විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් විනිසුරුවරුන්ට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට වසර හතරක බරපතළ වැඩ සහිත
 
සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජනවාරි 12) නියෝග කළේය.
 
ශ්‍රී ලංකාවේ බහුතර විනිසුරුවරුන් සහ නීතිඥවරුන් දූෂිත බවත් ඔවුන් මුදල් වලට වැඩ කරන බවට රංජන් රාමනායක හිටපු ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ඔහු අවස්ථා ගණනකදී එනම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදී පවා තහවුරු කර ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු සිසිර ද ආබෲ පවසා සිටියේය.
 
එම ප්‍රකාශය තමා කිසිම හේතුවක් මත ඉවත් නොකරගන්නා බවට විත්තිකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බවත් මෙම කරුණු අධිකරණයේ කැඳවූ සාක්ෂි වලින් සනාථ වන බවත් විනිසුරු සිසිර ද ආබෲ වැඩිදුරටත් සඳහන් කළේය.
 
අද දින මෙම නඩුව සිසිර ද ආබෲ, විනිසුරු  විජිත් මළල්ගොඩ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අතර ඔවුන්ගේ ඒකමතික අනුමැතියෙන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන ලදී .
 
මෙම තීන්දුව වහා ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරනු ලැබිය.
 
2017 වසරේ අගොස්තු මස 21 දා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරනයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණ.
 
 
පිල්ලෙයාන්ට එරෙහි නඩුව :
 
 
මේ අතර පහළොස් අවුරුද්දකට ඉහත නත්තල් දා රෑ දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රසේකරන් නොහොත් පිල්ලෙයාන් ට එරෙහිව මඩකලපුව මහාධිකරණයේ විභාග වන නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (11) අධිකරණයට දැනුම් දී තිබේ.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රසේකරන් මේවනවිට ආණ්ඩු පක්ෂය නියෝජනය කරයි.
 
 
 

 
 
WhatsApp Image 2021 01 12 at 3.13.58 PM
 
 
WhatsApp Image 2021 01 12 at 3.13.59 PM
WhatsApp Image 2021 01 12 at 3.12.47 PM
 
 
 
අද මෙතන - හෙට අතන - හිමි රතන - ආණ්ඩුවට!
 
 
 
####################

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්