පාසලට පැමිණි ගුරුවරයාට ලිපියකින් දමා නොගැසූ බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව
කොළඹ විශාඛා විදුහලේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල පවසයි.
 
ජනාධිපති අධ්‍යාපන කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ද වන ඇය එබව සඳහන් කරමින් මාධ්‍ය ආයතනයකට  ප්‍රතිචාර දක්වා ඇත්තේ, ගුරුවරයකුට තර්ජනය කර පන්නා දැමු බවට ඇයට එරෙහිව ගොනුකර ඇති පැමිණිලි සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
 
‘සිංහල සාහිත්‍යයේ එන කාන්තා වර්ණනා කරන්න ඔයාට බැහැ. විශාඛා විදුහල්පතිනිය පිරිමි ගුරුවරයකු දැක පරල වෙයි’ යන සිරස්තලය යටතේ ‘අරුණ’ පුවත්පතේ ඊයේ (07 ) පළ වූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන විශාකා විදුහල්පතිනියගේ ලිපියේ මෙසේද සඳහන් වේ.
 
‘‘මෙම ගුරුවරයාට අප පාසලට මාරුවීමක් ලැබී ඇති බව දැන ගත් අවස්ථාවේදී මා විසින් එම ගුරුවරයා පිළිබඳ විස්තර සොයාගෙන එම විස්තරවලට අනුව මෙම ගුරුවරයා පාසලට නොගැළපෙන අයෙක් බව දැනගෙන සැප්තැම්බර් 28 වැනිදා එම ගුරුවරයාට මෙම පාසලට මාරුවීමක් ලබා නොදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන ලදී. 
 
මාගේ ඉල්ලීම සාධාරණ බව දන්වා ලේකම්වරයා විසින් මෙම ගුරුවරයා විශාඛා විද්‍යාලයට ස්ථාන මාරු නොකර වෙනත් පාසලකට ස්ථාන මාරුව ලබා දෙන ලෙස දන්වා දුන් ලිඛිත ඉල්ලීමට සටහනක් යොදන ලදී.
 
 නමුත් ලේකම්වරයාගේ නියෝගය නොසලකා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අධ්‍යක්ෂවරිය විසින් මෙම ස්ථාන මාරුවීම ක්‍රියාත්මක කර ඇත.
  
ලේකම්වරයාගේ නියෝගය නොසලකා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අධ්‍යක්ෂවරිය විසින් මෙම ස්ථාන මාරුවීම ක්‍රියාත්මක කර ඇති බව විශාකා විදුහල්පතිනිය පවසයි.
 
ජනවාරි 04 වැනිදා මෙම ගුරුවරයා බුලත් හුරුල්ලක් ලබාදී රාජකාරි බාරගැනීම සඳහා මාගේ කාර්යාලයට පැමිණියේය. 
 
එහිදී එම ගුරුවරයාට අසුන් ගැනීමට අවස්ථාව මා ලබාදුන් අතර, එම ගුරුවරයාට මෙම පාසලේ රාජකාරි භාරදිය නොහැකි බව දන්වන ලදී.
 
අදාළ ගුරුවරයා පවසන ආකාරයට මා විසින් කිසිදු අවස්ථාවක එම ගුරුවරයාට ලිපියකින් දමා නොගැසූ බව මා ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන අතර, වැඩ භාර දීම‌ට නොහැකි බව ප්‍රකාශ කළ අවස්ථාවේදී එම ගුරුවරයා මාගේ මේසයට තදින් පහර ගසමින් ‘අද වැඩ බාර දුන්නේ නැත්නම් මම මෙතනින් නැගිටින්නේ නැතැ’ යි පවසමින් ඝෝෂා කරන්නට විය. 
 
ඉන් අනතුරුව මාගේ මේසයේ ඔළුව ගසාගෙන හඬන්නට ගත් බවද ප්‍රකාශ කරමි.
 
එවිට මා පවසනු ලැබුවේ පස්වරු 1.30 වන විට මා කාර්යාලයෙන් බැහැරව යන බවත් ඊට පෙර ආරක්ෂක අංශයට පවසා සර්ව පුටුව පිටින්ම උස්සලා එළියෙන් තියන්න කියන්නම් යන බවත්ය. නමුත් ඊට පෙර මා කාර්යාලයෙන් බැහැර වන විටම ඔහුද පිටතට ගිය අතර, ආරක්ෂක අංශ පැමිණීමක් සිදු නොවීය.
 
 
''දැරියන්ට විනය විරෝධී කටයුත්තක් සිදු කර ඇති ගුරුවරයෙක්''
 
මෙම ගුරුවරයා එවකට සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියක්ව සිටි ගීතා අබේගුණවර්ධන සේවය කරන වකවානුවේදී එම පාසලේ 12-13 ශ්‍රේණි සිංහල විෂය ඉගැන්වීම් කටයුතු කර ඇත. 
 
එම පන්තියක දැරියන්ට විනය විරෝධී කටයුත්තක් සිදු කර ඇති බව දෙමව්පියන් විසින් දෙමාපිය රැස්වීමේදී විදුහල්පතිනියට දන්වන ලදුව ඒ සඳහා ලැජ්ජා සහගත වන ආකාරයට කටයුතු කර ඇති බව මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවේ හිටපු විදුහල්පතිනි ගීතා අබේගුණවර්ධන ගෙන් අසා දැනගන්නා ලදී. 
 
ඉන්පසු විදුහල්පතිවරිය ඒ සම්බන්ධයෙන් විනය විමර්ශනයක් කර ඇත. 
 
මේ සම්බන්ධයෙන් අදාළ විදුහල්පතිනියගෙන් අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් විමසා කරුණු විනිශ්චය කර ගත හැකිය.
 
තවද මෙම ගුරුවරයා විශාඛා විද්‍යාලයට ස්ථාන මාරු ලැබ පැමිණෙන බව දැනගත් විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන් සහ දෙමව්පියන් විසින්ද මෙම ගුරුවරයා සම්බන්ධයෙන් මා දැනුවත් කරන ලදී.
 
එවන් වූ ඉතිහාසයක් ඇති ගුරුවරයකු ගෞරවනීය බාලිකා පාසලක විදුහල්පතිනියක් ලෙස පන්ති කාමරයට යැවීම මාගේ හෘද සාක්ෂියට එකඟව මා විසින් භාරගත් වගකීමට පටහැනි නොවන්නේද?
 
මේ වැරැද්ද සිදු කරනු ලැබුවේ විශාඛා විදුහල්පතිනිය වන මා විසින්ද, ලේකම්වරයාගේ නියෝගයට පටහැනිව ක්‍රියා කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු අධ්‍යක්ෂවරිය වන ධම්මිකා ජයනෙත්තිද යන්න ඔබට පසක් වනු ඇතැයි මම විශ්වාස කරමි.
  
''මේ වැරැද්ද සිදු කරනු ලැබුවේ විශාඛා විදුහල්පතිනිය වන මා විසින්ද, ලේකම්වරයාගේ නියෝගයට පටහැනිව ක්‍රියා කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු අධ්‍යක්ෂවරිය වන ධම්මිකා ජයනෙත්තිද? ''
- විශාකා විදුහල්පතිනිය විමසයි. 
 
මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණ සත්‍යය අවශ්‍ය ලෙස විකෘති කිරීමක් පමණක් වන අතර, මෙම පාසල පිරිමි ගුරුභවතුන් ඉතාම විනයානුකූලව තමන්ගේ රාජකාරි මනාව ඉටු කරන පාසලක් බවද මම තවදුරටත් ප්‍රකාශ කර සිටිමි.
 
කිරි කළයකට ගොම බින්දුවක් වැටුණහොත් සිදුවන ප්‍රතිවිපාකය අපි සියලු දෙනාම ඉතාම හොඳින් දන්නා කරුණක් වන අතර, එවැනි කළු පැල්ලමක් විශාඛා විද්‍යාලයට ඇති වීමට මා විදුහල්පතිනිය ලෙස කිසිදිනක කටයුතු නොකරන බවද දන්වමි.’’
 
 
ගුරු සංගමයෙන් විදුහල්පතිනියට චෝදනා 
 
කෙසේවුවද ගුරුවරයකුට තර්ජනය කර පන්නා දැමු බවට කොළඹ විශාල විදුහලේ විදුහල්පතිනියකට එරෙහිව පැමිණිලි ගොනුවී තිබේ.
 
එම මුල් ගුරුවරිය මේ වනවිටත් විවිධ අක්‍රමිකතා සිදුකළ බවට නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයකට මුහුණ දී සිටින්නියක් බව දිවයිනේ ප්‍රමඛතම ගුරු සංගමයක් පවසයි.  
 
ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ අධ්‍යාපන ලේකම්ගේ ස්ථාන මාරු නියෝගයට අනුව කොළඹ ශාන්ත පාවුළු බාලිකා විදුහලේ සේවයේ නියුතු එච්.ජී. වසන්ත ගුරුතුමා කොළඹ විශාකා විදුහලට ස්ථාන මාරුවක් ලබා තිබු බවයි.
 
 පසුගිය වසරේ සැප්තැම්බර් 02 දිනැති එම ස්ථාන මාරු ලිපියට අනුව එච්.ජී වසන්ත ගුරුතුමා, මේ වසරේ ජනවාරි 04 දින  වැඩභාර ගැනීමට විශාකා විදුහලට ගොස් ඇති බව ලංකා ගුරු සංගමය ජනවාරි 6 බදාදා  නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දී තිබේ.
 
 dgfsdfg
ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින්
 
 එම  අවස්ථාවේදී විශාකා විදුහලේ විදුහල්පතිනය වන සඳමාලි අවිරුප්පල විසින් ශාන්ත පාවුළු විද්‍යාලයේ විදුහල්පතිනියගේ නම සඳහන් කරමින් ඇගේ ගෝලයන්ට මෙම පාසලේ වැඩභාර නොදෙන බව පවසා ඔහු විසින් ගෙනෙන ලද සේවයෙන් නිදහස් කිරීමේ ලිපිය ඇඟට විසිකර, පාසලේ ආරක්ෂකයන් 4 දෙනෙකු තම කාර්යාලයට ගෙන්වාගෙන තර්ජනය කොට විදුහල්පති කාමරයෙන් එළියට ඇද දැමීමට උත්සාහ කර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
 
"එසේම විශාකා විදුහලේ විදුහල්පතිනිය ගුරු මාරු අධ්‍යක්ෂවරියගේ ද නම සඳහන් කරමින් ඇයට ද දැඩි ලෙස බැනවැදී ඇත."
 
ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් පවසන්නේ විශාඛා විදුහල්පතිනය විසින් ගුරුවරයෙකුට සිදු කරන ලද මෙම අපහාසාත්මක ක්‍රියාවලිය ලංකා ගුරු සංගමය දැඩි පිළිකුළෙන් හෙළා දකින බවයි.
 
මේ සම්බන්ධයෙන් එච්.ජී. වසන්ත ගුරුතුමා අධ්‍යාපන ලේකම්වරයාට ජනවාරි 5 අගහරුවාදා දින ලිඛිත පැමිණිල්ලක් කර ඇති අතර, රාජකාරියට වාර්තා කිරීමට ඉඩ නොදීම මත බම්බලපිටිය පොලීසියේද එදිනම පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
 
 
අධ්‍යාපන අමාත්‍යංශයේ පක්ෂපාතී කම:
 
විශාකා විදුහලේ විදුහල්පතිනයගේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් විවිධ පැමිණිලි මීට ඉහතදීත්  ඉදිරිපත්ව තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය ඇය සම්බන්ධයෙන් සහනශීලී පියවරක් අනුගමනය කිරීම බරපතල පක්ෂපාතී තත්වයක් ලෙසින් ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා පෙන්වා දෙයි.
 
 ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ විශාකා විද්‍යාලයේ 2019 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකතා පිළිබඳ චෝදනා 15 ක් අඩංගු චෝදනා පත්‍රයක් රාජ්‍ය සේවා කොමිසම විසින් 2019 වසරේ සැප්තැම්බර් 25  දිනැතිව ඇයට ලබා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන විනය පරීක්ෂණය මේ දක්වා අවසන් කොට නොමැති බවයි.
 
 "ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා ඉදිරිපත් වී තිබියදී 2021 ට අදාළ ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලියට ඇය ඇතුළත් නොකළ යුතු බවට ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාට සහ රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයාට පැමිණිලි කරන ලදී".
 
 "ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා ඉදිරිපත් වී තිබියදී 2021 ට අදාළ ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලියට ඇය ඇතුළත් නොකළ යුතු බවට ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාට සහ රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයාට පැමිණිලි කරන ලදී".
 
 ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම 2020 වසරේ ජුලි 07  දිනැතිව යුතු ලිපියක් අධ්‍යාපන ලේකම් වෙත යොමු කරමින් ඒ සම්බන්ධයෙන් වන නිරීක්ෂණ අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුනද ඒ සම්බන්ධයෙන් ද කිසිදු ක්‍රියාමාර්ගයක් මේ දක්වා ගෙන නොමැති බවට ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් චෝදනා කරයි.
 
 අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සේවය කරන මෙම විදුහල්පතිනියට චෝදනා පත්‍රයක් තිබියදී හා මෙලෙස අත්තනෝමතිකව කටයුතු කරද්දීත්, ඇය ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයෙන් පත් කරන ලද ශ්‍රී  ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ලෙස ද පත් කර තිබීම ගැටලූකාරී තත්වයක් ලෙසින් ලංකා ගුරු සංගමය වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
 

'ද ලීඩර්' පුවත් විශේෂාංගය 
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්