රාජපක්ෂ පාලනය විසින් ශ්‍රී ලංකාවේ සීමිත බලය බෙදා ගැනීම පවා අහෝසි කිරීමට සැලසුම් කිරීම නවත්වා දැමීමට මැදිහත් වන ලෙස ඉන්දීය පාර්ලිමේන්තුවේ සැලකිය යුතු නියෝජනයක් සහිත දෙමළ පක්ෂයක් එරට

අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ. 
 
ද්‍රාවිඩ මුන්නේත්‍ර කළහම් පක්ෂ ((DMK) පක්ෂ නායක ටී.ආර්.බාලු දැඩි ස්වරයෙන් යුත් ලිපියක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට යොමු කරමින් ඉල්ලා ඇත්තේ, 'ශ්‍රී ලංකාවට තදබල අනතුරු ඇඟවීමක්' කරමින් දශක තුනකට වැඩි කලකට ඉහතදී ස්ථාපිත පළාත් සභා අහෝසි කිරීමේ තීරණය අත්හරින ලෙස තම අසල්වැසියාට බලකරන ලෙසයි.
 
DMK නායකයා තම ලිපිය යවා ඇත්තේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කිරීමට පෙරාතුවය.
 
“පලදායී බලය බෙදීමක්” සිදුකිරීම ශ්‍රී ලංකාවේ සෞභාග්‍යයට හේතුවනු ඇති බව ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් කොළඹදී ප්‍රකාශ කළත්, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ඒ ගැන කිසිත් සඳහන් කර තිබුනේ නැත.
 
ErDC3JUWMAIC2nx

“පලදායී බලය බෙදීමක්” සිදුකිරීම ශ්‍රී ලංකාවේ සෞභාග්‍යයට හේතුවනු ඇති බව ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් කොළඹදී ප්‍රකාශ කළත්, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ඒ ගැන කිසිත් සඳහන් කර තිබුනේ නැත.
 
පළාත් සභා භාර හිටපු අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් ‘ශ්‍රී ලංකාව මත ඉන්දියාව විසින් බලෙන් පටවන ලද’ පලාත් සභා ක්‍රමයට තමන් විරුද්ධ යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ වරක් දෙවරක් නොවේ.
 
1987 ජුලි මාසයේදී පලාත් සභා පිහිටුවන ලද්දේ එවකට සිටි ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර අත්සන් තබන ලද ඉන්දු-ලංකා ගිවිසුම යටතේ ය.
 
එය මූලික වශයෙන් උතුරු හා නැගෙනහිර පලාත් සදහා බලතල බෙදා හැරීම අරමුණු කරගත්තේ වී මුත් අනතුරුව එය සමස්ත ශ්‍රී ලංකාව තුළම පළාත් සභා ගොඩ නැගීමට තුඩු දුන්නේ ය.
 
බලය බෙදා හැරීමේ මිරිඟුව:
 
The Indo Lanka
 
1987 ජුලි මාසයේදී පලාත් සභා පිහිටුවන ලද්දේ එවකට සිටි ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර අත්සන් තබන ලද ඉන්දු-ලංකා ගිවිසුම යටතේ ය.
 
කෙසේ වෙතත්, එම ගිවිසුමෙන් සැබෑ ලෙස බලය විමධ්‍ය ගත කිරීමක් සිදු නොවූයේ, මෙම බලය බෙදා හැරීමේ පැකේජයේ කේන්ද්‍රය වූ ඉඩම් හා පොලිස් බලතල බෙදා හැරීමට කොළඹ පාලනය තදබල ලෙස පසුබට වූ බැවිනි.  
 
පළාත් සභා වෙත පවරනු ලැබූ සීමිත බලතල පවා කලින් කලට ඉවත් කරනු ලැබිණි.
 
මෙම යෝජනාව ඉදිරියට ගෙන යන්නේ නම් එය අනාගත ඉන්දු-ලංකා සබඳතා වලට අනිටු ලෙස බලපානු ඇති වග ඉන්දීය අගමැති විසින්  රාජපක්ෂ පාලනයට ඒත්තු ගැන්විය යුතු බව ටී. ආර්.බාලු වැඩිදුරටත් පෙන්වා දෙයි.
 
“ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට ගැටළු මතුකරන ප්‍රතිපත්ති බලහත්කාරයෙන් ක්‍රියාත්මක කෙරෙන තත්වයක් යටතේ  අපට ඇස්කන් වසාගෙන සිටිය නොහැක,” යි ටී.ආර් බාලු  ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) වෙත පවසා තිබේ.
 
‘ඊලාම් ප්‍රදේශවල’ වෙසෙන දෙමළ ජනතාව දෙවන පන්තියේ පුරවැසියන් බවට පහත හෙලීමේ නිර්දය උත්සාහයක ලංකාණ්ඩුව නිරතව සිටින බවට DMK නායක  බාලු  සිය ලිපියෙන් චෝදනා කර තිබේ.
 
එම ලිපිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පළාත් සභා අහෝසි කිරීමේ ශ්‍රී ලංකා රජයේ යෝජනාව ඉන්දියාව සමඟ ඇති කර ගත් ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමක් හා සමාන වන අතර එය උඩඟුකමේ ද, බලහත්කාරයේද  පිළිබිඹුවක් වන බවයි.
 
“13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යමින් හෝ ශ්‍රී ලංකා දෙමළ ජනතාවගේ බලතල සහතික කෙරෙනු ඇති බවට ඔබේ නායකත්වය යටතේ ඉන්දීය රජය පවසා තිබේ. එහෙත්, දැන් දෙමළ ජනයා සතු පළාත් සභා පවා අහෝසි කිරීමට මාන බලන කල්හි, ඉන්දියාව හුදෙක් ගොලු ප්‍රේක්ෂකයෙකු වන්නේ මන්දැයි අපට තේරුම් ගත නොහැක,” යි බාලු තම ලිපියෙන් ඉන්දිය අගමැති  මෝඩිගෙන් විමසා ඇත.
 
ඉන්දීය පාර්ලිමේන්තුවේ ඩී.එම්.කේ පක්ෂයේ නායකයා සිය ලිපියේ වැඩි දුරටත් සඳහන් කරන්නේ පළාත් සභා  අහෝසි කිරීම  ශ්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ ජනයා විසින් වර්තමානයේ භුක්ති විඳිමින් සිටින අල්ප වු ආත්ම ගෞරවය රඳා  පවතින යමක් වේද එය පවා ගලවා දැමීමට හේතු වනු ඇති බවයි.
 
“සමානතාව, යුක්තිය, සාමය සහ අභිමානය සම්බන්ධයෙන් දෙමළ ජනතාව සතු අභිලාෂය සපුරා ලීම ශ්‍රී ලංකාවේම අභිවෘද්ධියට හේතු වෙයි,” යනුවෙන් ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් සිය දෙදින නිල සංචාරය අවසානයේ ප්‍රකාශ කර තිබුණි.
 
“එය 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළුව පලදායී බලය බෙදා හැරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආඉඋව දී ඇති පොරොන්දු සම්බන්ධයෙන්ද එකසේ වලංගු වෙයි. එහි ප්‍රතිපලයක් ලෙසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සෞභාග්‍යය සැබවින්ම දියුණුවක් අත් කරගනු ඇත.”
 
දෙමළ ජාතික සන්ධානය (TNA) වරින් වර පවසා ඇත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දැනට ලබා දී ඇති බලතල වලින් සෑහීමකට පත්විය නොහැකි නිසා ඉන් ඔබ්බට යා යුතු බවයි. TNA නායක ආර්. සම්බන්දන් කියා තිබුනේ “13 දිරාපත් වෙමින් යන මළ සිරුරක් වන බැවින් අපි එය කිසි විටෙකත් ස්පර්ශ නොකරමු” යනුවෙනි.
 
තමිල්නාඩු ප්‍රාන්ත සභාව සදහා මැතිවරණයක් දැන් ඕනෑම වේලාවක ප්‍රකාශයට පත්කිරීමට ඉඩ ඇත. එසේ හෙයින්, තමිල්නාඩුවෙහි අනෙකුත් දේශපාලන පක්ෂත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සහයෝගය ප්‍රකාශ කරමින් ස්ථීරවම ඩී.එම්.කේ. පසුපසින් ඇදෙනු ඇත.
 
ඒ ඡන්ද විමසීමෙන් අනතුරුව පහසුවෙන්ම අමතක කර දැමීමටය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්