිය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වූ ලිපියක් අද දිනයේ දී බාර දී නැතැයි ඔහුගේ මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම්  theleader.lk'

වෙත පැවසිය. 

 
ඔහු එබව කියා සිටියේ, ''ඇමති අලි සබ්රි ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි රාවයක්!'' යන ශීර්ෂයෙන් යුතුව 'ද ලීඩර්' අද පස්වරුවේ පලව තිබු පුවත් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
 
කෙසේවුවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ අමත්‍යවරයා විසින් එවැනි ලිපියක් ලබාදී ඇතත් ජනාධිපතිවරයා විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි.
 
මේ අතර මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසුයේ අධිකරණ අමාත්‍යවරයා දැඩි කනස්සල්ලකින් සිටින බවත් ඔහු දේශපාලනයෙන් ඉවත්වනබව මිට දින කිහිපයකට පෙර අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවේ පැවසු බවත්ය. 
 
අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් දුනහොත් මේ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතුවක් ජනාධිපතිවරයාට නැතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 
********************UPDATE 20.15 *************
 
 ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
කෙසේවුවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවයි.
 
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයකු පැවසුයේ, මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීම සඳහා ජනාධිපතිවරයාට බලපෑම් කිරීමේ අරමුණින් අධිකරණ ඇමතිවරයා මෙවැනි ලිපියක් යොමුකරන්නට ඇතැයි විශ්වාස කරන බවයි.
 
කෙසේවුවද අධිකරණ ඇමතිවරයාට සමීප හිතවතකු පැවසුයේ, කෝවිඩ් නයින්ටින් අසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය තුල මතුව ඇති විරෝධය තුල ඇමතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් දැඩි මානසික පිඩනයකට ලක්ව සිටින බවයි.
 
මේවනවිට මුස්ලිම් සමාජය තුළ විශාල කලකිරීමක් වර්ධනය වෙමින් තිබෙන බවත්, එය යම් යම් කොටස්වලට ආයුධයක් කර ගැනීමේ හැකියාවක් පවතින බවත්, මේ තුළින් පීඩාවට පත් තරුණ කොටස් යම් කිසි තැනකට තල්ලු වීමේ අවධානමක් පවතින බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි 'රාවය' පුවත්පතට ප්‍රකාශකර තිබිණ.
 
මේවනවිට මුස්ලිම් සමාජය තුළ විශාල කලකිරීමක් වර්ධනය වෙමින් තිබෙන බවත්, එය යම් යම් කොටස්වලට ආයුධයක් කර ගැනීමේ හැකියාවක් පවතින බවත්, මේ තුළින් පීඩාවට පත් තරුණ කොටස් යම් කිසි තැනකට තල්ලු වීමේ අවධානමක් පවතින බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි 'රාවය' පුවත්පතට ප්‍රකාශකර තිබිණ.
 
එම ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවට පක්ෂපාති 'ජාතික බලවේග' වලින් දැඩි විරෝධයක් එල්ලවී තිබු අතර අලි සබ්රි අමාත්‍යවරයාට අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයාට හිතවත් භික්ෂුන් වහන්සේ නමක් ලෙස සැලකෙන පුජ්‍ය - පුජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන්ද දැඩි බලපෑමක් එල්ලවී තිබු බවද වාර්තාවේ.
 
ඒ අතර ගාලු මෝදර පිටිය ආසන්නයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට දක්වා පා ගමනින් පැමිණි ආණ්ඩුවට පක්ෂපාති ජාතික සංවිධාන එකමුතුව, නව සිංහල රාවය ඇතුලු භික්ෂු සංවිධාන කිහිපයක් ඊයේ  (දෙසැම්බර් 28 සදුදා) විරෝධතාවයක් දියත් කරමින් රජයට බල කර තිබුනේ සියලු කොරෝනා මරණ ආදාහනය කරන ලෙසයි.
 
Lanka Virus
 
කෙසේවුවද, අලි සබ්රි මහ මැතිවරණයට පෙර මුස්ලිම් ජනතාව හමුවේ රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් සහතික දුන්නේ මෙසේය. 
 
 

අමාත්‍ය අලි සබ්රි අද දිනයේ සිට ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

dassf

 
 
සබැඳි පුවත් :
 
 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්