විශ්ව විද්‍යාල ශිෂ්‍ය සුබසාධනය වෙනුවෙන් ලැබිය යුතු කෝටි හැට හතකට අධික මුදලක් මහපොළ භාරකාර  අරමුදලට අහිමිවී ඇති ආකාරය කෝප් කමිටුව හමුවේ හෙළිදරව් වී තිබේ.
 
 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියකු  හරහා අළෙවි කිරීමෙන් පසු එම පුද්ගලයා එමගින් උපයාගත් රුපියල් මිලියන 673 ක මුදල මහපොළ  භාරකාර අරමුදල වෙත ලබා දී නොමැති වග කෝප් යන කෙටි නමින් හඳුන්වන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වු බවයි.
 
 
 
 
 මෙය මහා පරිමාණ දුෂණයක් බැවින් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන ට කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් දැනුම් දුන් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.
 
 
 
කෝප් කමිටුවේ සභාපති එම දැනුම් දීම කර ඇත්තේ ජනවාරි 8  දින කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
 
 රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන එරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ජයමහ, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ එස්.එම්. මරික්කාර් ද එම අවස්ථාවට එක්ව තිබේ.
 
 මහපොළ  භාරකාර  අරමුදල යටතේ පවතින පාලිත සමාගම්හි සුරැකුම්පත් ගණුදෙනු තුළින් ප්‍රමාණවත් ප්‍රාග්ධන ප්‍රතිලාභ නොලැබීම හේතුවෙන් 2015 සහ 2016 වර්ෂ වලදී පිලිවෙලින් රුපියල් මිලියන 18ක හා රුපියල්  මිලියන 102 ක අලාභයක්ද, 2017 වර්ෂයේ නැෂනල් වෙල්ත් සංස්ථාවේ ආයෝජන උපයෝගී කොට ගෙන කළ ප්‍රතිමිළදී ගැනීම් වල ගණුදෙනු තුළ රුපියල්  මිලියන 13ක අලාභයක් සිදුවී තිබෙන බවද  පෙන්වා දුන් කෝප් කමිටුව මෙම අක්‍රමිකතා හේතුවෙන් අරමුදලට මහත් වූ අලාභයක් සිදුව ඇති බව අවධාරණය කර තිබේ.
 
 ඒ සම්බන්ධයෙන් කරණු දැක්වූ නිලධාරීන් පවසා ඇත්තේ මෙම ආයතන තවදුරත් පාඩු මත පවත්වාගෙන යාම අනවශ්‍ය බැවින් ඈවර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ලැබී තිබෙන බවයි.
 
 නිසි පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා දීමෙන් අනතුරුව මෙය ඈවර කිරීම ගැටළුවක් නොවන නමුදු මෙවැනි මහා පරිමාණ වංචාවක් සිදුව ඇති අවස්ථාවක නිසි පරීක්ෂණයකින් තොරව  මෙම ආයතන එලෙස ඈවර කිරීම නුසුදුසු යැයි  කෝප් කමිටු සභාපති  මහාචාර්ය චරිත හේරත් පැවසු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වැඩි දුරටත් නිවේදනය කර තිබේ.
 
 
 
###################
 
මහින්ද සුළඟ' බැසිල්ට එරෙහි කුණාටුවක් වෙයිද ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්