සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙළෙත්,
රනිල් වික්‍රමසිංහගේ එජාපයේ වැඩ පිළිවෙළෙත් අතර මහ ලොකු වෙනසක් පෙනෙන්නට නැතැයි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.
 
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ වසර කිහිපයක් තමන් සමග එකම පන්තියේ සිටි සජිත් ප්‍රේමදාස මිතුරා සම්බන්ධයෙන් මෛත්‍රී ගුණරත්න එවැනි විවේචනයක් ඉදිරිපත් කර ඇත්තේ, 'ඒෂියන් මිරර්' වෙබ් අඩවිය හා පැවති සාකච්ඡාවක දීය.
 
පසුගිය මහා මැතිවරණයේ දී සමගි ජන බලවේගය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ මෛත්‍රී ගුණරත්න, එම පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත්වූ බදුල්ලේ දිස්ත්‍රික් නායක රවී සමරවීර, ලක්ෂ්මන් සෙනෙවිරත්නට හා පලාත් සභාවේ හිටපු විපක්ෂ නායක ර.මු.රත්නායකට වඩා මනාප ඡන්ද හිමිකර ගනු ලැබීය. 
 
මෛත්‍රී ගුණරත්න එම සම්මුඛ සාකච්ඡාවේ දී දැන් ‘‘රනිල් ගේත්, සජිත් ගේත් වැඩි වෙනසක් නෑ‘‘ යැයි කියන්නේ ආණ්ඩුව විසින් සජබ මෙහෙයවන තත්වයක් මතු ව ඇති බවට සැක මතුකරමිනි.
 
 
 
ශිරාල් -රජිත - මෛත්‍රී හා අසාද් සාලි කැපිල්ලක් !
 
ශිරාල් ලක්තිලක හා රජිත කීර්ති තෙන්නකෝන්, මෛත්‍රී ගුරණත්න, අසාද් සාලි යන ආණ්ඩුකාරවරුන් කිසි අයෙකුට මෙතෙක් සජබ හි කිසිඳු වගකීමක් හෝ තනතුරු කිසිවක් ලබා දී නොමැත.
 
ඔවුන්ට තනතුරු ලබාදීමට විරුද්ධත්වය පළ කර ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික කිහිප දෙනෙකු බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
 
යහපාලන ආණ්ඩුව මෙන්ම සජබ ගොඩ නැගීමේ විශාල කාර්ය භාරයක් සිදු කල ශිරාල්, මෛත්‍රී, කීර්ති ට 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී එජාපයෙන් නාම යෝජනා නොලැබුණේ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටීම නිසාය.  
 
එමෙන්ම, එජාපයේ අමාත්‍යවරුන් තනතුරු දරණ කිසිදු අමාත්‍යාංශයක කිසිදු තනතුරක් ඔවුන්ට නොලැබුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුව ඔවුනට යහපාලන රජයේ කැපී පෙනෙන තනතුරු ලබා දෙන ලදී. 
  

 
 
'ද ලීඩර්' පුවත් විශේෂාංගය 
 
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්