අද ආණ්ඩුව පාසල් යන වයසේ පසුවන ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා (Sanitary Pads) ලබා දීමට සැලසුම් කළත් තමන් ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මේ පිළිබද සදහන් කරද්දී ආණ්ඩුවේ ඇතැමුන්
එය සමච්චලයට ලක් කොට පිළිකුල් සහගත ලෙස ප්‍රතික්ෂේප කළ බව පවසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කෙසේවුවද ආණ්ඩුවේ සැලසුම සම්බන්ධයෙන් ප්‍රසංසා කරන බව කියා සිටියි.
ඔහු එබව කියා සිටියේ, විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවට එක්වෙවෙමිනි.
දරිද්‍රතාව හේතුවෙන් කාන්තාවන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකිරීම නිසා බරපතළ රෝගාබාධයන්ට මුහුණ දීමට සිදුව ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ තලතා අතුකෝරල හා රෝහිනී කවිරත්න මන්ත්‍රීවරියන් මෙසේ අදහස් දැක්වූවාය.
ස්කොට්ලන්තය කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබා දෙන ප්‍රථම රට බවට පත්විය. එරට පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව සම්මත කළ පනතක් මගින් කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන අවශ්‍ය ඕනැම අයෙකුට ඒවා නොමිලේ ලබාගත හැකි වන ලෙස නීතී සම්පාදනය කර ඇත.
මෙම ඓතිහාසික තීරණය ගැනීමට දායක වීම සම්බන්ධයෙන් කාන්තාවක් ලෙස ආඩම්බර වන බව ස්කොට්ලන්තයේ අග්‍රාමාත්‍ය නිකොලා ෆර්ගියුසන් ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් පවසා තිබිණ.
********************************************************************
The Leader TV පුවත් විකාශය !
මේ ආණ්ඩුවේ වැඩ කරන්නේ තුන්දෙනයි - පීබී කියයි.
දුමින්ද එළියට - විනිසුරුවරිය ඇතුළු තුනක් ඇතුළට - ජනාධිපති කොමිසම නිර්දේශ කරයි