එකොලොස් දෙනකු මරා දමමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කළ මහර බන්ධනාගාරයේ සමුලඝාතක අපරාධය
ඇසින් දුටු සාක්ෂි හෙළි කර ගැනීම සඳහා රජය වහාම පියවර ගත යුතු බව සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් රජයට යෝජනා කරයි.
 
 "ඒ ස්වාධීන ව්‍යුහයක් බන්ධනාගාරයේ මේ සිද්ධියත් එක්ක රජය විසින් ඇති කරන්න ඕනේ කියන එකයි අපි බලාපොරොත්තු වෙන්නේ. "
 
 සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා එම යෝජනාව රජයට ඉදිරිපත් කලේ 2020 ජනවාරි 3 ඉරිදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
Senaka Perera xමහර බන්ධනාගාරයේ අපරාධය ඇසින් දුටු සාක්ෂිකාර රැඳවියන්ට  තම සාක්ෂි ඉදිරිපත් කිරීමට හා පැමිණිලි කිරීමට සිදුව ඇත්තේ අපරාධකරුවන් වෙතම බවද නීතිඥයා එහිදී පෙන්වා දුන්නේය.
 
මහර බන්ධනාගාරයේ ඇති වු ගැටුමේදී පොදු දේපල වලට  හානි සිදු කළ බවට චෝදනා ගොනු කරමින් රැඳවියන්ට  නඩු පැවරීම හරහා  සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු  නොකළ යුතු බවත් නීතිඥ සේනක පෙරේරා එහිදී සදහන් කළේය.
 
"පොදු දේපල හානියක් කරානම් කටයුතු කරන්න. හැබැයි ඒ හරහා ව්‍යංග විදිහට යම් කිසි සාක්ෂි කරුවන් ඉන්නවානම් යම් කිසි තොරතුරු දෙන්න අය ඉදිරිපත් වෙලා ඉන්නවානම් ඒ අයට බලපෑමක් කරනවානම් ඒකත් මේ මහර බන්ධනාගාර සිද්ධියේ යුක්තිය ඉටුවීමට ඉතාමත් අහිතකර විදිහට බලපාන දෙයක් කියලා මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. "
 
 මහර සමුලඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට බන්ධනාගාරය තුලදී විවිධ වධ හිංසන එල්ල වන බවට  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා එහිදී චෝදනා කළේය.
 
Sudesh Nඔහු එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් දැඩි ලෙස  තුවාල ලැබු චානක නාමල් කීර්තිරත්න නම්  රැඳවියකු මේ වන විට සිහි මුර්ඡාවෙන් පසුවන බවයි.
 
“දැන් මේ වෙනකොට රැඳවියෙක් ඉන්නේ කෝමා තත්ත්වයට පත්වෙලා. මුල්ලේරියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තමයි මේ රැඳවියා ඉන්නේ. ඒ රැඳවියාගේ මව එයා යනවා තමන්ගේ දරුවා හොයාගෙන බන්ධනාගාරයට. එහෙට මෙහෙට රස්තියාදුකරනවා. මොනවා වෙලාද දන්නේ නෑ එක එක දේවල් කියලා. රැඳවියා ඉන්නවා එයාට කිසි කරදරයක් නෑ. මහර බන්ධනාගාරයේ රෝහලේ එයා ඉන්නවා පොඩි තුවාලයක් ලබලා තමයි ඉන්නේ කියන ආරංචිය ඔවුන්ට දෙනවා. 
 
මොහුව මුල්ලේරියාව රෝහලට ගෙනියන්නේ නොවැම්බර් 30 වැනිදා ඒ කියන්නේ සිද්ධියට පස්සේ දවසේ නමුත් කියන්නේ ඔහු ඉන්නවා කියලා බන්ධනාගාරයේ 12වෙනි මාසේ 30වැනිදා තමයි කියන්නේ එයා දැන් ඉන්නේ රෝහලේ කියලා. මේ රැඳවියාව මරණාසන්න කරලා තමයි රෝහලට ගෙනියන්නේ රෝහලට ගෙනිහිල්ලා දැන් දැඩි සත්කාර ඒකකයේ. 
 
මේ කරන්නේ සාක්ෂි වළක්වන්න . ඒ තරම් අමානුෂික විදිහට පහරදීලා අතපය ඔහුගේ කඩලා ඔලුව පළලා තියෙනවා,”  යි ජනවාරි 2 දා පැවැති මාධ්‍ය හමුවකදී ද සුදේශ් නන්දිමාල් සදහන් කර තිබුනි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්