ප්‍රතිවාදියාගේ මතය ඉවසීමට විනයක් තිබිය යුතු බව

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. මාතර ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 
 
මාතර, මොරවක ප්‍රදේශයේ දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාංගනයක ආලෝක පද්ධතිය විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් විවෘත කර තිබේ.
 
පෙරේදා  (09) රාත්‍රියේ එහි ප්‍රදර්ශන තරගය පැවැත්වෙන අතරතුර හදිසියේ විදුලිය විසන්ධි වීමක් සිදුවිය.
 
එහිදී අමාත්‍යවරයා අදහස් දක්වමින් පවසා සිටියේ, “ඩලස් ගාලා ගියා කියලා හිතුවේ ගිය වේගයෙන්ම ඩලස් ගාලා ආපහු කරන්ට් එක ආවා.“ යනුවෙනි.
 
“පාර්ලිමේන්තුව ලෙස බලා ඉන්නකොට මොකද්ද අපිට පේන්නේ. තමන්ගේ ප්‍රතිවාදයාගේ මතය කොයි තරම් ඉවසනවා ද? විපක්ෂය, ආණ්ඩු පක්ෂයේ පසමිතුරු කණ්ඩායමේ මන්ත්‍රීවරයාට ආමන්ත්‍රණය කරන්නේ කොහොම ද? කැලේ ඉන්න හැම සතාගේම නම් කියලා බනිනවා. සිංහයාගේ ඇරෙන්න හැම සතාගේම කියනවා. උඹ සිංහයා කියලා කියන්න බෑනේ. එහෙම චරිත ඝාතනය කරන මොන පක්ෂයක මොන මන්ත්‍රී දිහා බැලුවත් ඒකටත් මහා පොදු සාධකයක් තියෙනවා. ඒ කවුරුවත් තමන්ගේ පාසල් ජීවිතේ දී වත් ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙක් වෙලා ඉදලා නෑ. මේක විඳගන්න බෑ. ඔරොත්තු දෙන්නේ නෑ.“
 

 
 

dalas

 
ජනාධිපති මලපැනපු හරින්ගේ කතාව !
 
ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා එසේ ප්‍රතිවාදියාගේ මතය ඉවසීමට විනයක් තිබිය යුතු බව අවධාරණය කර සිටියේ, එදිනම උදැසන  ජනාධිපතිවරයා අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට තර්ජනාත්මකව ප්‍රතිචාර දක්වා තිබියදී වීම විශේෂ කාරණයකි.
 
හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට 'නන්දසේන' නමින් ආමන්ත්‍රණය කර තිබීම එසේ දෝෂාරෝපණය කර තර්ජනය කිරීමට හේතුවී තිබිණ.
 
එසේම, ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසන්නේ, හරින් මන්ත්‍රීවරයා ජනාධිපතිගේ උපදේශකයකු ලෙස අනුරාධපුරයේ අයකු සිටින බවට කළ ප්‍රකාශය ගැන ජනාධිපතිවරයා කනස්සල්ලට පත්ව සිටී බවයි.
 

 
 
 
සබැඳි පුවත් :
 
 
 

 


 

The Leader TV පුවත් විශේෂාංගය 
 
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්