බැඳුම්කරය හා පාස්කු ප්‍රහාරයේ වග කිවයුත්තන්ට නඩු දමන පොරොන්දු පිට බලයට පැමිණි
වත්මන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් එක නඩුවක් හෝ නොපැවරීම ගැන ලැජ්ජා විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.
 
විපක්ෂ නායක කාර්යාලයේ ඉරිදා (10) පැවැත්වූ පුවත්පත් සාකඡ්චාවක් අමතමින් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා එම කාරණය අවධාරණය කර සිටියේය.
 
 ලෝක දේශපාලන පරිනාමයේ ප්‍රතිපලයක් ලෙස රාජධානියෙන් වෙන්වී ජනරජයන් බිහි වීමෙන් පසුව ජනතා නියෝජිතයන්ට ලැබුනු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජන ඇතිකිරීම කිසිසේත් පිළිගත නොහැකි බව පෙන්වා දුන් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා, හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව නිසා ඔහුට ඇතිවූ ජීවිත තර්ජනය හේතුවෙන් ප්‍රමාණවත් ආරක්ෂාව සපයන්නැයි කථානායක හා පොලිස්පතිගෙන් ගෙන් ඉල්ලා සිටියේය.
 
හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් ජනපති ගැන කළ කතාවකදී ඔහුගේ මුල් නම සඳහන් කිරීම ගැන ජනපති අසතුටට පත් වී ඇති බවක් පසුගියදා අම්පාර උත්සවයකට ගිය අවස්ථාවේදී ජනපති කළ සඳහනකින් ගම්‍යවේ යැයි ද ඔහු කීය.
 
එහිදී තමාට පැති දෙකක් කියන බව සඳහන් කරමින් ජනපතිට වඩා ආරක්ෂක ලේකම් ලෙස වෙනත් මුහුනකුත් තිබෙන බව කළ සඳහනින් ජනාධිපති ලෙස අසාර්ථකයි කියන කාරණය ඔහුම පිළිගෙන ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.
 
මේ කලාපයේ පැරණි ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන රටක් ලෙස ලංකාවේ පෙර රාජ්‍ය නායකයන්ට ජනතාව ඩී.එස්, ජේ.ආර්., බණ්ඩා, සිරිමා, චන්ද්‍රික යනුවෙන් ඇමතු බවත් වත්මන් ජනපති ට නන්දසේන යනුවෙන් ඔහුගේ මුල් නමින් ඇමතීම වරදක් ලෙස  හුවා දැක්විය නොහැකි යැයි සඳහන් කළේය.
 
හරින් ප්‍රනානදු මන්ත්‍රීවරයා ජනපති ගැන කල එම ප්‍රකාශයට ජනපතිගේ ප්‍රතිචාරයෙන් පසුව ජීවිත තර්ජනයක් ඇතැයි කියමින් ඔහු ආරක්ෂාව තරකරන ලෙස ඉල්ලා ඇති හෙයින් ඒ පිළිබඳව වහා කටයුතු කර, ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබල වේගය ඉල්ලා සිටිනවා යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
 
Udayanga
ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට තුඩු දුන්නා යැයි සිතන ඔහු හෙළිකල මිග් යාන ගනුදෙනුවේ සැකකරුවෙකු වූ උදයංග වීරතුංග 
 
රාජපක්ෂ රජයන් යටතේ සිදු වූ ඝාතනයන්, දූෂනයන් හ වංචාවන් පිළිබඳ සඳහන් කළ මන්ත්‍රීවරයා, වසර 12 ක් ගත වූවද ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් එම පවුලට සාධාරනය ඉටුවී නොමැති බවත් කියා සිටියේය.
 
ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනයට තුඩු දුන්නා යැයි සිතන ඔහු හෙළිකල මිග් යාන ගනුදෙනුවේ සැකකරුවෙකු වූ උදයංග වීරතුංග ව යහපාලන රජය සමයේ පිටුවහල් කර ලංකාවට ගෙන ඒම අධිකරණ ක්‍රියාවලියේ සාර්ථකත්වයක් වූවද ඔහු දැන් නිදහසේ පාලක පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම නීතිය ගැන විශ්වාසය පලුදු කිරීමක් ලෙස හැඳින්විය හැකි යැයි ඔහු කීය.
 
ලසන්ත වික්‍රමතුන්ග ඝාතනය පිළිබඳව හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකානු අධිකරණයේ නඩු පවරා ඇති බවත්, එමෙන්ම මිග් ගනු දෙනුව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අධිකරණයේ නඩුවක් පවරා ඇති බවත් පෙන්වා දුන් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා, එහෙත් පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තන්ට දඬුවම් දෙනවා, බැඳුම් කර හොරුන්ට නඩු පවරනවයි පොරොන්දුවෙමින් බලයට පත් වූ මේ රජය මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුටත් අධිකරණයක නඩුවක් හෝ පවරා නොමැති බව කියා සිටියේය. 
 

 


 

The Leader TV පුවත් විශේෂාංගය 
 
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්