ලේඛකයන්ට එරෙහිව පොලිසිය යෙදවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන දැඩි මතධාරී
බෞද්ධ භික්ෂුවක් ඇතුළු පිරිස් විසින් නගනු ලබන පදනම් විරහිත චෝදනා පාදක කොටගෙන අගමැතිවරයා විසින් ලේඛනාරක්ෂක ප්‍රධානී එලවා දැමීමේ උත්සාහයක් දිගින් දිගටම ක්‍රියාත්මක වන බවට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.
 
රාජ්‍ය ලේඛන විධිමත් කළමනාකරණය සහ සංරක්ෂණය මෙන්ම ශ්‍රී ලංකාවේ ඓතිහාසික සහ කාලීන ලේඛන මතු පරිහරණය සඳහා සුරක්ෂිතව තබාගැනීමේ වගකීම ඇත්තේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවටයි.
 
වසර තුනකට වැඩි කාලයක් එහි අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවන ආචාර්ය නදීරා රූපසිංහ එම පදවියෙන්  ඉවත් කිරීම ඉලක්ක ගනිමින්, සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවක් පදනම් කරගනිමින් අමාත්‍ය මණ්ඩලය පරීක්ෂණ කමිටුවක් පත් කර තිබේ.
 
එම  ආයතනය භාරයේ ඇති ‌‌ඓතිහාසික ලන්දේසි වාර්තාවල පිටපත් විදේශිකයන්ට විකුණා ඇති බවට එල්ල නැගෙන චෝදනාවක් මෙම කැබිනට් පත්‍රිකාවට පාදක වී තිබෙන අතර, එය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහත් ආන්දෝලනයකට ද  හේතු වී තිබේ.
එම  ආයතනය භාරයේ ඇති ‌‌ඓතිහාසික ලන්දේසි වාර්තාවල පිටපත් විදේශිකයන්ට විකුණා ඇති බවට එල්ල නැගෙන චෝදනාවක් මෙම කැබිනට් පත්‍රිකාවට පාදක වී තිබෙන අතර, එය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහත් ආන්දෝලනයකට ද හේතු වී තිබේ.
 
 
 
 කිසිම රහසක් නෑ
 
 එම චෝදනා මූලික ලෙස ඉලක්ක කෙරී ඇති ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ තමන්ට එල්ල වන චෝදනා බැහැර කරමින් මාධ්‍යවේදීන් හා පවසා ඇත්තේ එම ලන්දේසි ලේඛන වල රහස්‍ය භාවයක් නොමැති බවයි.
 
 එම ලේඛන රහස්‍ය ලේඛන නොවන විවෘත ගණයට ඇතුලත් බැවින්, 1973 අංක 48 දරණ ජාතික ලේඛනාරක්ෂක නීතියේ 8 (ඈ) වන වගන්තිය ප්‍රකාරව මහජන නිරීක්ෂණයට විවෘත වී ඇති බවත්, එවන් රාජ්‍ය ලේඛනයක් කවර පුද්ගලයකුට වුවද පරිශීලනයට ලබා දිය හැකි බවත් ජාතික ලේඛනාගාර නිලධාරීහුද  පෙන්වා දෙති.
 
 ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර ලේඛනාරක්ෂකයන් තිදෙනකු විසින් මෙම චෝදනාව 2018 දී මුල්වරට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවක් මගින් කරන ලද විමර්ශනයේදී කිසිම අක්‍රමිකතාවයක් පිලිබදව සාක්ෂි හමුවී නොමැත.
 
 ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර ලේඛනාරක්ෂකයන් තිදෙනකු විසින් මෙම චෝදනාව 2018 දී මුල්වරට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවක් මගින් කරන ලද විමර්ශනයේදී කිසිම අක්‍රමිකතාවයක් පිලිබදව සාක්ෂි හමුවී නොමැත.
 
එකල්හි දී ම මේ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා ඇති අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හා දූෂණ චෝදනා පිළිබද විමර්ශන කොමිෂන් සභාව ද ආචාර්ය නදීරා රූපසිංහ හා අනෙකුත් කාර්ය මණ්ඩලයෙන් ලබා ගත් දීර්ඝ ප්‍රකාශ වලින් ද චෝදනා සම්බන්ධයෙන් කිසිම සාක්ෂිමය අනුකූලතාවයක් ලැබී නොමැත.
 
 එවන් තත්වයක් යටතේ  එම චෝදනා විමර්ශනය කිරීම සදහා යලිත් වරක් කැබිනට් මණ්ඩලය විසින් ද විමර්ශන කමිටුවක් පත් කරනු ලැබීම, අධ්‍යක්ෂ ජනරාල්වරිය එම ධූරයෙන් ඉවත් කිරීම ඉලක්ක කර ගත්තක් බවට සැකයක් පවතින්නේයැයි නම් හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි දෙපාර්තමේන්තුවේ සේවකයන් කිහිප දෙනෙකුම මාධ්‍යවේදීන් හා පවසා තිබේ.
 
 ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තවත් සේවකයන් පිරිසක් තම අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙනුවෙන් පෙනී සිටිමින් සංස්කෘතික අමාත්‍යාංශයට ලිපියක් ද යොමු කර තිබෙන අතර, මෙම අස්ථාන චෝදනා ඇයට පමණක් නොව තමන් සියල්ලටමත් අයහපතක් ලෙස පිළිබිඹු වන බව එමගින් ඔවුන් පෙන්වා දී තිබේ.
 
 “ඒ මගින් තමන් සියල්ලන්ටම ලේඛණ විකුනන්නන්” යන නම පටබැදෙනු ඇති බවද එම ලිපියෙන් අවධාරණය කර ඇත.
 
 “රහස්‍ය නොවන ලේඛන විකිණීමට ගියත් ඒවා මිලදී ගන්නට තරම් මෝඩයන් ඇත්තේ කොහිදැයි” මේ චෝදනාව කරන්නවුන් ගෙන් තමන් විමසන බවද ඔවුහු කියා සිටිති.
 
 
 VOC ලියකියවිලි
 
Sri Lanka Olas in the VOC archives. Copyright picture National Archives of the Netherlands 1
 
පෙරදිග ලංදේසි සමාගම (Verenigde Oost-Indische Compagnie - VOC) විසින් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ පාලනය කරන සමයේ (1638-1796) එම සමාගම විසින් සකසා ඇති ලේඛන, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතු පැරණිම ලේඛන කාණ්ඩය වේ.
 
 ආචාර්ය නදීරා රූපසිංහ මාධ්‍යවේදීන් වෙත පැහැදිලි කර ඇති පරිදි යුනෙස්කෝ “ලෝකයේ මතකය” (Memory of the World) රෙජිස්ටරයට එම ලේඛන ඇතුලත් කර ඇති අතර, එම ලේඛන කාණ්ඩය දික් මීටර් 310 ක ප්‍රමාණයෙකින් යුක්ත වන සුවිශේෂී එකතුවකි.
 
 ආචාර්ය නදීරා රූපසිංහ මාධ්‍යවේදීන් වෙත පැහැදිලි කර ඇති පරිදි යුනෙස්කෝ “ලෝකයේ මතකය” (Memory of the World) රෙජිස්ටරයට එම ලේඛන ඇතුලත් කර ඇති අතර, එම ලේඛන කාණ්ඩය දික් මීටර් 310 ක ප්‍රමාණයෙකින් යුක්ත වන සුවිශේෂී එකතුවකි.
 
නෙදර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ලේඛනාගාර අතර මෙම අභිලේඛන කාණ්ඩය සම්බන්ධයෙන් 1930 දශකයේ සිට සම්බන්ධතා පැවැති අතර, එම ලේඛන සඳහා නෙදර්ලන්ත ලේඛනාගාරයේ ලේඛනාරක්ෂකවරු සෙවීම් උපකෘත සකස් කර ඇත.
 
 මෙම අද්විතීය ලියකියවිලි සංරක්ෂණය කිරීම සදහා එසේ ලන්දේසි රජය අතීතයේ සිටම ලංකාවේ ජාතික ලේඛනාගාරයට සහාය වී තිබේ.
 
 ජාතික ලේඛනාගාරය සතු “තෝම්බු” දහහත්වැනි සහ දහ අටවැනි ශත වර්ශවලදී පෙරදිග ලන්දේසි සමාගම විසින් සකස් කරන ලද පවුල් සහ ඉඩම් තොරතුරු ඇතුලත් ලේඛන ය.
 
 1690 දශකයේ සිට ලියැවුනු එම විස්තර සහිත අභිලේඛන, එක් සුචියක ඇමුණුමක් ලෙස ඇතුලත් කර තිබුණි. ඒ 1969 දී නෙදර්ලන්තයෙන් පැමිණි ජේ.එස්.විග්බෝල්ට්ස් විසින් සකස් කරන්න ලද්දකි. 
 1690 දශකයේ සිට ලියැවුනු එම විස්තර සහිත අභිලේඛන, එක් සුචියක ඇමුණුමක් ලෙස ඇතුලත් කර තිබුණි. ඒ 1969 දී නෙදර්ලන්තයෙන් පැමිණි ජේ.එස්.විග්බෝල්ට්ස් විසින් සකස් කරන්න ලද්දකි. 
 
කරුණු එසේ තිබිය දී පෙරකී සහකාර ලේඛනාරක්ෂකයන් හා ආචාර්ය නදීරා රූපසිංහ විසින් ලන්දේසි ජාතිකයන් දෙදෙනෙකු වන ෆ්‍රාන්ස් වැන් ඩියෙක් සහ ලිඩ්වියන් ජාන්සන් යන දෙදෙනාට දින දහයක් පමණ ලන්දේසි වාර්තා අඩංගු ගබඩාවට ඇතුළුවීමට අවසර දුන් බවටත්, සමහර ලියවිලි අංක වෙනස් කර ඡායාරූප ගත් බවත්, ඔවුන්ගේ පරිගණක ගබඩාව තුළදී භාවිතා කළ බවටත් කළ චෝදනා ද පදනම් විරහිත බව අධ්‍යක්ෂ ජනරාල් වරිය පෙන්වා දී තිබේ.
 
 මෙහි තැන්පත් ලන්දේසි අභිලේඛන වලින් වෙළුම් 5066 ක පිටපත් දැනටමත් නෙදර්ලන්තයේ ලේඛනාගාරයේ තිබෙන විටක, එම පිටපත්වල මුල් ලේඛන වල අංක වෙනස් කිරීමෙන් හෝ ලේඛන විකෘති කිරීමෙන් කිසිදු ඵලක් නොමැති බවත්, නෙදර්ලන්තයේ සිට මේ ලේඛනාරක්ෂක නිලධාරීන් පැමිණියේ සේවාලාභී පර්යේෂකයන් ලෙස නොවන අතර මෙම දෙපාර්මේන්තුව වෙත ස්වේච්ඡා සේවා සපයන්නන් ලෙස බවත් ඇය තව දුරටත්  පෙන්වා දී තිබේ.
 
 ඉහත සදහන් ලේඛනාරක්ෂකවරු දෙදෙනා ලේඛන ඡායාරූප ගතකර නැති බවත්, ඒ කෙසේ වෙතත් පිටපත් අවශ්‍යවන පර්යේෂකයන් විසින් අභිලේඛන වල පිටපත් ලබා ගැනීමේ සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදයක් පවතින අතර, ඡායාරූපකරණය කර පිටපත් ලබා ගැනීම සඳහා ගාස්තු ගෙවා ලබාගත් ලදුපත් පර්යේෂණ කාමරය භාර නිලධාරියා වෙත ඉදිරිපත් කළ පසු එම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එය කළ හැකි බවත් ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ වැඩි දුරටත්  පෙන්වා දෙයි.
 
 නෙදර්ලන්ත ලේඛනාරක්ෂකවරු දෙදෙනා විසින් දින හයක් පමණ කාලයක් සාමාන්‍ය රාජකාරී කාලය තුල එහි රැදී සිටිමින් කළ කාර්යය වූයේ අදාල රහසිගත නොවන ලේඛන වලට පර්යේෂකයන්ට ප්‍රවේශ වීමේ හැකියාව බොහෝ සේ වැඩි දියුණු කිරීම වන අතර, එය ශ්‍රී ලංකාවට කළ සුවිශේෂ සේවාවක් බවත් එය  දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායයන්ට අනුකූලව සිදු කරන ලද කාර්යයක් බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි. 
 
 "ඕනෑම ලේඛනාගාරයක පවතින ලේඛන දිනපතා යම් හෝ දිරාපත් වීමකට භාජනය වීම සිදු වෙනවා,” යි  ආචාර්ය රූපසිංහ තවද, ලේඛන ඩිජිටල්කරණය (Digitization) පිළිබඳ පැහැදිලි කරමින් පවසන්නීය.
 
“ඒ නිසා  එම ලේඛන මතු පරපුර වෙනුවෙන් සුරක්‍ෂිතව ආරක්‍ෂා කිරීම සඳහා ලේඛන ඩිජිටල්කරණය කිරීම ලෝකය පුරාම  කාලීනව අනුගමනය කරන සංරක්‍ෂණ පියවරක්."
 
 සියලුම ලේඛන ඩිජිටල්කරණය කිරීම ප්‍රායෝගික නොවන බැවින්, තෝරා ගත් සුවිශේෂී ලේඛන ඩිජිටල්කරණය කිරීම සිදු කරන අතර , මෙලෙස ඩිජිටල් තාක්‍ෂණය හරහා පරිශීලකයන් වෙත පහසුකම් සපයා දීම වෙනත් විෂය ක්‍ෂේත්‍ර වල ද සිදු වන බවත් ඇය වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
 
 නෙදර්ලන්තයේ ලේඛනාගාරය විසින් පෙරදිග ලන්දේසි සමාගමේ ලේඛන ඩිජිටල්කරණය කිරීම සඳහා ප්‍රතිපාදන සහ තාක්‍ෂණික දැනුම ලබා දීමට ඉදිරිපත්වී ඇති අයුරු පැහැදිලි කරන ඇය, ඒ අනුව මින් වසර 18 කට පෙර පැවැති ව්‍යාපෘතියක්‌ මගින් නෙදර්ලන්තයේ ලේඛනාගාරය විසින් ලන්දේසි ලේඛන සූක්‍ෂම ඡායා පටිගත කිරීම සඳහා සහාය ලබාදී ඇති අතර එම පිටපත් ලේඛනාගාර දෙකෙහිම සුරක්‍ෂිතව තැන්පත් කර ඇති බවද අවධාරණය කරයි. 
 
ඩිජිටල්කරණය, පරිහරණය කළ නොහැකි අයුරින් ලේඛන වල භෞතික තත්ත්වය අයහපත් වීමට ප්‍රථම කඩිනමින් සිදුකළ යුතු කාර්යයක්‌ බවද ඇය  පෙන්වා දෙයි.
 
නෙදර්ලන්තයේ ලේඛනාගාරය විසින් පෙරදිග ලන්දේසි සමාගමේ ලේඛන ඩිජිටල්කරණය කිරීම සඳහා ප්‍රතිපාදන සහ තාක්‍ෂණික දැනුම ලබා දීමට ඉදිරිපත්වී ඇති අයුරු පැහැදිලි කරන ඇය, ඒ අනුව මින් වසර 18 කට පෙර පැවැති ව්‍යාපෘතියක්‌ මගින් නෙදර්ලන්තයේ ලේඛනාගාරය විසින් ලන්දේසි ලේඛන සූක්‍ෂම ඡායා පටිගත කිරීම සඳහා සහාය ලබාදී ඇති අතර එම පිටපත් ලේඛනාගාර දෙකෙහිම සුරක්‍ෂිතව තැන්පත් කර ඇති බවද අවධාරණය කරයි. 
 
 මෙම සැබෑ තතු පෙර පැවැති විමර්ශනවල දී පැහැදිලි වී තිබිය දී ත්, යලිත් කැබිනට් මණ්ඩලය පත් කරන ලද කමිටුවක් මගින් පරීක්ෂණයක් පවත්වනු ලැබීමට පියවර ගැනීම පසුබිමේ සිටින්නේ, කිසිම කරුණු දැක්වීමකින් සෑහීමකට පත් නොවන බත්තරමුල්ලේ පිහිටා ඇති බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් යලි යලිත් ඇයට එරෙහි උද්ඝෝෂණය අලුත් කිරීම නිසා බැවින්යැයි ජාතික ලේඛනාගාර සේවකයෝ සැක පල කරති.
 
 bullබෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයේ අගුළුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි
 
 බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයේ අගුළුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමියන් චෝදනා අලුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ , අධ්‍යක්ෂ ජනරාල් විසින් මේ තෝම්බු සහ ලන්දේසි ලියවිලි තම කාමරයට ගෙනැවිත් තබාගෙන විදේශිකයන්ට ඒවායේ පිටපත් ලබා ගැනීමට ඉඩ සලසා ඇති අතර, ඇය පාන්දර හා කාර්යාල වේලාවෙන් පසු තම කාර්යාලය විවෘතව තබා ගනිමින් මෙම කටයුතු වල රහසිගතව නිරත වී ඇති බවටයි.
 
මේ චෝදනා පිලිබඳව කිසිදු සාක්ෂියක් සැපයීමට මේ භික්ෂුව සමත් වී නැති බවට ජාතික ලේඛනාගාර සේවකයෝ පවසති.
 
ශක්තික ගේ කෙටිකතාව
 
'අර්ධ' මැයෙන් මුහුණු පොතේ පල කළකෙටි කතාවක් මගින් බුදු දහමට අපහාස කළ බවට චෝදනා නගා සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාර හාර මාසයකට වැඩි කලක් බන්ධනාගාර ගත කරන්නට කටයුතු කළේද ජිනානන්ද හිමියන්ය.
 
මේ වසරේ මාර්තු මස දී ආමාත්‍යාංශ ලේකම් වෙත ලිපියක් යවමින්  ජාතික ලේඛනාගාරයේ නිලධාරීන් දැනුම් දී  ඇත්තේ, රහස් කාමර වල විනිවිද පෙනෙන හා ආරක්ෂිත පියවරයන් භාවිතා කර, ගබඩා කර ඇති වර්ගීකරණයට ලක් කරන ලද ලියවිලි පිටතට ගෙන යන බවට තමන්ට කිසිසේත් පිළිගත නොහැකි බවයි.
 
 පසුගිය දෙසැම්බර්යේ දී ද මේ චෝදනා මත අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමේ වෑයම වැලකී ඇත්තේ, ජාතික ලේඛනාගාරයේ කාර්යක්ෂමතාවය ඉහල දැමීමට ඇය ගත් පියවර මගින් ප්‍රතිලාභ ලැබූ විද්වතුන්, පර්යේෂකයන් සහ වෘත්තිකයන්ගේ ඉදිරිපත් වීම නිසා බව දෙපාර්තමේන්තුවේ සේවකයන් පෙන්වා දෙයි.
 
 
විද්වතුන්ගේ සහයෝගීතාව:
 
පසුගිය වසරේ දෙසැම්බර් 23 දා එවන් විද්වතුන් 45 දෙනෙකුගේ අත්සනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කළ සංදේශයක්  මගින් මේ  සනාථ නොකළ චෝදනා මත අධ්‍යක්ෂ ජනරාල්වරිය  ඉවත් කිරීමට ගන්නා උත්සාහය හෙළා දැක තිබේ.
 
“රජයේ නිලධාරීන් විසින් දක්ෂ වෘත්තිකයන් ඉවත් කර, ඉතා සුළු තාක්ෂණික දැනුමක් ඇති එම නිලධාරීන් විසින්ම, ඉතා හදිසි සහ කාල සංවේදී කාර්යයන් - විශේෂයෙන්ම සියවස් ගණනාවක් පැරණි ලේඛන සංරක්ෂණය කිරීමට සකස් කර ඇති ව්‍යාපෘති - නතර කිරීමට මැදිහත් වුවහොත්, ආයතන ශක්තිමත් කිරීමට සහ සංවර්ධනය කිරීමට කිසිසේත් නොහැකි වනු ඇත. එබඳු අත්තනෝමතික, නොසැළකිළිමත් සහ අනර්ථකාරී ක්‍රියාවන් ජාතික අධිලේඛන උරුමය කෙරෙහි සෘජුව තර්ජනයක් එල්ල කරන අතර, එය තරයේ හෙළා දැකිය යුතුය.” යි ඔවුන් එහි දී පෙන්වා දී තිබේ.
 
 මෙම ප්‍රකාශයට මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, මහාචාර්ය ගණනාත් ඔබේසේකර, ආචාර්ය රංජිනී ඔබේසේකර, ආචාර්ය සිරාන් දැරණියගල, ආචාර්ය මයිකල් රොබර්ස්, ආචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය මාලතී ද අල්විස්, මහාචාර්ය පූජ්‍ය මහින්ද දීගල්ල, මහාචාර්ය නිරා වික්‍රමසිංහ, දේශමාන්‍ය විද්‍යාජ්‍යෝති ඈෂ්ලි ද වොස්, ආචාර්ය උදාන් ප්‍රනාන්දු, ආචාර්ය හර්ෂන රඹුක්වැල්ල, ආචාර්ය කාවන් රත්නතුංග සහ මහාචාර්ය ජගත් වීරසිංහ ආදී ශාස්ත්‍රඥයන්, පර්යේෂකයන් සහ වෘත්තිකයන් 45 දෙනකු විසින් අත්සන් කර තිබුණි.
 
අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පවසා ඇත්තේ, කැබිනට්ටුව විසින් පත් කරන ලද කමිටුවක් මගින් චෝදනා ගැන පරීක්ෂණයක් සිදු කරන අතර, ඉන් පසුව පමණක්  වරද කුමක්දැයි දැනගැනීමට හැකිවනු ඇති බවයි.
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්