‘ලංකා’ පුවත්පතේ විශේෂාංග කර්තෘ විමල් කැටිපෙආරච්චිගේ ඡායාරූපයක් උපුටා දක්වමින් වෙබ්අඩවියක් මගින් පළකර තිබූ අපහාසාත්මක ප්රවෘත්තියකට එරෙහිව ඔහු විසින් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඊයේ (04) දින මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, අදාළ ප්‍රවෘත්තිය පිළිබඳව සොයාබැලීමේදී අනාවරණය වූයේ එහි සඳහන් කර ඇති එකම මූලාශ්‍රය ව්‍යාජ එකක් බවයි.
මව්බිම.කොම් නම් මේ වෙබ්අඩවියේ (මව්බිම පුවත්පතේ වෙබ්අඩවිය නොවේ) අදාළ පුවත පළ කර ඇත්තේ ‘සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අසභ්‍ය වීඩියෝපටයට අදාළ රථයේ හිමිකරු හඳුනා ගැනේ’ යන ශීර්ෂයෙන් ය.
මේ සම්බන්ධයෙන් විමල් කැටිපෙආරච්චි Fact Crescendo (www.factcrescendo.com) ආයතනයට ද පැමිණිල්ලක් කර තිබේ.
අනතුරුව එම ආයතනය පුළුල් විමර්ශනයකින් අනතුරුව පුවතට අදාල පුළුල් අනාවරණයක් සිදුකර ඇත.ඒ සම්බන්ධයෙන් srilanka.factcrescendo.com වෙබ් අඩවියේ මෙසේ සඳහන් වේ.
''කාලීන වශයෙන් විශාල වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවන් ඔස්සේ ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයින් අලලා ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වනු අපට දක්නට ලැබෙනවා. එවැනි අසත්‍ය පුවත් කිහිපයක් පිළිබඳව අප මිට ඉහතදී අනාවරණය කළේ මෙලෙසින්.
මේ අයුරින්ම පසුගියදා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පටයේ තිබු වාහනයේ හිමිකරු ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන විමල් කැටපේආරච්චි බව ඇතුළු විවිධාකාරයෙන් හුවමාරු වී තිබු සටහන් සියල්ලම අසත්‍ය සටහන් බව අපට අනාවරණය විය.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:
Mawubima නමැති වෙබ් අඩවියක (මව්බිම පුවත්පතට සම්බන්ධයක් නොමැත.) “සමාජ මාධ්‍ය තුල සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයට අදාල රථයේ හිමි කරු හඳුනා ගැනේ” යනුවෙන් ලිපියක් පලවී තිබුනා. මෝටර් ර්ථයක් තුළ යුවලක් ලිංගිකව හැසිරෙන ආකාරය පටිගත කර මුදා හැර තිබු එම වීඩියෝ පටය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ අරඹා ඇති බවක් එම ලිපියේ දක්වා තිබුනේ පහත කොටස ද ඇතුළත් ව දීර්ඝ විස්තරයක් සමඟින්.
“කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක සුගත් ජයසිරි මහතා සමග දුරකථනයෙන් සම්බන්ද වූ අප මේ පිලිබඳ වැඩිදුර විස්තර විමසා සිටි අවස්ථාවෙ ඒ මහත ප්‍රකාශ කලෙ WP KR – 8384 අංකය දරණ එම රථය පසුගිය 31 වන දින රාත්‍රීයේ එම ස්ථානයට පැමිණෙන අයුරු CCTV කැමරාවල සටහන්ව ඇති අතර පිරිමින් 3 දෙනෙක් සහ කාන්තාවක් එම රථය තුල සිට ඇති බවයි. මෝටර් රථය එම ස්ථානයේ පැය කීපයක් නතර කර තිබී ඇති අතර පිරිමින් 3 දෙනාගෙන් දෙදෙනෙක් මුලින් රථයෙ බැස ගොස් ඇත ඉන් අනතුරුව ඔවුන් මාරුවෙන් මාරුවට රථයට පැමිණි අයුරු සහ රථයෙ සිටිනා කෙනා පිටවී යන අයුරු අසල පිහිටි CCTV කැමරා වල සටහන් වී ඇති බව ඒ මහතා සඳහන් කලේය”
මීට පෙරද ජාතික ජන බලවේගය ඇතුළු සාමාජිකයින් අලලා ව්‍යාජ පුවත් නිර්මාණය කරන ලද ගිණුම් කිහිපයක් ම මඟින් ඉහත කරුණම විව්ධාකරයේ නිර්මාණ හරහා පළකර තිබුනේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මුලින්ම මේ පිළිබඳ කොල්ලුපිටිය පොලිසියෙන් විමසීමක් සිදු කළා. එහිදී පොලිස් ස්ථානාධිපතිතුමා පවසා සිටියේ ඉහත වෙබ් අඩවියේ සඳහන් පරිදි විස්තරයක් කිසිවිටෙකත් තම පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ලබා දී නොමැති බවයි.
එසේම එම විස්තරයේ දක්වා තිබූ වාහනයේ ලියාපදිංචි විස්තර අප මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා පරික්ෂා කිරීමේදී අදාල අංකයට සම්බන්ධයෙන් දැකගන්නට ලැබුණේ වීවා එලයිට් (viva elite) වර්ගයේ වාහනයක්. නමුත් වීඩියෝ පටය දැක්වෙන්නේ එම මාදිලියේ වාහනයක් නොවන බවක් ද අපට දැකගන්නට ලැබුණා.
''එසේම එම විස්තරයේ දක්වා තිබූ වාහනයේ ලියාපදිංචි විස්තර අප මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා පරික්ෂා කිරීමේදී අදාල අංකයට සම්බන්ධයෙන් දැකගන්නට ලැබුණේ වීවා එලයිට් (viva elite) වර්ගයේ වාහනයක්. නමුත් වීඩියෝ පටය දැක්වෙන්නේ එම මාදිලියේ වාහනයක් නොවන බවක් ද අපට දැකගන්නට ලැබුණා.''
මේ පිළිබඳ බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක ගෙන්ද විමසීමක් සිදු කළ අතර අපට පවසා සිටියේ තම පක්ෂයේ කිසිඳු ක්‍රියාකාරී සාමාජිකයෙක් මේ සඳහා සම්බන්ධ වී නොමැති බවයි
විමල් කැටපේආරච්චිගේ ඡායාරූපයක් යොදාගෙන තිබු බැවින් ඒ පිළිබඳව ඔහුගේ සමාජ මාධ්‍ය ජාලාවල පළකර තිබූ සටහන් පරික්ෂා කළා. එම පුවතේ සඳහන් වාහනය හෝ එම වාහන අංකය සමඟ හෝ පුවතට අනුව සිදු වී යැයි කියන සිද්ධිය සමඟ හෝ මොනයම් ආකාරයකින්වත් අදාළතාවක්, සම්බන්ධයක් ඔහුට නොමැති බව සඳහන් කරමින් අපහාසාත්මක ආකාරයෙන් පුවතක් පලකිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලද පැමිණිල්ලක ඡායාරුපයක් ද සහිතව පළකර තිබු සටහන පහතින්.
කෙසේවෙතත් පසුව ඉහත පුවත් සඳහා මුල්වූ වෙබ් අඩවිය විමල් කැටපේආරච්චි මහතා ගේ මුහුණු පෙනෙන්න්නේ නැති පරිදි පුවත සඳහා යොදාගෙන තිබු ඡායාරූපය සකස්කර තිබු අයුරක් ද අපට දැක ගණනට ලැබුණා.
ඉහත ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් විමල් කැටපෙආරච්චි පලකරන ලද තවත් සටහනක් පහතින්
Conclusion (අවසාන නිගමනය):
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පටයේ තිබු වාහනයේ හිමිකරු ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන විමල් කැටපේආරච්චි බව ඇතුළු විවිධාකාරයෙන් හුවමාරු වී තිබු සටහන් සියල්ලම අසත්‍ය සටහන් බවයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මොනයම් හෝ සම්බන්ධයක් නොමැති බව විමල් කැටපේආරච්චි පවසා සිටින අතර වෙබ් අඩවියේ පළවූ විස්තරයේ සඳහන් වී තිබුනේ ද පොලිසිය විසින් ලබාදී තිබු නිල විස්තරයක් නොවේ. ''
*********************************
The Leader TV පුවත් විකාශය !
මේ ආණ්ඩුවේ වැඩ කරන්නේ තුන්දෙනයි - පීබී කියයි.
දුමින්ද එළියට - විනිසුරුවරිය ඇතුළු තුනක් ඇතුළට - ජනාධිපති කොමිසම නිර්දේශ කරයි