theleaderlk 01

 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ලේකම්වරයා රිමාන්ඩ් බාරයට පත්ව ඇති බවත්, දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයාට කොවිඩ් 19 අසාදනය වී ඇති බවත් වාර්තාවේ.
 
එම ආරංචි මාර්ගවලට රිමාන්ඩ් භාරයට පත්ව ඇත්තේ අගමැති මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් වන අතර  කොවිඩ් ආසාදනය වී ඇත්තේ කුමාරසිරි හෙට්ටිගේ ටය.
 
බිමත්ව රිය පදවා යතුරු පැදියක් යටකොට කිහිප දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විජයානන්ද හේරත් අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය (සඳුදා 11) දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇත. 
 
අගමැතිවරයාගේ ලේකම්වරයකු වූ කුමාරසිරි හෙට්ටිගේ කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේතධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියි.
 
ඒ අනුව ඔහු පාර්ලිමේන්තුවට පැමිණ, ආපසු යන තෙක් සමීප ආශ්‍රිතයන් සී.සී.ටී.වී. දර්ශන මගින් හඳුනා ගැනීමට අවශ්‍ය පියවර ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 
ජනවාරි මස 08 වැනිදා කුමාරසිරි හෙට්ටිගේ පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර සහානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමීප ආශ්‍රිතයන් කිහිපදෙනකු සිටින බව හදුනාගෙන ඇත.
 
එම ආශ්‍රීතයින් නිරෝධායනට යොමු කිරීමට සහ PCR පරීක්ෂාවන්ට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
 
ලේකම්වරයා ගැවසුණු ප්‍රදේශ විශබීජානුහරණය සදහා දැනටමත් පියවර ගෙන ඇත.
 
මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට කිසිදු බාධාවක් නැති අතර රාජකාරි කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යනු ලබන බව වේතධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කලේය.

නවතම පුවත්