එකොලොස් දෙනකු මරා දමමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කළ මහර බන්ධනාගාරයේ සමුලඝාතක අපරාධය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට බන්ධනාගාරය තුලදී විවිධ වධ හිංසන එල්ල වන බවට සිරකරු
අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් චෝදනා කරයි.
 
"අපි දිගින් දිගටම කියන්නේ මේ මිනිමරුවොන්ගේ යටතේ තමයි අද මේ සාක්ෂි කරුවෝ ඉන්නේ. මේ ගොල්ලෝ මොන ක්‍රමයෙන් හරි මේ සාක්ෂි වළලන්න විශාල උත්සාහයක් දරනවා. "
 
මහර බන්ධනාගාරයේ සිටින "මිනීමරු" නිලධාරීන් වෙනත් බන්ධනාගාරයකට මාරු කර සාක්ෂි ආරක්ෂා කරන ලෙස විෂයභාර අමාත්‍යවරයාගෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා ඉල්ලා සිටියේ දෙසැම්බර් 30 බදාදා මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
sudesh
 
''මහර බන්ධනාගාරයේ සිටින "මිනීමරු" නිලධාරීන් වෙනත් බන්ධනාගාරයකට මාරු කර සාක්ෂි ආරක්ෂා කරන ලෙස විෂයභාර අමාත්‍යවරයාගෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා ඉල්ලා සිටියේ දෙසැම්බර් 30 බදාදා මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.''
 
මෙම ඉල්ලීම කරන දිනයේම මහර සිරගෙදර ප්‍රහාරය පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය අලි සබ්රි වෙත භාර දී තිබුණි.
 
මහර බන්ධනාරයේ අපරාධය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට නිසි පරිදි ආහාර පාන ලබා නොදෙන බවටත් සුදේශ් නන්දිමාල් සිල්වා මාධ්‍යවේදීන් හමුවේ චෝදනා කළේය.
 
“ඔවුන්ගේ ජීවිත පවා අනතුරේ” යි ප්‍රධාන ලේකම් වරයා අනතුරු ඇඟවීය.
 

1 1

මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබදව සොයා බැලීමට පත් කළ කමිටුවේ පුර්ණ වාර්තාව අධිකරණ ඇමතිට භාර දෙයි
 
 
 
 
හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල් රණවීරයි.
 
 
 
පපුවේ වෙඩි සලකුණු:
 
නොවැම්බර් 29 දින සිදු වු මහර බන්ධනාගාරයේ  සමුලඝාතනයෙන් මියගිය එකොලොස් දෙනාගෙන්, අට දෙනකුම මරුමුවට පත්ව ඇත්තේ වෙඩි වැදීමෙන් සිදුවූ බරපතල තුවාල වලින්  බව අධිකරණය හමුවේ මේ වන විට  තහවුරු වී තිබෙන අතර ඔවුන් සැමගේම සිරුරු ආදාහනය කිරීමට නියෝග ලබා දී තිබේ.
 
 මළ සිරුරු හඳුනා ගත් ඥාතීන් කිහිප දෙනකුම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) හා කියා තිබුනේ තම සමීපතමයන් ගේ පපුවේ තුවාල 3 ක් හෝ 4 ක් දැකගන්නට තිබුණු බව ය.
 
 වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය රැඳවියන් ලෙස මේ වනවිට හඳුනාගෙන පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කොට ඇත්තේ රමිඳු සුලක්ෂණ රොද්‍රිගෝ, ප්‍රදීප් අතුල කුමාර, ඇරැව්වල භවන්ත කුමාර, ඉන්දික පුෂ්පකුමාර, අමිත් සුබසිංහ, සම්පත් පුෂ්ප කුමාර, රසික හර්ෂණ කාරියවසම් සහ මාලන් ක්‍රේග් යන අට දෙනාගේ බව ජේඩීඑස් වැඩි දුරටත් වාර්තා කර තිබේ.
 
 තවත් තිදෙනකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා  ලබන වසරේ  අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 
මෙම ඝාතන සම්බන්ධයෙන්, පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරණ බහුවිධ වෝහාරික විශේෂඥ මණ්ඩල සමාජිකයන් වන්නේ, කොළඹ විශ්ව විද්‍යාලයේ වෝහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය ජීන් පෙරේරා, උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි සඳුන් විජේවර්ධන, මුල්ලේරියාව බෝ වෙන රෝග රෝහලේ (අයිඩීඑච්) ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි චන්න පෙරේරා, දකුණු කොළඹ ශික්ෂණ (කළුබෝවිල) රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි පී පී දසනායක සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රස පරීක්ෂක බී.ජී. මඩවල ය.
 
 
 
සබැඳි පුවත් :
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්