තමිල්නාඩුවේ මැතිවරණ කාලය එළැඹෙත්ම දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයන්
ලෙස පෙනී සිටිමින් ඡන්ද රැස් කරගැනීමට වෙර දරන පක්ෂ සියල්ලටම පාහේ ‘ඊළම් ප්රශ්නය’ නැවත වතාවක් ආධාරකයක් බවට පත් වී තිබේ.
ශ්‍රී ලංකාවේ පළාත් සභා දිගටම පවත්වාගෙන යාම වෙනුවෙන් පෙරට පැමිණ සිටින පාලනයේ මෙන්ම විපක්ෂයේ ද ඉන්නාවූ සියලුම දේශපාලන පක්ෂ ඉන්දු-ලංකා ගිවිසුම අනුව පිහිටුවන ලද එම ආයතන අහෝසි කිරීම හෙලා දකිමින් එකාවන්ව හඬ නැගීම ආරම්භ වී ඇත.
පළාත් සභා වලට සහාය පල කරමින් පාලක AIDMK පක්ෂය විසින් සෙනසුරාදා පැවති මහා සභා රැස්වීමකදී යෝජනාවක් සම්මත කරගන්නා ලදී.
“ශ්‍රී ලංකාවේ පළාත් සභා අහෝසි කිරීම මධ්‍යම රජය විසින් නවතා දැමිය යුතුව ඇත.”
බලය බෙදීම අහෝසි කිරීමේ සැලසුම් හෙලා දකින තමිල්නාඩු මහ ඇමැති එඩප්පඩි පලනිසාමි විසින්ද යෝජනා කොට ඇත්තේ පළාත් සභා දිගටම පවත්වාගෙන යාම සඳහා ඉන්දීය මහ ආණ්ඩුව මැදිහත් වීමක් කළ යුතු බවයි.
ශ්‍රී ලංකාවේ රජයට ‘දැඩි අනතුරු ඇඟවීමක්’ කරන ලෙස ඉන්දීය අගමැතිට බලපෑම්
ඉන්දු-ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ස්ථාපිත කරන ලද බලය බෙදීමේ සැලසුම අකුලා දමන බව ඇඟවෙන වාර්තා කොළඹින් නිකුත්වනු දැකීමෙන් තමිල්නාඩුවේ සියලුම දේශපාලන පක්ෂ පාහේ මතබේද අතහැර කෝපයටත්, සන්තාපයටත් ප්‍රකාශයට පත් කර තිබේ.
තමිල්නාඩුවේ ප්‍රධාන විපක්ෂය වන DMK මීට ඉහතදී ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ පළාත් සභා දිගටම පවත්වාගෙන යාම තහවුරු කර දෙන ලෙසයි.
අගමැති නරේන්ද්‍ර මෝඩිගේ මැදිහත් වීම වෙනුවෙන් ලියන ලිපියකින් පක්ෂ නායක ටී ආර් බාලු යෝජනා කොට තිබුනේ ගිවිසුම රකින ලෙස ශ්‍රී ලංකාවේ රජයට ‘දැඩි අනතුරු ඇඟවීමක්’ කරන ලෙසයි.
කෙසේ වෙතත්, විවේචකයන් පෙන්වා දෙන්නේ ‘ඊළම සහ එහි ජනතාව ගැන ඡන්ද කාලයට පමණක් සිතන’ දේශපාලන පක්ෂ දශක ගණනාවක් තිස්සේ ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමල අනාථයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ප්‍රමාණවත් මැදිහත්වීමක් ඉන්දියාව තුල කර නැති බවයි.
දෙමළ ජනතාව සඳහා වෙනම නිජබිමක් සහ යුද අපරාධ චෝදනා පිලිබඳ පරීක්ෂණයක් ඇතුළු ඉල්ලීම් සහිත යෝජනා DMK සහ AIADMK පක්ෂ විසින් ප්‍රාන්ත මන්ත්‍රණ සභා තුල සම්මත කරගෙන තිබුනත්, වසර ගණනාවක් තිස්සේම එයින් ලැබුණු ප්‍රතිපලයක් නැත.
විදේශ කටයුතු පිලිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ අධිකාරිය මධ්‍යම රජය සතු වන අතර යෝජනා ඉදිරිපත් කිරීම හැර ඒ සම්බන්ධයෙන් ප්‍රාන්ත ආණ්ඩු වලට කළ හැකි බලපෑමක් නැත.
ඉන්දීය විදේශ ඇමැති, ජනාධිපති ගෝඨාභය හමුවූ අවස්ථාව
ඉකුත් දා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදුනු ඉන්දීය විදේශ ඇමැති සුබ්රමනියමේ ජයශංකර් බලය බෙදීමේ ගිවිසුම දිගටම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදහස් පළකර තිබුනද හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන සමග ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ හිටපු අගමැති රජීව් ගාන්ධිගේ නායකත්වය යටතේ පැවති කොන්ග්රස් පක්ෂය මේ තාක් ඒ ගැන අදහස් පල කොට නැත.
ඉන්දීය විදේශ ඇමැති සමග කොළඹ දී හවුලේ මාධ්‍ය හමුවක් පැවැත්වූ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද බලය බෙදීම සම්බන්ධයෙන් කිසිත් නොකියා ඉන්නට වග බලා ගත්තේය.
The Leader TV පුවත් විශේෂාංගය
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?