පසුගියදා යුක්රේනයේ සිට මෙරටට ගෙනා ආ සංචාරකයින් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව වාර්තාවේ. 
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ යුක්‍රේනයෙන් පැමිණි සංචාරකයින් තිදෙනෙකුට මෙසේ ආසාදිත වී ඇති බවයි.
 
වෛරසය ආසාදනය වූ බවට හඳුනා ගනු ලැබූ සංචාරකයින් තිදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
 
මෙරට සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වීම අරමුණු කරගනිමින් නිරෝධායන ක්‍රමවේදයට යටත්ව විදේශිකයින් ගෙන්වා ගැනීම පසුගිය දා ආරම්භ කෙරිණ.
 
එහි පළමු කණ්ඩායම ලෙස යුක්‍රේන සංචාරකයින් 180 දෙනෙකු පසුගිය 28 වන දා මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියහ.
 
එලෙස සංචාරකයින් පිරිස දිවයිනට ළඟා වීමෙන් පසු PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර පසුව ඔවුන්ව හෝටල් වෙත යොමු කෙරිණ.
 
එලෙස සිදුකළ PCR පරීක්ෂණ මගින් පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.
 
මෙම ව්‍යාපෘතියේ දෙවන කණ්ඩායම ලෙස යුක්රේන් සංචාරකයින් 204 දෙනෙකු ඊයේ (29) දිවයිනට පැමිණ තිබිණ.
 

Mathala 2 .2020.12.30

 

මෙරටට පැමිණෙන සංචාරකයෙකුට  කොවිඩ් ආසාදිත බව තහවුරු වුවහොත් ඔවුන් පිළිබද ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් පුර්ව සූදානමක් ඇති බවත් ඒ අනුව යුක්‍රේනයෙන් පැමිණි කෝවිඩ් ආසාධිත බව තහවුරු වූ සංචාරකයන් තිදෙනා පිළිබද ඉදිරි පියවර සෞඛ්‍ය බළධාරීන් විසින් ගෙන ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග  පවසයි.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යංශය සඳහන්කර ඇත්තේ  මෙම තත්ත්වය සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියාමන ව්‍යාපෘතියට කිසිදු බදාවක් ඇති නොකරන බවයි.

 
 

 කොවිඩ් බෝවීමේ අවධානමක් නැහැ

 
 
සබැඳි පුවත් :
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්