සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද 11 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුව,
ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 වෛරසය වැළදීමෙන් මරුමුවට පත්වන පුද්ගලයන්ගේ සිරුරු බැහැරකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති නිර්දේශ සංශෝධනය කර ආදාහනය හා භූමදානය යන ආකාර දෙකම ඇතුළත් කිරීම සඳහා යෝජනා කර තිබේ.
 

PROF JENIFFER PERERA

ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව විසින් පසුගිය සතියේදී අදාළ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලදී.
 
කෝවිඩ් -19 යනු SARS-CoV-2 මගින් ඇතිවන උග්‍ර ශ්වසන රෝගයක් ලෙස හදුන්වා දී කමිටුව, එය ප්‍රධාන වශයෙන් පෙනහළු හා ශ්වසන මාර්ගයට බලපාන බවට පෙන්වා දී ඇත.
 
SARS CoV-2 වෛරසය ආවරණය කරන ලද වෛරසයක් වන අතර එය ආවරණය නොකරන ලද වෛරසයක් සමඟ සසඳන විට අහිතකර පාරිසරික තත්ත්වයන් මගින් වඩා වේගයෙන් විනාශ වේ යැයි ද කමිටුව පවසයි.
 
හුස්ම ගැනීම, කැස්ස, කිවිසුම් යාම, කතා කිරීම හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී ශ්වසන ස්‍රාවයන් මගින් බිඳිති බැහැර කරන විට ජීවත්වන, ආසාදිත පුද්ගලයින් විසින් එය සම්ප්‍රේෂණය කරනු ලැබේ යනුවෙන් කමිටුව සකස් කළ වාර්තාවේ දැක්වේ.
 
ආසාදිත පුද්ගලයින් විසින් භාවිත කරන ලද පෘෂ්ඨ හා වස්තූන් මත ද වෛරසය හඳුනාගත හැකි අතර විවිධ කාල පරාසයන් තුළ එය සක්‍රියව පවතින අතර ඔවුන්ගේ අසාදිත දෑතින් වෙනත් අයට සම්ප්‍රේෂණය විය හැකි යැයි ද එහි සඳහන් ය.
 
ඇතැම් ආසාදිත පුද්ගලයින්ගේ මළ මූත්‍ර වලින් ද ආසාදනය විය හැකි බව ඉන් කියැවේ.
 
ආසාදිත පුද්ගලයින් විසින් භාවිත කරන ලද පෘෂ්ඨ හා වස්තූන් මත ද වෛරසය හඳුනාගත හැකි අතර විවිධ කාල පරාසයන් තුළ එය සක්‍රියව පවතින අතර ඔවුන්ගේ අසාදිත දෑතින් වෙනත් අයට සම්ප්‍රේෂණය විය හැකි යැයි ද එම වාර්තාවේ සඳහන් ය.
 

2021 01 02at15.30.55විශේෂඥ කමිටු නිර්දේශවලින් කොටසක්

dfrerවිශේෂඥ කමිටුවේ සාමාජිකයින්

 
සමහර රෝගීන්ගේ ප්ලාස්මා සහ සේරමය (plasma and serum) තුළ අඩු වෛරස ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. ඒවා ආසාදනය විය හැකි බව පෙන්නුම් කෙරෙන්නේ යැයිද එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි.
 
"වෛරස් වලට ශරීරය තුළ එක් වර ප්‍රතිනිර්මාණයක් කළ නොහැක. ආසාදිත පුද්ගලයා මිය ගිය පසුව ශරීරයේ ජීව සෛල නොමැති බැවින් ඉතිරිව ඇති වෛරසය පුද්ගලයෙකුගේ මරණයත් සමඟ යම් කාලයක් තුළදී මිය යයි. SARS-Cov-2 වෛරස් ආසාදනය ජලයෙන් බෝවන රෝගයක් නොවේ," යනුවෙන් ද මෙම වාර්තාවේ සඳහන් කර ඇත.
 
''මළ සිරුරක ඉතිරිව ඇති වෛරස ජලය අපවිත්‍ර වීමට තරම් ප්‍රමාණවත් නොවන බව සදහන් කරන එම වාර්තාව පෙන්වාදෙන්නේ භූගත ජල මට්ටමට කාන්දු වීමට පසේ ස්ථර කිහිපයක් පසුකර යා යුතු බැවින් එසේ පස් ස්ථර තුළින් කාන්දුවිමේදී ඕනෑම අවශේෂ වෛරසයක් අඛණ්ඩව මිය යන අතර එය ආසාදිත මට්ටම් කරා ළඟාවීම ඉතාමත් දුර්ලභ බවය.''
 
මළ සිරුරක ඉතිරිව ඇති වෛරස ජලය අපවිත්‍ර වීමට තරම් ප්‍රමාණවත් නොවන බව සදහන් කරන එම වාර්තාව පෙන්වාදෙන්නේ භූගත ජල මට්ටමට කාන්දු වීමට පසේ ස්ථර කිහිපයක් පසුකර යා යුතු බැවින් එසේ පස් ස්ථර තුළින් කාන්දුවිමේදී ඕනෑම අවශේෂ වෛරසයක් අඛණ්ඩව මිය යන අතර එය ආසාදිත මට්ටම් කරා ළඟාවීම ඉතාමත් දුර්ලභ බවය.
 
"තවද, ජල මට්ටමට ළඟා වන ඕනෑම අවශේෂ බෝවන වෛරසයක් විශාල ජල පරිමාවකින් තනුක වේ. එමනිසා, වෛරසයේ අවම ආසාදිත මාත්‍රාව තරමක් ඉහළ බැවින් ජලයේ ඇති වෛරස් ප්‍රමාණය ශ්ලේෂ්මල පටල සමඟ සම්බන්ධ වීමෙන් හෝ අපවිත්‍ර වූ දෑත් මගින් ආසාදනයට තුඩු දීමට ප්‍රමාණවත් නොවේ."
 
"එම හේතු නිසාම, SARS හෝ ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් මියගිය පුද්ගලයින් භූමදානය කිරීමේදී ජලය දූෂණය වීමෙන් සම්ප්‍රේෂණය වූ බවට කිසිදු සාක්ෂියක් නොමැත."
 
"කෙසේ වෙතත්, ජෛව හායනයට ලක් නොවන සිරුරු බහාලන බෑග වැනි වෛරස කාන්දුවකට ඉඩක් නැති ද්‍රව්‍ය භාවිතයෙන් ශරීරය ඔතා තැබීමෙන් ජලය දූෂණය වීම බොහෝ දුරට වළක්වා ගත හැකිය." යැයි එහි කියැවේ.
 
"කෙසේ වෙතත්, ජෛව හායනයට ලක් නොවන සිරුරු බහාලන බෑග වැනි වෛරස කාන්දුවකට ඉඩක් නැති ද්‍රව්‍ය භාවිතයෙන් ශරීරය ඔතා තැබීමෙන් ජලය දූෂණය වීම බොහෝ දුරට වළක්වා ගත හැකිය." යැයි එහි කියැවේ.
 
 එම වාර්තාව තවදුරටත් සඳහන් කරන්නේ SARS-CoV-2 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ මළ සිරුර ආසාදනයට ඉඩ තැබිය හැකි බැවින් එම මෘත ශරීරය සමඟ සමීප සම්බන්ධතා ඇති සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අදාළ දේහය බැහැර කිරීමට සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කළ යුතු බව ද එහි සඳහන් ය.
 
 
 
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිවේදනය
 

SLMA

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් භූමදානය කිරීමේ ගැටලුවක් නොමැති බවය.
 
පුද්ගලයෙකු මියගිය පසු පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ්-19 වෛරසය ශරීරගත වී ඇති බවට කියවුනද දේහයෙන් වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් නොමැති බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සභාපතිත්වය දරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිකුත්කළ නිවේදනයෙන් කියැවේ.
 
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය 31වැනි දා විශේෂඥයින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව දැනට පවතින විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත.
 
ඒවා නම්, කෝවිඩ් -19 ආසාදනය වන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් වන අතර, උදරය සහ බඩවැල් ආශ්‍රිත පද්ධතිවලින් මෙම වෛරසය ආසාදනය වීමක් මින් පෙර කිසිදු අවස්ථාවක වාර්තා වී නොමැති බවත් වෛරසයට ජීවත් විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් එයට මෘත දේහයක් තුළ සැලකිය යුතු කාලයක් ජීවත් වීමට ඇති ඉඩකඩ ඉතාමත් අල්ප බවත් ඉන් කියැවේ.
 
''කෝවිඩ් -19 ආසාදනය වන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් වන අතර, උදරය සහ බඩවැල් ආශ්‍රිත පද්ධතිවලින් මෙම වෛරසය ආසාදනය වීමක් මින් පෙර කිසිදු අවස්ථාවක වාර්තා වී නොමැති බවත් වෛරසයට ජීවත් විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් එයට මෘත දේහයක් තුළ සැලකිය යුතු කාලයක් ජීවත් වීමට ඇති ඉඩකඩ ඉතාමත් අල්ප බවත් ඉන් කියැවේ.''
 
පශ්චාත් මරණ පරීක්ෂණයේදී පී.සී.ආර්. පරීක්ෂණයකින් අදාළ පුද්ගලයා ආසාදිතයෙකු වීම මත ඔහුගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය විය හැකි බවට නිගමනය කළ නොහැකි බව අතර කොවිඩ්-19 ආසාදිතයින්ගේ මළ මූත්‍ර ආදිය ජල පද්ධතියට එක් වීමෙන් සිදු විය හැකි හානිය, දේහ මිහිදන් කිරීම තුළින් ඇති විය හැකි අපවිත්‍රතාවකට වඩා දැඩි ලෙස බරපතල බවත් ඉන් පෙන්වා දෙයි.
 
වෛරසයේ කොටස් භූගත ජලය තුළ මීට පෙර සොයාගෙන ඇති නමුත් එමගින් බෝ වී ඇති අවස්ථා කිසිවක් වාර්තා වී නොමැති අතර, දීර්ඝ ලෙස අධ්‍යයනයට ලක් වූ මෙවැනිම වෛරස වන, ඉන්ෆ්ලුවෙන්සා හා සාස් වෛරස ද මේ ආකාරයෙන් ආසාදනයවීම් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බව යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියා සිටී.
 
MzLmBPTLPnWCCux 800x450 noPad
''ඩෙන්මාර්කයේ කෝවිඩ් හේතුවෙන් මරා දැමුණු මුගටි විශේෂයෙන් විශාල ප්‍රමාණයක් මිහිදන් කර නැවත ගොඩට ගැනීම සිදු වූයේ අදාළ වෛරසයෙන් එරට භූගත ජලය දූෂණය වීමක් නිසා නොවන අතර එම මුගටි විශේෂයේ මළ සිරුරු දිරාපත් වීම නිසා ඇති වූ නයිට්‍රජන් අපද්‍රව්‍ය නිසා ඒ ආසන්නයේ පිහිටි ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම සිදුව ඇති බව ද වෛද්‍ය සංගමය පවසයි.
 
ඩෙන්මාර්කයේ කෝවිඩ් හේතුවෙන් මරා දැමුණු මුගටි විශේෂයෙන් විශාල ප්‍රමාණයක් මිහිදන් කර නැවත ගොඩට ගැනීම සිදු වූයේ අදාළ වෛරසයෙන් එරට භූගත ජලය දූෂණය වීමක් නිසා නොවන අතර එම මුගටි විශේෂයේ මළ සිරුරු දිරාපත් වීම නිසා ඇති වූ නයිට්‍රජන් අපද්‍රව්‍ය නිසා ඒ ආසන්නයේ පිහිටි ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම සිදුව ඇති බව ද පවසන වෛද්‍ය සංගමය, ජලය මාර්ගයෙන් විශාල වශයෙන් ව්‍යාප්ත වන කොළරාව වැනි රෝගයකදී වුවද එය ආසාදිතව මියගිය අයගේ සිරුරු මිහිදන් කිරීමට සෑම විටම ඉඩ ලබා දී ඇති බවද සඳහන් කරයි.
 
මෙම විශේෂඥයන්ගේ නිර්දේශ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගෙන් විමසීමට බීබීසී සිංහල සේවය ගත උත්සාහය සාර්ථක නොවීය. 
 
අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගෙන් විමසා බීබීසී සිංහල සේවයට පසුව දැනුම්දෙන බවකි.
 
මේ අතර අදාළ විශේෂඥ මතය විවේචනය කරමින් භික්ෂුන් වහන්සේ කිහිපනමක් මාධ්‍ය වෙත නිවේදන නිකුත්කර තිබුණි.
 

 
(රංග සිරිලාල්- බීබීසී සිංහල)
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්