පසුගිය අයවැය සමයේදී සිගරට් තොග ගණනින් රැස්කළ බවට වාර්තාවූ ව්‍යාපාරිකයකුව මින් ඉදිරියට විජේරාම පිහිටි අගමැති නිල නිවසට වැද්ද නොගන්නැයි අගමැතිවරයා සිය ආරක්ෂක බලධාරීන්ට උපදෙස් දී ඇතැයි
 
වාර්තාවේ.
 
ඒ, ඔහු අගමැතිවරයාගේ නම විකුණා ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබාගැනීමට කටයුතු කර තිබීමත්, අයවැය රහස් තමා දන්නා බවට හඟවමින් කටයුතු කර ඇතැයි වාර්තාවීමත් නිසාය.
 
මෙම ව්‍යාපාරිකයා අගමැතිවරයාගේ සමීපතමයකු වන අතර නිතර දෙවේලේ අගමැති නිවසට යන එන පුද්ගලයකු ලෙස සැලකේ.
 
පසුගියදා ඔහුව කැඳවා ඇති අගමැතිවරයා ඔහු වෙත බරපතල දෝෂාරෝපණයක් එල්ල කළ අවස්ථාවේදී, තමාව ඒ සඳහා පෙළඹ වුයේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්යමණ්ඩල ප්‍රධානියකු බව එම ව්‍යාපාරිකයා විසින් පැවසු බව වාර්තාවේ. 
 
එහිදී ඔහු රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකුගේ නම සඳහන් කර ඇතැයි ද පැවසේ.
 
අනතුරුව එම ව්‍යාපාරිකයා නිවසින් පන්නා ගෙන ඇති අගමැතිවරයා, ඔහුව මින්පසු විජේරාම නිවාස පැත්ත පළාතකට වැද්ද නොගන්නැයි ආරක්ෂා අංශ බලධාරීන්ට නියෝගකර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
 
 
ලංකා බැංකුවෙන් කෝටි 215ක ණයක් !
 
 

lanka

 
සිද්ධියට අදාල පසුබිම් කතාව මෙසේය. 
 
 
අයවැයේ දී වැඩිවන සිගරට් මිලේ වාසිය ලබා ගැනීමට අමතර සිගරට් තොග රැස් කිරීම සඳහා
ඩී.එස්. ගුණසේකර පෞද්ගලික සමාගමට රුපියල් කෝටි 215ක ණයක් ලංකා බැංකුව අනුමත කර තිබු බව 'අනිද්දා' ජාතික පුවත්පත මිට ඉහතදී වාර්තා කර තිබිණ.
 
එම පුවත්පත් වාර්තාවට අනුව, අදාල සමාගම මෙම ණය ඉල්ලීම් කිරීම මාතර කටුවන ශාඛාවෙන් සිදුකර ඇති අතර එම ණය ඉල්ලීම ලංකා බැංකුවේ ණය අනුමත කරන කමිටුව සැප්තැම්බර් 9 වනදා අනුමත කර තිබේ.
 
 දකුණු පළාතේ ලංකා බැංකු ශාඛාවක් ලබා දෙන විශාල ම ණය වශයෙන් එය ඊට සම්බන්ධ බැංකු ණය ලියකියවිලිවල දැක්වේ.
 
 මෙම ණය ලබා දීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ පෞද්ගලික ඇප සලකා බලා ඇත.
 
එම ණය ඉල්ලීමේ සඳහන් වන්නේ අයවැයෙන් සිගරැට් මිල වැඩිවීමේදී ඊට පෙර අතිරේක සිගරට් තොග රැස් කිරීම මගින් ලාභ ඉපයීම සඳහා එම ණය මුදල නිකුත් කරන ලෙසයි.
 
 බැංකුවේ එම ඉල්ලීමට අනුමැතිය දෙන්නේ ඒ පිළිබඳව දැනුවත්ව බව ණය ලියවිලි අනුව පෙනේ.
 
මාස 6ක කාලය නැවත ගෙවීමට අදාළ ණය මුදල මගින්  සිගරට් 10,000 කින් යුත් ගෝල්ඩ් ලීෆ් සිගරට් පෙට්ටි 5000 ක් ද ඩන්හිල් පෙට්ටි 160ක් ද මිලදී ගැනීමට අදහස් කර ඇත.
 
 එමගින් ඉපයීම්ට අදහස් කර ඇති ශුද්ධ ලාභය රුපියල් මිලියන 7697 කි.
 
 මේ ණය මගින් බැංකුව ලබා ගැනීමට බලාපොරොත්තු වී ඇති ලාභය රුපියල් මිලියන 85 කි.
 
කෙසේවුවද මුදල් අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා පසුගියදා ඉදිරිපත්කළ අයවැයේදී සිගරට් මිල වැඩි නොකිරීම නිසා අදාල ව්‍යාපාරිකයා බරපතල අසීරුතාවයකට පත්ව ඇතැයි වාර්තාවේ. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්