කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කිරීමට ලංකාණ්ඩුව තීරණය කර ඇති

හිටපු ගුවන් හමුදා ප්‍රධානියා  යුද අපරාධ චෝදනා ලබන අයකු බැවින් ඔහුගේ පත් කිරීම භාර නොගන්නා ලෙස ඉල්ලා එරට බලපෑම් කණ්ඩායමක් කැනඩා ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කර තිබේ. 

කැනඩාවේ මීළඟ තානාපතිවරයා ලෙස හිටපු  ගුවන් හමුදා  ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස්ගේ පත්වීම පසුගිය දා අනුමත කරන ලදී. 
 
 ඔහුගේ එම  පත්වීමට කැනඩාවේ දෙමළ අයිතිවාසිකම් කණ්ඩායම (TRG) දැඩි ලෙස විරුද්ධ වී තිබේ.
 
 දෙමළ අයිතිවාසිකම් කණ්ඩායම (TRG) පවසන්නේ එයාර් චී‌ෆ් මාෂල් ඩයස්, යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාරයන්ට අදාලව සාපරාධී විධාන දීමට වගකිව යුත්තෙකිය යන්න පිළිබඳව ප්‍රබල සාක්ෂි ඇති බවයි.
 
 එමෙන්ම, ‘පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තියේ’ සම්මතයන් උල්ලංඝනය කළ බවට ද TRG ය ඔහුට චෝදනා කරයි.
 
 දෙමළ අයිතිවාසිකම් කණ්ඩායම (TRG) පවසන්නේ එයාර් චී‌ෆ් මාෂල් ඩයස්, යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාරයන්ට අදාලව සාපරාධී විධාන දීමට වගකිව යුත්තෙකිය යන්න පිළිබඳව ප්‍රබල සාක්ෂි ඇති බවයි. එමෙන්ම, ‘පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තියේ’ සම්මතයන් උල්ලංඝනය කළ බවට ද TRG ය ඔහුට චෝදනා කරයි.
 
“අපි කැනඩා රජයෙන් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ, එයාර් මාෂල් ඩයස් අනභිමත හා අප්‍රිය සහගත පුද්ගලයකු (persona non grata)’ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දෙන ලෙස යි” යනුවෙන් එම කණ්ඩායම කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ වෙත යවා ඇති ලිපියක දැක්වේ.
 
 ඔහුට එරෙහිව තවදුරටත් තහංචි පැනවිය යුතුද යන්න නිශ්චය කිරීම සඳහා වන විමර්ශනයකට මුල පුරන ලෙසද එහි දී ඔවුන් කැනඩා රජයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
 
 ශ්‍රී ලංකාවේ යුද හමුදා සහ නාවික හමුදා ප්‍රධානීන් විදේශයන්හි දී මෙවැනි කටුක අත්දැකීමකට මීට ඉහතදී  මුහුණ දී ඇත්තේ වී මුත්, ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලයක සේවය සඳහා යන හිටපු ගුවන් හමුදා ප්‍රධානියකු රටකට ඇතුළු වීම අත්හිටුවන්නැයි විදේශීය ආණඩුවකට බලපෑමක් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි.
 
 රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියට අනුව, යම් රාජ්‍යයකට ඕනෑම වේලාවක සහ තම තීරණය පිළිබදව පැහැදිලි කිරීමකින් තොරව, තම රටට පැමිණෙන යම් දූත මණ්ඩල ප්‍රධානියකු හෝ දූත මාණ්ඩලික කාර්ය මණ්ඩලයේ ඕනෑම සාමාජිකයෙකු ‘අප්‍රිය සහගත පුද්ගලයෙක්’ බව ඔහු එවන රාජ්‍යයට දැනුම් දිය හැකිය.
 
 ඔහු බාරගත යුතු රාජ්‍යයේ භූමියට පැමිණීමට පෙරම හේ ‘අප්‍රිය සහගත පුද්ගලයෙක්’හෝ නොපිලිගත හැක්කෙකැයි  ප්‍රකාශයට පත් කළ හැකිය.
 
 ශ්‍රී ලංකාව සහ කැනඩාව යන රටවල් දෙකම මෙම සම්මතයේ පාර්ශවකරුවන් වේ.
 
එයාර් චී‌ෆ්  මාෂල් ඩයස් ‘අප්‍රිය සහගත පුද්ගලයෙක්’ යැයි කැනඩාවෙන් නිකුත් කෙරෙන නිවේදනයක් වේනම් එය නොතකා ඔහු කැනඩාවට පැමිණියහොත්, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, යුද අපරාධ සහ වර්ග සංහාරය  සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමේ විභවයක් පවතී.
 
එයාර් චී‌ෆ්  මාෂල් ඩයස් ‘අප්‍රිය සහගත පුද්ගලයෙක්’ යැයි කැනඩාවෙන් නිකුත් කෙරෙන නිවේදනයක් වේනම් එය නොතකා ඔහු කැනඩාවට පැමිණියහොත්, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, යුද අපරාධ සහ වර්ග සංහාරය  සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමේ විභවයක් පවතී.
 
 යුද කාලීන උල්ලංඝනය පිළිබඳව පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකාව එකඟතාව පලකළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ රාජ්‍යයන් වන්නේ කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝව සහ එක්සත් රාජධානියයි.
 
ගෝඨාභය රාජපක්ෂ යටතේ ඇති නව රජය ඊට අනුකූලවීමට තම අකමැත්ත නිවේදනය කර තිබේ.
 
Jaffna school girls Murder
දෙමළ අයිතිවාසිකම් කණ්ඩායම සුමංගල ඩයස්ට එල්ල කරන චෝදනා අතර ‘සෙන්චෝලේ ගුවන් බෝම්බ ප්‍රහාරය’ ද ඇතුලත්ය.
 
2006 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් සෙන්චෝලේ බාලිකා අනාථ නිවාසයට බෝම්බ හෙලීමෙන් අවම වශයෙන් ගැහැනු ළමයින් 53 ක් මිය ගොස් 120 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
 
2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වාර්තාවේ මෙම සිදුවීම දක්වන්නේ “එහි ළමයින් සිටින බව ඒ අවස්ථාව වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැන සිටි බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබේ. ඒ අනුව මෙය මූලික වශයෙන් සිවිල් ඉලක්කයකට එරෙහිව එල්ල කළ අසමාන ප්‍රහාරයකි” යනුවෙනි.
 
 වාර්තාව වැඩිදුරටත් කියන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිරායුද වැසියන්ගේ ජිවිත හානි වලක්වා ගැනීමට හෝ අවම කිරීමට අවශ්‍ය කිසිදු පුර්වාරක්ෂක වැඩපිළිවෙලක් නොයෙදූ බවයි.
 
 ඒ අනුව මෙම ප්‍රහාරය පැහැදිලිවම විශාල ඍජු  මිලිටරි වාසියක් මුල් කරගත්තක් බවද එය අවධාරණය කර ඇත. 
 
 ප්‍රහාරය දියත්වූ කාලය අතරතුරේ දී එයාර් මාෂල් ඩයස් ප්‍රධාන අණදෙන නිලධාරියා වූ හෙයින් මේ බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු යැයි කියනු ලැබේ.
 
 
යුද්ධයේ අවසන් අදියරේදී...
 
යුද්ධයේ අවසන් අදියරේදී ඔහු  ජ්‍යෙෂ්ඨ ගුවන් සම්බන්ධීකාරකවරයා ද වූ අතර හෙතෙමේ 57, 58 හා 59 යන පාබල සේනාංකවල  අණදෙන නිලධාරීන් සම්බන්ධීකරණයෙහි ද ක්‍රියාකාරීව මැදහත්ව සිටියේ ය.
 
යුද්ධයේ අවසාන අදියරේ දී භූමියේ  සටන්වල පෙරමුණ ගෙන සිටි මෙම සේනාංක බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් චෝදනා ලැබ සිටී.
 
Jagath ja
ජෙනරාල් ජගත් ජයසූරිය
 
 රාජ්‍ය තාන්ත්‍රික තනතුරු ප්‍රදානය මගින් යුද අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට මුක්තිය ලබා දීමට ලංකාණ්ඩුව යත්න දැරූ පළමු අවස්ථාව මෙය නොවේ.
 
 හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය ශ්‍රී ලංකාවේ බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ අසල්වැසි රටවල වගකීම ද සමගිනි.
 
 මෙම වෑයම ආපසු කැරකී ආවේ මානව හිමිකම් සංවිධාන එකතුවක් විසින් ඔහුට එරෙහිව නඩු පැවරීම සමගය.  ඒ අනුව ඔහුට ආපසු ශ්‍රී ලංකාවට බලා යාමට සිදුවිය.
 

 
'ද ලීඩර්' පුවත් විශේෂාංගය 
 
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්