ETI ෆයිනෑන්ස් සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් යන ආයතනවල අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් සිදුකරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්නට උපදෙස් දී තිබේ.
 
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි-නීතිඥ නිශාරා ජයරත්න පැවසුවේ නීතිවිරෝධී ලෙස රුපියල් බිලියන 13.7ක තැන්පතු ලබාගැනීම, අවභාවිතය සහ මුදල් විශුද්ධිකරණය යන කරුණු සම්බන්ධයෙන් එම පරීක්ෂණ සිදුකරන ලෙස දැන්වූ බවය.
 
ඒ අනුව, 2007- 2012 වකවානුවේ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන එදිරිසිංහ පවුලේ සාමාජිකයින්ට එරෙහිව මෙම පරීක්ෂණය සිදුකිරීමට නියමිතය. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්