විදේශගත ශ්‍රි ලාංකිකයින් මාස නමයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව
විවිධ රටවල ඉතා අසරණව තම රැකියාව පවා අහිමිව දුක් විදින තත්වයක් තුල යුක්‍රේන ජාතිකයින් පිරිසක් ගුවන් යානා කිහිපයකින් මෙරටට රැගෙන ඒම පිලිබදව විදෙස්ගත ශ්‍රී ලංකික ශ්‍රමකින් දැඩි විරෝධයක් වත්මන් ගොඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව එල්ල කරමින් සිටින බව srilankabrief.org වාර්තා කරයි.
 
ඔවුන් සමාජජාල වලට වීඩියෝ එක්කරමින් තම විරෝධය ජනාධිපතිවරයාට මෙන්ම වත්මන් ආණ්ඩුවට එල්ල කරමින් සිටිති.
 
යුක්‍රේන සංචාරකයින් සදහා කිසිදු නිරෝධායන ක්‍රියාවලියක් අනුගමනය නොකරමින් දක්වන සැලකිල්ල රටට ඩොලර් ගෙන එන රට විරුවන් ලෙස මීට පෙර හැදින්වු මෙම රජය බලයට ගෙනඒමට ඡන්දය ලබාදුන් තමන්ට නොලැබෙන්නේ මන්දැයි ඔවුන් ප්‍රශ්ණ කරති.
 
ඇතැම් කාන්තාවන් මේ වනවිට මෙරටට පැමිණීමට මුදල් සෙවීම සදහා තම ඇඟ විකුණන තත්වයට පත්ව ඇති බවද ඔවුන් පවසති.
 
''විදේශගතව සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සංවේදී ආයාචනයක් ඉදිරිපත් කරමින් පවසන්නේ ඔවුන්ගෙන් සමහරෙකුට ශ්‍රී ලංකාවට ආපසු යාමට අවශ්‍ය මුදල් උපයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.''
 
මෙහිදී සමාජජාලයට වීඩියෝවක් එක්කරමින් එක්තරා කාන්තාවක් ප්‍රකාශ කරන්නේ “ජනාධිපතිතුමනි දැන් සතුටුයිද ඔයාලට.. මාස 09ක් තිස්සේ වැහිලා තිබ්බ එයාපෝට් එක රටේ ජාතියට ඇරියේ නැති ඔබතුමා කොහෙවත් නැති විදේශිකයින්ට රට ඇරලා පාවඩ දාලා නැටුම් නටලා ගෙන්න ගත්තා නේද..? විදේශිකයින්ට රට ඇරියා..ලාංකිකයින්ට රට වැහුවා.. ලැජ්ජයි ජනාධිපතිතුමෝ .. ලැජ්ජානැති වැඩ කරන්න එපා.. මේවා පව් සිද්ධවෙන වැඩ..“ යනුවෙනි.
 
විදේශගතව සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සංවේදී ආයාචනයක් ඉදිරිපත් කරමින් පවසන්නේ ඔවුන්ගෙන් සමහරෙකුට ශ්‍රී ලංකාවට ආපසු යාමට අවශ්‍ය මුදල් උපයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.
 
මෙවැනි වීඩියෝ ගණනාවක්ම මේවනවිට සමාජජාල තුල සංසරණය වන අතර ඉන් කිහිපයක් පහත පලවේ..
 
ජනාධිපතිතුමෝ ඔබට සතුටුද දැන්..විදේශිකයින්ට රට ඇරියා..ලාංකිකයින්ට රට වැහුවා..
 

 ජනාධිපතිතුමෝ, අපි කක්කුස්සි හොදලා හොයන සල්ලි වලින් හම්බකරගෙන කන්න එපා
 

“බංගාලියෙක් එක්ක බුදියලා හරි ලංකාවට එන්න සල්ලි හොයනවා“ අපි සාපකරනවා ඔබලාට..

යුක්‍රේන සංචාරකයින් ගෙන්වන ආණ්ඩුව අපි ගැන බලන්නේ නෑ
 

විදේශගත ශ්‍රමිකයන් ගෙන්වීම මහා ජාවාරමක්, මාෆියාවක්..- ඇමති අරුන්දික
 
 
එසේ විදෙස්ගත 'රට විරුවන්' ගෙන් ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල වෙද්දී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසන්නේ, විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේ ලේඛණයට නම දැමීමේදී පටන් මාෆියාවක් ක්‍රියාත්මක බවයි.
 
අද වන විට විදේශ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීම ඉතාම අසාධාරණ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇතැයි ද ඔහු චෝදනා කර සිටියි.
 
ගුවන් තොටුපලේදී පුද්ගලික හෝටල් තුල නිරෝධායනයට එම ශ්‍රමිකයන් ගෙන යාම සදහා මහා මාෆියාවක් ඇතැයිද ඔහු හෙලි කරයි.
 
විදේශ ශ්‍රමිකයන් ගෙන්වීම මේ වන විට ගසා කෑමක් බවටත්, මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
 
ඒ හේතුවෙන් මෙම රජය බලයට පත් කිරීමට විශාල කැපකිරීමක් කල විදේශගත ශ්‍රමිකයන් රජය ගැන බරපතළ ලෙස කලකිරී ඇතැයිද ඔහු පවසයි.
 
ඔහු එබව කියා සිටියේ ඊයේ (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
 
මෙම වැඩපිළිවෙල ජනාධිපතිගේ දැක්මට විරුද්ධව සිදු කරන වැඩපිළිවෙළක් යයි ද ඔහු චෝදනා වැඩිදුරටත් කියා සිටියේය. 
 

(මූලාශ්‍රය - srilankabrief.org)

 

 
The Leader TV පුවත් විකාශය (ජනවාරි 05)
 
ආණ්ඩු හිතවාදීන්ගෙන් ආණ්ඩුවටම තර්ජන 
 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්