ජාතික හෙළ උරුමයෙන් පසුගියදා ඉවත්වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසට නිශ්චිත වගකීම් පවරා සමගි ජන බලවේගය වෙත එක්කර ගන්නැයි සජබ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (07) පස්වරුවේ විපක්ෂ
නායක සජිත් ප්‍රේමදාස හමුවී ඉල්ලීමක් කර ඇත. මෙම හමුවට සජබ මන්ත්‍රීවරුන් 15කට වැඩි පිරිසක් සහභාගී වී තිබේ.
බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය හා ජනාධිපති ගෝඨාභය වටා සිටින ඇතැමුන්ගේ මැදිහත්වීම් සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව සිටින ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙන්ම 'ජාතික සංවිධාන' ගණනාවක් චම්පික රණවක සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බැවින්, හදිසි දේශපාලන බල වෙනසක් සඳහා චම්පික රණවක මන්ත්‍රීවරයාට සජබ ඉහල තනතුරක් ලබාදී පක්ෂයට එක්කර ගැනීමේ අවශ්‍යතාවය එම මන්ත්‍රීවරුන් පිරිස එහිදී අවධාරණය කර තිබේ.
ඒ අනුව ඊට අදාල පාර්ශව සමග සාකච්ජා කරන ලෙස පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස විසින් පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර වෙත දැනුම් දී ඇත.
චම්පික රණවක ඇතුළු ජාතික හෙළ උරුමයේ පිරිස් සජබ ට එක්කර ගැනීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසට හිතවත් කිහිප දෙනෙකු බලවත්සේ විරෝධය පළකර ඇත්තේ, ඉදිරියේ දී චම්පිකගෙන් සජිත් ගේ නායකත්වයට තර්ජනයක් එල්ල වෙතැයි පවතින බිය නිසා බව බව දේශපාලන ආරංචි මාර්ග පවසති.
මේ අතර සජබ ප්‍රබලයකුට අද උදැසන දුරකථන ඇමතුම් ලබාදී ඇති ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම සඳහන් කර ඇත්තේ, තමන් චම්පික රණවක සමග ගනුදෙනුවක් පවත්වාගෙන යනබවට ඊයේ දිනයේ ඇතැම් සජබ මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට පවසා ඇති තොරතුරු මුළුමනින්ම අසත්‍ය බවයි.
චම්පික රණවක සිටින දේශපාලන ව්‍යාපාරයකට තමන් කිසිඳු ලෙසකින් එක්නොවන බවද ඇතැම් ඇමතිවරුන් සජබ ප්‍රබලයාට අවධාරණය කර තිබේ.
################
'ද ලීඩර්' පුවත් විශේෂාංගය
වීඩියෝ ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?