ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැලකිය යුතු ප්‍රමානයකින් 'ෆේල්' බව පවසන 'සිංහලේ'
සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ, ඇමරිකානු MCC ගිවිසුමේ ශ්‍රී ලංකාවේ ඒජන්ත බැසිල් රාජපක්ෂ ඒ වැඩේ හොදටම කර ජනාධිපතිව ළඟදීම ගෙදර යවනු ඇතැයි කියා සිටිති.
 
මේවනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වටේ සිටින්නේ 'බෝර්න් අගේන්' කල්ලියක් සහ ඉස්ලාම් අන්තවාදී කල්ලියක් බව පවසන උන්වහන්සේ, ජනාධිපතිවරයා තීන්දු තීරණ ගන්නේ එම කල්ලි වලට අවශ්‍ය විදියට බවද  අවධාරණය කරති.
 
ජනාධිපතිවරයා මාසෙකට සැරයක් හම්බෙන සංඝ උපදේශක මණ්ඩලයේ සිටින්නේ, ''වන්දි බට්ටයො, කේවට්ටයෝ, කේලංකාරයෝ, ඕපදූපකාර හාමුදුරුවෝ.'' යයි ද පවසන උන්වහන්සේ, '' ජනාධිපතිවරයා අපිව ඒවට කැදවන්නේ නෑ. අපි ඇත්ත කියන නිසා බයයි.'' යයි ද චෝදනා කර සිටිති.
 
උන්වහන්සේ මෙම කාරනා පැවසුයේ, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ සමාජ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. 
 
 
ඥානසාර හිමියන් මුදලට විකිණිලා !
 
බොදුබල සේනා සංවිධානයේ ලේකම්, ගලගොඩ ඥානසාර හිමියන් වත්මන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතල විවේචනයක් සිදුකළ උන්වහන්සේ, ඥානසාර හිමියන් මුස්ලිම් අන්තවාදීන්ගේගේ මුදල් වලට යටවූ බවත් ජාතික ව්‍යාපාරය පාවාදී නිහඬ වු බවත් එහිදි පැවසුහ.
 
''බොදුබල සේනා සංවිධානයේ ලේකම්, ගලගොඩ ඥානසාර හිමියන් වත්මන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතල විවේචනයක් සිදුකරන උන්වහන්සේ, ඥානසාර හිමියන් මුස්ලිම් අන්තවාදීන්ගේගේ සල්ලිවලට යටවූ බවත් ජාතික ව්‍යාපාරය පාවාදී නිහඬ වු බව පැවසුහ.''
 
අලි සබ්‍රිගේ සොයුරකු මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ පන්සලට ගොස්  'ඩීල් එකක්' දාගැනීමට උත්සහකර ඇති බව පවසන මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ, තමන් වහන්සේ හමුවීම සඳහා 'සමගි ජන බලවේගයේ' කනිෂ්ක නඩරෝල් නමැති මන්ත්‍රීවරයකු පැමිණි බවත් කියා සිටිති.
 
''මේ ගොල්ලෝ දැන් හදන්නේ අපිව සල්ලි වලට ගන්න.'' උන්වහන්සේ පවසති.
 mnm
''උපන්දිනේට කේක් කාල සංඝ විනය විනාශ කළේ පිටිදූවේ සිරිධම්ම හිමි. ''
 
ශාසනයේ ඇති වුන මේ පරිහානියට පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ සම්පූර්ණයෙන් වග කිවයුතු බව පවසන 'සිංහලේ' මැඩිල්ලේ හිමියන්, ''අර කේක් කපලා මූන පුරා ගාගත්ත අය බිහි කලේ උන්නාන්සේ'' බව ද මෙම සාකච්ජාවේදී පැවසුහ.
  

 

 
The Leader TV පුවත් විකාශය (ජනවාරි 06)
 
රට විරුවන් ජනපතිට ශාප කරයි ශාපෙන් බේරෙන්න නාමල්ගෙන් ප්‍රකාශයක්! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්