පසුගිය අයවැය සමයේදී ලංකා බැංකුවෙන් කෝටි ගණනක ණය මුදලක් ලබාගනිමින්, සිගරට් තොග ගණනින් රැස් කල ගජමිතුරු ව්‍යාපාරිකයාට, සහනයක් ලබා දීම සඳහා ඉදිරියේදී සිගරට් මිල රුපියල් පහකින්
වැඩිකිරීමේ සුදානමක් ගැන ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.
 
මේ  ප්‍රකට ව්‍යාපාරිකයා  සිගරට් මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල රුපියල් කෝටි 215 කි.
 
අදාල කෝටිපති ව්‍යාපාරිකයා ආණ්ඩුවේ ඉහළම තැන්වල ගජමිතුරෙකු පමණක් නොව, රාජ්‍ය සමාගමක සභාපතිවරයකු ද වේ.
 
 ඔහු එම ණය මුදල ලබාගෙන ඇත්තේ, සිගරට් තොග ලංකා බැංකුවට ඇපකරයට තබමින් ලබා ගන්නා ඇපකර ණයක් ලෙසිනි. එනම්, ප්ලෙජ් ලෝන් එකක ලෙසිනී .
 
ඒ අනුව මේවනවිට එම සිගරට් තොග වෙනම ගබඩාකර බැංකුවේ සහ අදාල සමාගම භාරයේ රඳවා ඇත.
 
සාමාන්‍යයෙන් බැංකුවක් ප්ලෙජ් ලෝන් නිකුත් කරන ආකාරයක් තිබේ. බැංකුව පැත්තට අවධානමක් පැමිණියහොත්  ඇපකරය හරහා ඒ අවධානමින් මිදීමේ අවස්ථාව එමගින් බැංකුවට ඇත.
 
 නමුත් මේ කුප්‍රකට ණය නිකුතුවේදී ලංකා බැංකුවේ ඇපකරය සිගරට් ය. ඒ කියන්නේ බැංකුව පැත්තට අවධානමක් ආවා නම් ලංකා බැංකුවට විකුනන්න සිදුවෙන්නේ සිගරට් !
 
මෙහිදී අවධානය යොමුකළ යුතු තවත් වැදගත් කරුණක් ඇත. ඒ මේ ණය ඉල්ලුම පිළිබඳව යි.
 
මේ ණය ඉල්ලුමේ සඳහන් කර ඇත්තේ, අයවැයෙන් සිගරැට් මිල වැඩිවීමේදී ඊට පෙර අතිරේක සිගරට් තොග රැස් කිරීම මගින් ලාභ ඉපයීම සඳහා එම ණය මුදල නිකුත් කරන ලෙසයි.
 
ලංකා බැංකුවේ මේ මුදිත ගුණය නිසා තවමත් බැංකුව සිටින්නේ සිගරට් විකිණීමට වැටෙන්න ඔන්න මෙන්න තැනකය. ඒ පසුගිය අයවැයේදී සිගරට් මිල ඉහළ නොගිය නිසාය.
 
අයවැයේදී සිගරට් මිළ වැඩි නොකිරීම නිසා මේ ව්‍යාපාරිකයා ද බලවත් අසීරුතාවකට පත්ව ඇත.
 
ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව සිගරට් විකුණයිද ? නැත්නම් ගජ මිතුරාගේ ණය පියවන්න ආණ්ඩුව සිගරට් මිල වැඩි කරයිද ? 
 
අද (08) 'ද ලීඩර් tv පුවත් විශේෂාංගය' ඒ පිළිබඳව සිදුකෙරෙන විවරණයකි.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්