කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දරන ලද උත්සාහයක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
 
පසුගියදා එම විද්‍යාලයේ විදුහල්පතිවරයාව දුරකථන ඇමතුමක් ලැබී ඇති අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් දැනුවත්කර ඇත.
 
එය රාජකීය විද්‍යාලයේ ආදි සිසුන්ගේ මැදිහත්වීම මත අගමැතිවරයා විසින් සිදුකල ඉල්ලීමක් බව අමාත්‍යංශ ලේකම්වරයා එහිදී පවසා තිබේ.
 
මේ සම්බන්ධයෙන් රාජකීය විද්‍යාලයේ ප්‍රබල ආදී ශිෂ්‍යයින් කිහිප දෙනෙකු  කල විමසීමක දී අගමැතිවරයා පවසා ඇත්තේ, රාජකීය විදුහලේ විදුහල්පති මාරු කිරීමට තමාට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවයි.
 
 
 
''මේ සම්බන්ධයෙන් රාජකීය විද්‍යාලයේ ප්‍රබල ආදී ශිෂ්‍යයින් කිහිප දෙනෙකු  කල විමසීමක දී අගමැතිවරයා පවසා ඇත්තේ, රාජකීය විදුහලේ විදුහල්පති මාරු කිරීමට තමාට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවයි.''
 
 
 
කෙසේවුවද අප වෙත වාර්තා වන්නේ විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ ලේකම් ඇතුළු පිරිසක් පසුගියදා අගමැතිවරයා හමුවී විදුහල්පතිවරයාව දැඩිලෙස විවේචනය කරමින් ඔහුව මාරුකර යවන්නැයි ඉල්ලීමක් කර ඇත. 
 
එම තත්ත්වය යටතේ වාචිකව ලබා දුන් මෙම සේවා මාරුව පිලිබඳව දැනගැනීමත් සමඟ පාසල තුල අර්බුදයක් හටගෙන ඇති අතර ආදී ශිෂ්‍යයින් විශාල පිරිසක් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පවත්වාගෙන යන ප්‍රබලයින් කිහිප දෙනෙකු හරහා ජනාධිපතිවරයා වෙත සිය විරෝධය දැනුම් දී ඇත. 
 
නව වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ කටයුතු මෙතෙක් නිම වී නොමැති අතර සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ එවන් කාලයක් තුල කිසිඳු විදුහල්පතිවරයෙකුට ස්ථාන මාරුවක් ලබා නොදීමයි .
 
 
 
''ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් වන'' ලෙසට බලපෑම් !
 
එවන් තත්වයක් තුල තමාට ලබා දෙන බව පැවසූ ස්ථාන මාරුවට අදාල ලිපිය ලබා ගැනීමට රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා අද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හමුවීමට ගොස් ඇති අතර එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කොට ඇත්තේ, ''ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් වන'' බවට සඳහන් කොට ලිපියක් ලබා දෙන ලෙසයි.
 
එහෙත් විදුහල්පතිවරයා විසින් එය ප්‍රතික්ෂේප කොට ඇති අතර ලේකම්වරයා විසින් මෙලෙස ඔහුට ස්ථාන මාරුවීමක් ලබා දීමට උත්සාහ කරනුයේ ඔහුට හිතවත් වෙනත් පුද්ගලයෙකු එම තනතුරට පත් කර ගැනීමේ අරමුණෙන් විය හැකි බවට අධ්‍යාපන අමාත්‍යංශයේ රාවයක් පැතිරයමින් තිබේ.
 
 
################
 
 
'ද ලීඩර්' පුවත් විශේෂාංගය 
 
වීඩියෝ ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්