තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස කරන ලද ඉල්ලීම් සඳහා පිළිතුරු ලබා ගැනීම
වෙනුවෙන් හිස් පොදු උද්‍යානයකට රැස්ව සිටින මැදපෙරදිග රටක සංක්‍රමණික කම්කරුවන් සිය ගණනකගේ දර්ශන 2020 අප්‍රේල් 28 වන දින ස්මාර්ට් ජංගම දුරකතනයකින් ලබාගත් අපහැදිලි දර්ශනවලින් පෙන්වන ලදි. 
 
තානාපති කාර්යාලයට ළඟාවන ඔවුන් නැවතත් හරවා නවාතැන්වලට යැවූ බව වීඩියෝව පටිගත කළ කාන්තාව පැවසුවාය. 
 
කෙසේ වෙතත්, රැකියා අහිමිවීම හා ආදායම අහිමිවීම නිසා එය තවදුරටත් ඔවුන්ට විකල්පයක් නොවේ. තම දරුවන්ගේ උවමනාවන් සැපිරීම වෙනුවෙන් තමාත් සහ තමන් වැනි බොහෝ අයත් මෙම දුක්කරදර පීඩා විඳින බව එම කාන්තාව පැවසුවාය. 
 
“අපේ රට අපිව අමතක කළා” යැයි ඇය පැවසුවාය. 
 srilanka 2021.01.6
 
රට තුළ COVID-19 වෛරසයේ ව්‍යාප්තික ස්වභාවය නිසා තම නවාතැන් අතහැර යාමට බිය වූ මැදපෙරදිග සිටින ගැබිනි ශ්‍රී ලාංකික කාන්තා සංක්‍රමණික සේවිකාවන් පිළිබඳව ජුනි 8 වන දින වීඩියෝ මාලාවක් මගින් පෙන්වන ලදි. 
 
ආදායම් නොමැති වීම නිසා ඖෂධ හෝ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඔවුන්ට නොහැකිවන අතර, තමන් රැකියාව සඳහා සංක්‍රමණය වී සිටින එම රටවල රාජ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශවීමේ හිමිකම ද ඔවුන්ට නැත. 
 
“ඊළඟ ගුවන් යානය කවදාදැයි අපි දන්නේ නැහැ, අපේ පවුල් වෙත යන්න ගෙදර යන්න අපි මාස ගණනක් බලා සිටියා. ශ්‍රී ලංකාවේ අපේ ස්වාමි පුරුෂයන්ටත් රැකියාවන් සහ ආදායම් මාර්ගයන් නැතිවයි ඉන්නේ. ”එක් ගර්භනී කාන්තාවක් පැවසුවාය.  
 
නැවත සිය මව් රටට පැමිණීම සඳහා තානාපති කාර්යාල නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටි ශ්‍රී  ලාංකික සංක්‍රමණික කම්කරුවන් පිරිසකට ජෝර්දාන පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව ජුලි 28 වන දින, ඉකොනොමි නෙක්ස්ට් සහ නිව්ස්ෆර්ස්ට් ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කරන ලදී.
 

 
 
කලින් මෙරටට ගෙන්වා දෙන බවට පොරොන්දු වී සිටි එමෙන්ම මාස පහක් පුරා රැකියාවක් හෝ වැටුපක් නොමැතිව සිටි කම්කරුවන් තම දුක්ගැනවිලි ප්‍රකාශ කරමින් සිටින අවස්ථාවේ දී ඔවුන් විසින් නිලධාරීන්ට පිටව යාමට ඉඩ නොදීම නිසා පොලීසිය කැඳවීම සිදුවී තිබුණි.
 
 කඳුළු ගෑස් නිසා ඇතිවූ ශ්වසන අපහසුතා හේතුවෙන් කම්කරුවන් 20 ක් පමණ රෝහල් ගත කර තිබුණි.
 
“අපව ඉක්මනින් ශ්‍රී  ලංකාවට ගෙන යන්න. නැතිනම් අපි මේ රටේ මැරේවි,” කාන්තාවක් පැවසුවාය.
 
රැකියාවක් සහ ආදායමක් නොමැතිව, බොහෝ විට ජීවත් වීමට ස්ථානයක් ද නොමැතිව සිටින දහස් ගණනක් වූ මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් සඳහා නැවත මෙරටට පැමිණීම වෙනුවෙන් මේවන විට පවතින්නේ ඉතා දුෂ්කර හා ප්‍රමාණවත් නොවන ක්‍රියාවලියකි. 
 

 
තවත් කිහිප දෙනෙකු නැවත මෙරටට පැමිණීම පිළිබඳව යම් ප්‍රවෘත්තියක් බලාපොරොත්තුවෙන්උද්‍යානවල නිදා සිටින අතර, අදාළ රටවල ශ්‍රී ලාංකික තානාපති කාර්යාල, සුභසාධන සංවිධාන හෝ පෞද්ගලික පරිත්‍යාගශීලීන් මගින් ඔවුන්ට යම් සහයන් ලැබී තිබේ.  
 
මෙම ගුවන් ගමන් අවස්ථා දෙකකදී කල් දැමුණි. පළමුවැනි අවස්ථාවේදී ශ්‍රී  ලංකා රජය විසින් නැවත පැමිණෙන කම්කරුවන් සඳහා නවාතැන් පහසුකම් නොමැති බව ප්‍රකාශ කළ අතර දෙවැනි අවස්ථාවේ දී ඔක්තෝබර් මාසයේදී පුළුල්ව පැතිරුණු මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු හේතුවෙන් ගුවන් ගමන් නතර කරන ලදී.
 
image 13aeba452cනොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් ඩුබායි සිට කොළඹ දක්වා එවැනි ගුවන් ගමන් 4 ක් සහ අබුඩාබියේ සිට කොළඹ දක්වා එවැනි ගුවන් ගමන් 4 ක් ක්‍රියාත්මක කර තිබේ. 
 
මෙම ගුවන් ගමන් වල සම්පූර්ණ ධාරිතාවෙන්, සංක්‍රමණික කම්කරුවන් 60 දෙනෙකුට සාමාන්‍යයෙන් සෑම ගුවන් යානයකින්ම ආපසු සිය මව්බිමට පැමිණීමට හැකි වී ඇති අතර, අබුඩාබියේ සිට පැමිණි ගුවන්යානාවලින් කම්කරුවන් 25 දෙනෙකු රැගෙනවිත් තිබේ. 
 
මෙසේ ‘ආපසු ගෙදර යෑමට’ හැකි වූයේ ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ ගමන් බලපත්‍රය සඳහා මුදල් ගෙවීම නිසා නොව, මෙම කම්කරුවන්ට ගෙදර යාම සඳහා ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට පෞද්ගලිකපරිත්‍යාගශීලීන් ඉදිරිපත් වූ නිසාය
 
ඩුබායි හි සහන සංවිධාන ජාලයක් සහ දෙරටේ ස්වේච්ඡා සේවකයන් හා ලොව පුරා සිටින පරිත්‍යාගශීලීන් විසින් මෙය සිදු කර තිබේ. 
 
ඔවුන් රැකියාව කරන රට තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ නැවත මෙරටට පැමිණීම සඳහා ලියාපදිංචි වූවන්ගේ ලැයිස්තුව මත පදනම්ව පරිත්‍යාගශීලීන් විසින් එක් එක් කම්කරුවා සඳහා ශ්‍රී  ලංකා ගුවන් සේවය වෙතින් සෘජුවම ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබුණි.
 
ශ්‍රී ලංකා රුපියල් 62,000 ට සමාන එක්සත් අරාබි එමීර් රාජ්යයේ ඩිරාම් 1,200 ක සාමාන්‍ය  ප්‍රවේශ පත්‍ර වටිනාකම අනුව ඩුබායි සිට ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා නැවත මෙරටට පැමිණීමට පහසුකම් සැලසීම වෙනුවෙන් පෞද්ගලික පරිත්‍යාගශීලීන් සහ හිතවතුන් විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 15 කට අධික මුදලක් වියදම් කර තිබේ.
 
 
ආපසු පැමිණෙන මෙම සංක්‍රමණික කම්කරුවන් නොමිලයේ ලබාදෙන රජයේ නිරෝධායන පහසුකම් සඳහා යොමු කරනු ලැබ තිබේ. 
 
මෙම ස්ථාන වලින් එන ඡායාරූප වලින් පෙනී යන්නේ එක් නිදා ගන්නා ස්ථානයක පුද්ගලයින් 30 දෙනෙකු පමණ සිටින බවයි. ඒ අනුව වෛරසය පැතිරීම අවම කිරීම සහතික කිරීම සඳහා ආරක්ෂිත සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම එහි දී සිදුකළ නොහැකිය.  
 
 
මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ජනාධිපති කාර්යාලය වාර්තා කල පරිදි ආයතනික, පුද්ගල පරිත්‍යාග සහ සෘජු තැන්පතු වලින් ‘යුතුකම’ COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,659,015,132 (බිලියනය හයසිය පනස් නවයක් පහළොස් දහසක් එක්ලක්ෂ තිස්දෙකක්) බවයි. 
 
මසකට පසු, ජනාධිපතිගේ මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයකට අනුව අරමුදලෙන් රුපියල් මිලියන 400 ක් පමණක් එතෙක් වියදම් කර තිබුණි. 
 
අතරමං වූ බොහෝ ශ්‍රී ලාංකික කම්කරුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට සහ ප්‍රමාණවත් නිරෝධායන පහසුකම් ලබාදීම සඳහා මෙම අරමුදල භාවිතා නොකළේ මන්දැයි ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය වේ.
 
මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ජනාධිපති කාර්යාලය වාර්තා කල පරිදි ආයතනික, පුද්ගල පරිත්‍යාග සහ සෘජු තැන්පතු වලින් ‘යුතුකම’ COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,659,015,132 කි.  අතරමං වූ බොහෝ ශ්‍රී ලාංකික කම්කරුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට සහ ප්‍රමාණවත් නිරෝධායන පහසුකම් ලබාදීම සඳහා මෙම අරමුදල භාවිතා නොකළේ මන්දැයි ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය වේ.
 
කුවේට් රජය විසින් ‘ඔවුන්ගේ COVID රෝගීන් 19 දෙනා මෙහි එවීමෙන් අපට බෝම්බයකින් පහර දී ඇති’ බව අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍යයට පැවසීය. 
 
මෙම කම්කරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් වන බවත්, ඔවුන්ට රජයේ සහය ලැබිය යුතුය යන බවත් මෙම අමානුෂික භාෂාව නොසලකා හැර තිබුණි.
 
රැකියාවක් සොයා සංක්‍රමණය වන බොහෝ පිරිමින් සහ කාන්තාවන් එසේ කරන්නේ ඔවුන්ගේ දුෂ්කර ගම්බිම්වල ඔවුන්ට රැකියා අවස්ථාවයන් නොමැතිවීම නිසා ඇති වන අධික දරිද්‍රතාවය සහ ණයගැතිභාවය හේතුවෙනි. 
 
ඔවුන්ගේ ආධාරය වෙනුවෙන් තිබෙන සුභසාධන සංවිධානවලට අනුව, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විදේශ රැකියා සංවිධානය කළ ඒජන්සි විසින් ද නොමඟ යවා තිබේ. 
 
පැමිණීමේ වීසා මත මැද පෙරදිග හෝ ගල්ෆ් රටවල් වෙත යාමට ඔවුන්ව දිරිමත් කර තිබෙන අතර, පැමිණීමේදී රැකියාවක් සහතික වන බව සඳහන් කරමින් අධික ලෙස ගාස්තු අය කර තිබේ. 
 
වසංගතයේ සන්දර්භය තුළ, 2020 මැද භාගයේදී පවා එම රටවල රැකියා සඳහා අඩු ඉල්ලුමක් පැවති විට දී පවා මෙය සත්‍යයක් විය. 
 
ඉතාම සීමිත ඉපැයීම් ද සහිතව ඔවුන් ආපසු නිවසට පැමිණෙන විට, පසුගිය මාස කිහිපය තුළ දිවි ගලවා ගැනීමෙන් බොහෝ වෙහෙසට පත්ව සිටින ඔවුන්, විශාල ණය බරක් සහිතව හා ශ්‍රී  ලංකාවේ ස්ථීර රැකියාවක් ද නොමැතිව සිටින බවට සැකයක් නැත. 
 
තම විදෙස්ගත රැකියාවන් නිසා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට දායකවන ප්‍රේෂණ සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ ව්‍යාපාරික නායකයින් විසින් ප්‍රශංසා කරනු ලැබුවද, මෙම සංක්‍රමණික කම්කරුවන් බොහෝ ආකාරයන්ගෙන් අමතක කොට තිබේ. 
 
නොවැම්බර් මාසය වන විට මැද පෙරදිග රටවල් වලින් මරණ 90 ක් වාර්තා වී ඇති අතර සෞදි අරාබිය සහ කටාර් රටවලින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී තිබේ. 
 
ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මෙම මරණ රටේ දේශීය මරණ සංඛ්‍යවලට එකතු නොවේ. 
 
ශ්‍රී  ලංකා ආර්ථිකයට ඔවුන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ‘රටවිරුවෝ’ හෝ රටේ වීරයන් ලෙස හඳුන්වනු ලබන ඔවුන්, වාර්ෂික ගණනය කිරීම් වලදී නොසලකා හැරීම හා ඔවුන්ට දැඩි අවශ්‍යතාවයක් ඇති මොහොතක දී  නොසකලා හැරීම පිළිගත නොහැකිය.
 
සංක්‍රමණික සේවකයින්ට පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ ත්‍යාගශීලීභාවය මත විශ්වාසය තැබීමට සිදුවී ඇත්තේ ශ්‍රී  ලංකා රජය විසින් තම පුරවැසියන්ට ලබා දිය යුතු ප්‍රමිතිගත රැකවරණය ලබා නොදීම හේතුවෙනි. 
 
සංක්‍රමණික සේවකයින්ට පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ ත්‍යාගශීලීභාවය මත විශ්වාසය තැබීමට සිදුවී ඇත්තේ ශ්‍රී  ලංකා රජය විසින් තම පුරවැසියන්ට ලබා දිය යුතු ප්‍රමිතිගත රැකවරණය ලබා නොදීම හේතුවෙනි. 
 
කෙසේ වෙතත්, ආපසු ගෙදර එන කම්කරුවන් සඳහා, ටිකට් පත් සඳහා දායක වන අයගේ ත්‍යාගශීලීභාවය පිළිබඳව ඔවුහු ඉතාමත්ම කෘතවේදී වෙති.  
 
“ස්තූති කරන්න මට වචන නැහැ,” මේ මාසයේ පෞද්ගලික පරිත්‍යාග මගින් ආපසු පැමිණිය හැකි වූ තරුණියක් පැවසුවාය.
 
dvfdf
යුක්රේනයෙන් පැමිණි සංචාරකයින්ගේ පළමු ගුවන් ගමන දෙසැ. 29 වන දින සිදුවිය
 
දැඩි මාර්ගෝපදේශ යටතේ ගමනාන්ත තෝරා ගැනීම හරහා පාලිත ‘සංචාරක බුබුලු’ මගින් ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ගේ පැමිණීම නැවත ආරම්භ කිරීමේ සැළසුම් දෙසැම්බර් අග දී රජය විසින් නිවේදනය කරන ලදි. 
 
 යුක්රේනයෙන් පැමිණි මෙවැනි සංචාරකයින්ගේ පළමු ගුවන් ගමන දෙසැම්බර් 29 වන දින මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බසින ලදි.  
 
ශ්‍රී ලංකාවට වඩා යුක්රේනයේ ජනගහනය අතර COVID-19 රෝගීන් 13 ගුණයක් සහ මරණ 50 ගුණයක් ඇති බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ පර්යේෂකයන් පෙන්වා දෙන ලදි.  
 
ශ්‍රී ලංකාවට වඩා යුක්රේනයේ ජනගහනය අතර COVID-19 රෝගීන් 13 ගුණයක් සහ මරණ 50 ගුණයක් ඇති බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ පර්යේෂකයන් පෙන්වා දෙන ලදි.  
 
ගුවන් යානය ගොඩබෑමෙන් මොහොතකට පසු, ඔවුන් වෙත මහත් පිළිගැනීමක් පෙන්වන ඡායාරූප මාධ්‍ය තුළ සංසරණය වූ අතර ඒ අනුව සංචාරකයින් නිසි ලෙස මුව ආවරණ පැළඳ නොසිටි බව ද දක්නට ලැබුණි.
 
ගල්ෆ් කලාපයේ අතරමංව සිටින ශ්‍රී  ලාංකික සංක්‍රමණික කම්කරුවන් තමන්ගේ රට විසින් තමන්ව දැඩි ලෙස අධෛර්යයට ලක් කිරීම පිළිබඳව තම හැඟීම් ෆේස්බුක් හරහා ප්‍රකාශ කරන ලදි. 
 
ආපසු පැමිණීමට ටිකට්පත් මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් ඔවුන් සතුව නැති බව පවසමින්, ‘අපේම අය’ ආපසු ගෙදර ගෙන ඒමට උත්සාහ කළ නොහැක්කේ මන්දැයි ඔවුන් විසින් විමසා තිබුණි. 
 
“විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් එවන ලද මුදලින් පෝෂණය වන අය විදේශිකයන් රට ඇතුළට ගෙන එනවා. ලැජ්ජයි, ගෝඨාබය මහත්තයා, මම කතා කරන්නේ ඔබට ඡන්දය දුන් අයෙකු විදිහටයි,” අයෙක් පවසා තිබුණි.
 
ජනතාවගේ පූර්ණ බලාපොරොත්තු සුන්වීමකදී, නායකයින්ට ඡන්දය දුන් එම ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට නොහැකි වීම ඇත්ත වශයෙන්ම ලැජ්ජාවකි.
 
පෞද්ගලික පරිත්‍යාගශීලීන් හරහා ශ්‍රී ලංකාවේ ත්‍යාගශීලිත්වය නිරන්තරයෙන් වසරක් පාසා ව්‍යසනයන්ට මුහුණ දෙන ආකාරය අතිමහත්ය. 
 
ඒ අතරම, බොහෝ දෙනෙකුට - විශේෂයෙන් මෙවැනි අවස්ථාවකදී මෙම කම්කරුවන්ට මෙන් - රාජ්‍යයේ සහන අසාර්ථක වීම කණගාටුවට කරුණකි. ඔවුන්ට නැවත සිය රට බලා යාමට පෞද්ගලික පරිත්‍යගශීලීන් මත යැපීමට සිදුව තිබේ.
 
(අමලිනි ද සයිරා -Amalini de Sayrah විසිනි)
ලේඛිකාව විමුක්ති ව්‍යාපාරයේ සාමාජිකාවකි 
 

The Leader TV පුවත් විකාශය (ජනවාරි 06)
 
රට විරුවන් ජනපතිට ශාප කරයි ශාපෙන් බේරෙන්න නාමල්ගෙන් ප්‍රකාශයක්! - 
 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්